රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දා ශාසනය අතුරුදන් වීමට හේතු වන පිළිවෙතක් ශාසනයේ පැවැත්මට හේතු වන බව දක්වමින් ශාසනය අතුරුදන් කෙරෙන පිළිවෙතෙහි අන් අයව ද සමාදන් කරවීම

ඉහත වීඩියෝවේ ආරම්භයේ දැක්වෙන රාජගිරියේ අරියඥාන මහලු පැවිද්දාගේ මිසදිටු කථාව:

අතීතයේ වැඩසිටියා වූ ස්වාමීන් වහන්සේලා, උපසම්පදා භික්ෂූන් වහන්සේලා, සාමණේර ස්වාමීන් වහන්සේලා සියලූම දෙනා විනයගරුකව විනයකාමීව උතුම් ප්‍රාතිමෝක්ෂය ආරක්ෂා කරගෙන ජීවත් උනා නං නෝනා, සමහරවිට අද වෙනකොට සංඝ සමාජය හුඟක් දුර්වල වෙලා තියෙන්නත් පුළුවන්. සාසනය නැතිවෙලා තියෙන්නත් පුළුවන්. ...

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ මහාවග්ගයේ මහාපරිනිබ්බාන සූත්‍රයේ (236 පිටුව) දැක්වෙන බුදු වදන් පෙළක්:

පාලියෙන්:
ඉමෙ ච සුභද්ද භික්ඛූ සම්මා විහරෙය්‍යුං අසුඤ්ඤො ලොකො අරහන්තෙහි අස්සා”ති.

සිංහල පරිවර්තනය:
සුභද්‍රයෙනි, මේ මහණහු ද නිසි පරිදි වසන්නාහු නම් ලොව රහතුන් ගෙන් හිස් නො වන්නේ ය.”

අතිරේක කියවීම:

  1. රාජගිරියේ අරියඥාණ හිමි සංඝයාට තම තමන් කැමති පරිදි ධර්මයට හා විනයට අනුකූල නොවන දේත් කළ හැකිය යන අර්ථ ඇති ලෙස අධාර්මික සහ අවිනය කරුණු පැවසීමෙන් ප්‍රතිපදාව වැරදවීම