වචනවලින් බණ කීම පිළිබඳව පිටිදූවේ තුච්ඡ සිරිධම්ම ඇඹරෙයි

නොදන්න නිවන් මඟක් ගැන කියාගන්ඩ අසමත් පිටිදූවේ තුච්ඡ සිරිධම්ම ස්වකීය අනුගාමිකයින්ට වචනවලින් බණ කීම ගැන ප්‍රලාපයක් දෙසන අයුරු ඉහත වීඩියෝවේ දැක්වෙනවා. එහි මෙසේ පැවසෙනවා:

එතකොට මං අහන්නේ මේ බුදුවරු බණ කියන්නේ වචනවලින් ද කියලා? බුදුවරු වචනවලින් බණ කියන්නෑ. කවුරුහරි මෝඩයෙක් කියනවා නං බුදුවරු වචනවලින් බණ කියනවා කියලා, ඒකා මෝඩයෙක් මිසක් ඒකා ඔය මාර්ගය දන්න කෙනෙක් වෙන්ඩත් බෑ.

බුදුවරු වචනවලින් බණ නොකියයි!

කියන එක තේරුං ගන්න. වචනවලින් බණ කිව්වනං, ඇයි අර චුල්ලපන්ථක තෙරුන්වහන්සේට රෙදි කෑල්ලක් දුන්නේ? ඇයි ස්වර්ණකාරක භික්ෂුවට මලක් මවලා පෙන්නුවේ? ඈයි ඛේමා මෙහෙණියට රූපයක් ගැන යථාර්ථය පෙන්නන්න සැලැස්සුවේ?

බුදුවරු දේශනාව පවත්වන්නේ පුද්ගලයාගේ සිතට දැනෙන ක්‍රමයකට පමණයි. ඒක භෞතික දෙයක් වෙන්න පුළුවන්, මොකක් හරි පොඩි දෙයක්. මොකක් හරි දෙයක්. ඒක හිතා ගන්න බෑ. එතකොට එයා ඒක ගැන කල්පනා කරලා ඒකෙන් අවබෝධ කරන්නේ.

කෙනෙක් මේ මාර්ගය හරියටම අවබෝධ කරනවා නං එයා වචනවලින් අවබෝධ කරන්නේ නෑ. වචනවලින් අවබෝධ කළොත් නිවන අවබෝධ වෙලා තියෙන්නේ සාපේක්ෂ නිර්වාණයක් ද, නිරපේක්ෂ නිර්වාණයක් ද? සාපේක්ෂ නිර්වාණයක්.

...

කිසිම බුදු කෙනෙක් නිවන වචනෙන් කියන්නෑ. වචනයෙන් කිව්ව ගමන් ග්‍රහණය වෙන්නේ ඇත, නැත කියලා දෙකෙන් ග්‍රහණය වෙන්නේ. වචන හදලා තියෙන්නේ ඇත, නැත දෙක කියන්න. එහෙම නැතුව කොහොමෙයි වචන කියන්නේ?

මේවා සම්පූර්ණ බොරුවක් කරනවා. මිනිස්සුන්ට හොඳට අන්දනවා. ...

...

වචනවල නිවන නැත, අර්ථයෙහි මාර්ගය තියෙන්නේ. යම්කිසි කෙනෙක් වචනවලින් නිවන කියන්න යනවා නං එයා බරපතල පාපයක් කරගන්නවා. මොකක්ද කොරගන්න පාපය? ඈ? එයා අපාගත වෙනවා.

...

එසේ දෙසා ඇති තුච්ඡ සිරිධම්ම මහමෙව්නාවේ භික්ෂූන් වහන්සේලා සම්මාදිට්ඨිය පැහැදිලි කෙරුමට අපොහොසත් යැයි මෑතකදී චෝදනා කෙරුමක දී වචනවලින් අවබෝධය විස්තර කෙරුම පිළිබඳ පවසන ලද්දක් පහත දැක්වෙන වීඩියෝවේ සඳහන්ව තිබෙනවා. එම කොටස උපුටා ගන්නා ලද්දේ "සංගායනා සජීවී කථිකාව | ධර්ම යුද්ධය අවසානද?" යන මාතෘකා ඇතිව පළ කොට ඇති වීඩියෝවකින්.

හරේන්ද්‍ර: ඔබවහන්සේ කියන්නේ අවබෝධ වන යමක් පැහැදිලි කර දෙන්න තරම් වචන සම්භාරයක් හැම කෙනෙකුටම තිබිය යුතුයි කියලා.

තුච්ඡ සිරිධම්ම: අනිවාර්යයෙන්ම!

හරේන්ද්‍ර: එහෙම වෙන්න [බෑනේ]! සත්‍යය කියන එක සමහර වෙලාවට එක වචනයක් වෙන්න පුළුවන් අපේ හාමුදුරුවනේ, අතිශය පැහැදිලි කිරීමක් නොවෙන්න පුළුවන්.

තුච්ඡ සිරිධම්ම: පුළුවන් හරේන්ද්‍ර. අවබෝධ වන දේ වචනවලින් කීමට බැරි නං ඒ දර්ශනය දාර්ශනිකව ෆේල්. ඒක පසේ බුදු කෙනෙක් වගේ.

හරේන්ද්‍ර: ඒක හාමුදුරුවනේ වෙනම හැකියාවක් නේද? සන්නිවේදන හැකියාව ...

තුච්ඡ සිරිධම්ම: ඒක පසේ බුදු කෙනෙක් වගේ, පසේ බුදු කෙනෙක් වගේ. එතකොට පසේ බුදුවරු කරන්න ඕනෑ පැත්තකට වෙලා ඉන්න ඕනෑ. පසේ බුදුවරු කරළියට එන්න හොඳ නෑ. කරළියට එන්න ඕනෑ අවබෝධ වෙච්ච දෙය වචනවලට පෙරළන්න පුළුවන් අය විතරයි. එතකොට තමා ඒක සමාජ මතයක් වෙලා මිනිස්සු යහපත් වෙන්නේ. ...

වචනවලින් බණ කීම පිළිබඳව පිටිදූවේ තුච්ඡ සිරිධම්මගේ ඇඹරීම එබඳුයි.