දික්කුඹුරේ සුභූති මේ ශාසනයේ පළවෙනියට බුදුන් සරණ ගිය තැනැත්තා අඤ්ඤාකොණ්ඩඤ්ඤ යැයි මුසාවක් දෙසීම

* ඉහත දැක්වෙන වීඩියෝවේ මුල සිට අගට කියැවෙනුයේ ස්වල්ප මාත්‍ර වූ ධර්මය කළවම්ව ඇති අධර්මය කන්දරාවකි.

[ කාලය 1:01:29 ]

කවුද බුදුන් සරණ ගිය එක්කෙනා, පළවෙනි කෙනා? අඤ්ඤාකොණ්ඩඤ්ඤ. එයා තමයි ඉස්සෙල්ලාම මේ ශාසනයේ බුදුන් සරණ ගිය කෙනා.

--

ත්‍රිපිටකයේ විනය පිටකයේ මහාවග්ගපාළියේ මහාඛන්ධකයේ රාජායතනකථාවෙන්:

[ පාලි භාෂාවෙන් ]

5. අථ ඛො තපුස්සභල්ලිකා වාණිජා භගවන්තං එතදවොචුං – ‘‘එතෙ මයං භන්තෙ, භගවන්තං සරණං ගච්ඡාම ධම්මඤ්ච. උපාසකෙ නො භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතෙ සරණං ගතෙ’’ති. තෙ ච ලොකෙ පඨමං උපාසකා අහෙසුං ද්වෙවාචිකා.

[ සිංහල පරිවර්තනය ]

5. ඉක්බිති ත්‍රපුෂ්‍ය–භල්ලික වෙළෙන්දෝ “ස්වාමීනි, මේ අපි භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍මය ද සරණ යමු, භාග්‍යවතුන් වහන්සේ අප අද පටන් දිවි හිම් කොට සරණ ගියා වූ උපාසකයනැයි දරණ සේක්වා” යි භාග්‍යවතුන් වහන්සේට සැළ කළෝ ය. ඔහු දෙදෙන ද පළමු කොට ලොකයෙහි ද්වෙවාචික (=‘බුද්ධ, ධම්ම’ යන වචන දෙකින් සරණ ගියා වූ) උපාසකයෝ වූහ.