බුදුරජානන් වහන්සේ නාම රූප ධර්මයන් නැතැයි දේශනා කර තිබේ යැයි දික්කුඹුරේ සුභූති අධර්මයක් දෙසීම

* ඉහත දැක්වෙන වීඩියෝවේ මුල සිට අගට කියැවෙනුයේ ස්වල්ප මාත්‍ර වූ ධර්මය කළවම්ව ඇති අධර්මය කන්දරාවකි.

[ කාලය 1:00:04 ]

බුදුරජානන් වහන්සේලා ප්‍රථම නිබ්බාන සූත්‍රයේ දේශනා කරනවා පිංවතුනි, දේශනා කරනවා නාම රූප කියලා දෙහෙකුත් නැති බව. දේශනා කරනවා පිංවතුනි. ඒ නිසා ඕගොල්ලං හිතනවා නං භෞතික මට්ටමින් රූපයක් දැකලා, "ආ දරුවෙක් ඉපදිලා", "ආ කෙනෙක් වයසට ගිහිල්ලා", "ආ කෙනෙක් ලෙඩ වෙලා", "කෙනෙක් මරණයට පත්වෙලා" කියලා ඔබ හිතන එකක්ද, බලන්ට ලෝකය තුළින් හම්බවෙන එකක්ද කියලා. ඔබ හිතන දෙයක් මේක. ඒත් ඔබට හම්බවෙන්නේ භෞතික ලෝකයෙන් ඔය ධර්මතා හතර.

--

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දකනිකායේ උදානපාළියේ පාටලිගාමියවග්ගයේ පඨමනිබ්බාන සූත්‍රයෙන්:

[ පාලි භාෂාවෙන් ]

“අත්‌ථි භික්‌ඛවෙ තදායතනං, යත්‌ථ නෙව පඨවී, න ආපො, න තෙජො, න වායො, න ආකාසානඤ්‌චායතනං, න විඤ්‌ඤානඤ්‌චායතනං, න ආකිඤ්‌චඤ්‌ඤායතනං, න නෙවසඤ්‌ඤානාසඤ්‌ඤායතනං, නායං ලොකො, න පරලොකො, න උභො චන්‌දිමසූරියා. තත්‍රාපාහං භික්‌ඛවෙ, නෙව ආගතිං වදාමි, න ගතිං, න ඨිතිං, න චුතිං, න උපපත්‌තිං. අප්‌පතිට්‌ඨං අප්‌පවත්‌තං අනාරම්‌මණමෙවෙතං. එසෙවන්‌තො දුක්‌ඛස්‌සා”ති.

[ සිංහල පරිවර්තනය ]

3. “මහණෙනි, යමෙක්හි පෘථිවිධාතුව නැද්ද, ආපොධාතුව නැද්ද, තෙජෝධාතුව නැද්ද, වායුධාතුව නැද්ද, ආකාසානඤ්චායතන සිත නැද්ද, විඤ්ඤාණඤ්චායතන සිත නැද්ද, අකිඤ්ඤචඤ්ඤායතන සිත නැද්ද, නෙවසඤ්ඤානාසඤ්ඤායතන සිත නැද්ද, මේ (ස්කන්‍ධ) ලොකය නැද්ද, මෙයින් උපදනා අන්‍ය (ස්කන්‍ධ) ලොකයකුත් නැද්ද, (එහි අඳුරක් නැති බැවින් අඳුර දුර ලන්නට) සඳහිරු දෙදෙනෙකුත් නැද්ද, එසේ වූ ඒ ආයතනය (මාර්‍ග ඵලසිතට අරමුණුවන නිවන) ඇත. මහණෙනි, එහිත් කිසිවෙකුගේ ඊමක් යෑමක් සිටීමක් මරණයක් මැරී ඉපැත්මක් නො කියමි. මෙය කිසිවෙක නො පිහිටි, ප්‍ර‍ත්‍යයයන්ගෙන් නො පවත්නා, කිසි ම අරමුණෙක නො එල්බෙන දහමෙකි. මෙය ම දුකෙහි කෙළවර ය.”