පළමු ශ්‍රාවක රහතන් වහන්සේලා හැට නමට ගිහි කල කණ්ඩායම් ලිංගික ක්‍රියාකරම්වල යෙදුණු පිරිසක් ඇතුලත් ද?

පස්වග මහණුන්ගේ පැවිදි වීම සිදුව ඇත්තේ බෝසතානන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණයට අනතුරුව ඒ ගැන අසන්නට ලැබීමෙන් පසුවයි. පළමු ශ්‍රාවක රහතන් වහන්සේලා හැට නමට අයත් වන්නේ රහත් බව ලැබූ පස්වග මහණුන්, යසකුලපුත්‍රයා, යසකුලපුත්‍රයාගේ මිතුරන් හතර දෙනෙක් වන විමල සුබාහු පුණ්ණජි ගවම්පති යන හතර දෙනා සහ යසකුලපුත්‍රයාගේම තවත් මිතුරන් පනස් දෙනෙක්. භද්දවග්ගිය කුමාරවරු තිස් දෙනා ඒ පිරිසට අයත් නෑ. ඒ පිරිස පැවිදිව ඇත්තේ ඊට පසුවයි. භද්දවග්ගිය කුමාරවරු කැලයේ හැසිරෙන්න ගිහින් තියෙන්නේ ඔවුන්ගේ බිරියන් සමඟ. එක් කුමාරයෙකුට බිරියක් නොවූයෙන් වෙසඟනක් රැගෙන ගොස් තිබෙනවා. ඔය විස්තරය ඉහත දැක්වෙන වීඩියෝවේ ආරම්භක විනාඩි දාහතක පමණ කාලය තුළ කියැවෙන දේට කොහොම සමපාත කරන්නද? ඒ කාලය තුළ කියැවෙන තවත් අපභ්‍රංස තියෙනවා.

වීඩියෝවේ සඳහන් වන්නේ අදහස් ඉදිරිපත් කරන්නේ සුජිත් අක්කරවත්ත නම් ප්‍රවීණ සාහිත්‍යවේදියෙකු බවයි. එතුමා ත්‍රිපිකටය අටුවාව ඉක්මවන්නේ නැතුව අදහස් ඉදිරිපත් කළා නම් තමයි සුදුසු.

සබැඳි:

  1. විසුද්ධජනවිලාසිනී ආපදානට්ඨකථාවේ අඤ්ඤාකොණ්ඩඤ්ඤ ථෙරාපදානය
  2. ත්‍රිපිටකයේ විනය පිටකයේ මහාවග්ගපාළියේ පඤ්චවග්ගියකථා
  3. ත්‍රිපිටකයේ විනය පිටකයේ මහාවග්ගපාළියේ පබ්බජ්ජාකථා
  4. ත්‍රිපිටකයේ විනය පිටකයේ මහාවග්ගපාළියේ භද්දවග්ගියවත්ථු