දික්කුඹුරේ සුභූති අසංඥසත්ත්වයින්ට සිතුවිලි තිබේ යැයි අධර්මයක් දෙසීම

* ඉහත දැක්වෙන වීඩියෝවේ මුල සිට අගට කියැවෙනුයේ ස්වල්ප මාත්‍ර වූ ධර්මය කළවම්ව ඇති අධර්මය කන්දරාවකි.

[ කාලය 1:07:40 ]

එතකොට අසංඥ තලයට ගියත් ඒ අසංඥ තලවලට සාපේක්ෂව සිතුවිලි තියෙනවා.

--

ත්‍රිපිටකයේ අභිධර්ම පිටකයේ විභඞ්ගප්පකරණයේ (2) ධම්‌මහදයවිභඞ්ගයෙන් (300 වෙනි පිටුව):

[ පාලි භාෂාවෙන් ]

1062. අසඤ්ඤසත්තානං දෙවානං උපපත්තික්ඛණෙ කති ඛන්ධා පාතුභවන්ති : -පෙ- කති චිත්තානි පාතුභවන්ති : අසඤ්ඤසත්තානං දෙවානං උපපත්තික්ඛණෙ එකො ඛන්ධො පාතුභවති: රූපක්ඛන්ධො. ද්වෙ ආයතනානි පාතුභවන්ති : රූපායතනං, ධම්මායතනං. ද්වෙ ධාතුයො පාතුභවන්ති : රූපධාතු, ධම්මධාතු. එකං සච්චං පාතුභවති : දුක්ඛසච්චං. එකින්ද්‍රියං පාතුභවති : රූපජීවිතින්ද්‍රියං. අසඤ්ඤසත්තා දෙවා අහෙතුකා, අනාහාරා, අඵස්සකා, අවෙදනකා, අසඤ්ඤකා, අචෙතනකා, අචිත්තකා, පාතුභවන්ති.

[ සිංහල පරිවර්තනය ]

1062. අසංඥසත්ත්ව දෙවියනට උපදනා ඇසිල්ලෙහි කෙතෙක් ස්කන්ධයෝ පහළ වෙත් ද ... කෙතෙක් චිත්තයෝ පහළ වෙත් ද යත්: අසංඥසත්ත්ව දෙවියනට උපදනා ඇසිල්ලෙහි එක් ස්කන්ධයෙක් පහළ වෙයි: රූපස්කන්ධ යි. ආයතනයෝ දෙදෙනෙක් පහළ වෙති: රූපායතන ය, ධම්මායතන යි. ධාතූහු දෙදෙනෙක් පහළ වෙති: රූපධාතු ය, ධම්මධාතු යි. එක් සත්‍යයෙක් පහළ වෙයි: දුඃඛසත්‍ය යි. එක් ඉන්ද්‍රියයෙක් පහළ වෙයි: රූපජීවිතින්ද්‍රිය යි. අසංඥසත්ත්ව දෙවියෝ අහේතුකයෝ ය, අනාහාරයෝ ය, අස්පර්ශකයෝ ය, අවේදනකයෝ ය, අසංඥකයෝ ය, අචේතනකයෝ ය, අචිත්තක වූවාහු පහළ වෙත්.