- අරි අට මඟ වැරදවීම: දරුවන් වැඩි වන විට ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩාගන්න ඇති අවස්ථා වැඩි වන බව පැවසීම

විනාඩි 3, තත්පර 45 ට පමණ:

"ආදරය කරපු කෙනෙකුට නැවත ආදරය කරන එකේ තේරුමක් නැහැ. ඒ නිසා නිරතුරුව ඔබ දරුවා තුලිනුත්, බිරිද තුලිනුත්, ස්වාමි පුරුෂයා තුලිනුත් මෙන්න මේ විදර්ශනා නුවණ මතු කරගන්න දක්ෂ නම් ඔබේ ගෙදර දරුවෝ දහ දෙනෙක් ඉදීම ඔබට වාසියක් වෙනවා පිංවතුනි. දරුවො එක්කෙනෙක් ඉන්න ගෙදරකට වඩා දරුවො දහ දෙනෙක් ඉන්න ගෙදර කෙනාට ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩාගන්න පහසුයි පිංවතුනි. ඒක හොදට තේරුං ගන්න. ඔබේ ඉදිරියට දවසට එන්නේ දහ දෙනෙක් නම් තව කෙනෙක්ගේ ඉදිරියට සිය දෙනෙක් එනවා නම් ඒ සිය දෙනා එන ඉදිරියට එන කෙනාට ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩාගන්න අවස්ථා වැඩියි පිංවතුනි. කෙනෙක් ඉස්සරහට දහයක් ආවොත්ද සම්මා සංකප්ප වැඩිපුර වඩන්න පුළුවන් සීයක් ආවොත්ද? සීයක් ආවොත් වඩන්න ලේසියි පිංවතුනි. නමුත් අපි ජීවිතයේ ධර්මයෙන් බැහැරව අධර්මයට අදාලව හිතන නිසා අපි පිංවතුනි කුසලය අකුසලයක් බවට පත්කරගන්නවා."