ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වරම සහ ඇපල් විජේගේ වරම

දහ තුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් පාලන ආයතනවලට ලබාදී ඇති බලතල සම්පූර්ණයෙන් බල ගැන්වීමට ලංකාවේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වර්තමාන ජනතාවගෙන් ලැබී ඇති වරමක් නැතැයි කීම ඉහත වීඩියෝවේ කියැවෙන ආකාරයට ඇත්ත යැයි හිතමුකෝ. ඒත් ඇපල් විජේට ඉහත වීඩියෝවේ දැක්වෙන ආකාරයට ජනාධිපතිවරයාට නියෝග නිකුත් කරන්න සහ දේශපාලන පක්ෂ නායකයින් ගැන විවේචන ඉදිරිපත් කරන්න වරමක් තියෙනවා යෑ? සංඝයා කෙරෙහි බොහෝ පිරිස් තුළ අප්‍රසාදය ඇතිවන පරිදි ඒ ආකාරයේ ක්‍රියාවක් කරන්න ඇපල් විජේට බුදුහාමුදුරුවෝ වරමක් දීලා තියෙනවා යෑ?

එහෙම බලපුවාම දෙන්නම එක වාගේ. දෙන්නම කරන ඒ ඒ ක්‍රියාවන්ට දෙන්නටම වරම් නෑ.

මෙතනදී ඇපල් විජේ තමයි ජනතාවට විහිළු සපයන්නෙක් වෙන්නේ. තමන් හෙලුවන් සිටිමින් අනුන් හෙලුවෙන් සිටීම පිළිබඳ විවේචන කරන්න පුළුවනෑ?