ඉහත දැක්වෙන්නේ මීට වසර තුනකට පමණ පෙර යම් කිසි අයෙක් යූටියුබ් වෙබ් අඩවියට උඩුගත කළ වීඩියෝවක්. ඒත් මගේ මතකයේ හැටියට බලංගොඩ ආනන්ද මෛත්රීය හිමිගේ මේ අදහස් දැක්වීම මම අන්තර්ජාලයේ වීඩියෝවක දැක්කේ මීට වසර දහයකට පමණ පෙර.
මේ ලිපිය කියවන සමහර අය ෂෝකෝ අසහාරා (Shoko Asahara) ගැන අහලා නැති වෙන්න පුළුවන්. ඔහු පිළිබඳ බොහෝ විස්තර අන්තර්ජාලයේ පවතින නිසා මම ඔහු ගැන විස්තර ලියන්න යන්නේ නැහැ.
මේ වීඩියෝවේ අන්තර්ගතය ගැන නුවනැත්තෝ සියුම්ව විමසා බැලීම වටිනවා.
බලංගොඩ ආනන්ද මෛත්රීය හිමි කියන්නේ මීට වසර විසි අටකට පමණ පෙර අපවත් වූ බුද්ධ ශාසනයේ චිරස්ථිතියට ඉමහත් කැපවීම් කළ සුවිශේෂී භික්ෂූන් වහන්සේ නමක්. ඉහත දක්වන ලද වීඩියෝවේ අන්තර්ගත උන්වහන්සේගේ අදහස් දැක්වීම සියුම්ව විමසා බලා තම තමන්ගේ ධර්ම ඥානය වැඩිදියුණු කර ගැනීම පිණිස භාවිතා කරනවා විනා සීමාව ඉක්මවා උන්වහන්සේට දොස් පැවරීමට භාවිත කිරීම සුදුසු නෑ.
අන් පුද්ගලයින් ගැන අදහස් දැක්වීම නොකර සිටීමත් සුදුසු ක්රියාවක් නොවෙයි. යහපත් පුද්ගලයින්ව පැසසීමත්, අයහපත් පුද්ගලයින්ව ගැරහීමත් සුදුසු කළට කිරීම යහපත් ක්රියාවක්. සමාජයේ මනා පැවැත්මට එය කළ යුතුයි. එසේ කරන විට හොඳින් විමසා බලායි එය කළ යුත්තේ.