පිටිදූවේ තුච්ඡ සිරිධම්ම ජනාධිපති ග්‍රාමසේවක යැයි පටලවා ගැනීම

ඉහත වීඩියෝවේ තුච්ඡ සිරිධම්ම මෙසේ පවසනවා:

රජ කෙනෙක් රජ කෙනෙක්! රජු රජු විදිහට ඉන්ඩ ඕනෑ. රජ්ජුරුවො ගෙදරින් බත් උයාගෙන ඇවිල්ලා දවල්ට කාලා ජනාධිපති මන්දීරයේ වැඩ කරලා ගෙදර යනවා නං ඌ රජ කෙනෙක් නෙවේ, ග්‍රාමසේවක කෙනෙක්.

රජගෙදර රාජ භෝජනය හදන්ඩ ඕනැ. ඒ රාජ භෝජනය කන්ඩ, වළදන්න එයට සුදුසුකම් ලබපු අය ඒ රජගෙදර ඉන්න ඕන. එයා තමයි රජ්ජුරුවො. නැත්තං එයා ග්‍රාමසේවක තාම, අමතක වෙලා. එහෙම උනාම ඒ රට අරාජික වෙනවා, රට විනාස වෙනවා.

තුච්ඡ පුද්ගලයෙක් තුච්ඡ පුද්ගලයෙක්! තුච්ඡ පුද්ගලයෙක් තුච්ඡ පුද්ගලයෙකු විදිහට ඉන්ඩ ඕනෑ. තුච්ඡ පුද්ගලයෙක් තමා රහත් යැයි ද, තමා බුදු යැයි ද දෙසනවා නං ඌ බුදු කෙනෙක් නෙවේ, තුච්ඡ පුද්ගලයෙක්.

බුදු සසුනේ ගැඹුරු අරුත් ඇති, ශූන්‍යතාප්‍රතිසංයුක්ත දහම් ඇසෙන්න ඕනැ. ඒ දහම් දෙසන්න, හෙළි කරන්න එයට සුදුසුකම් ලබපු අය ඒ සසුනේ ඉන්න ඕනැ. නැතුව තමන් රහත් යැයි පවසන තුච්ඡ පුද්ගලයෙකුගේ නන්දෙඩවිලි වලින් ඵලක් නෑ. නිෂ්ප්‍රයෝජන කථා ඇති දොඩමළු අය නං සසුනේ ඉන්නේ ඒ සසුන අරාජික වෙනවා, සසුන විනාස වෙනවා.