දික්කුඹුරේ සුභූති අසඞ්ඛතය යන වචනයේ අර්ථය වරදවාගෙන අසඞ්ඛතයේ නිරෝධයක් ගැන ප්‍රලාපයක් දෙසීම

* ඉහත දැක්වෙන වීඩියෝවේ මුල සිට අගට කියැවෙනුයේ ස්වල්ප මාත්‍ර වූ ධර්මය කළවම්ව ඇති අධර්මය කන්දරාවකි.

[ කාලය 1:42:31 ]

මෙන්න මේ සඞ්ඛතයෙන් නිරෝධ වෙච්ච තැනදී අසඞ්ඛතයට ඇවිල්ලා අසඞ්ඛතයේ නිරෝධය දැක්ක දවසට පිංවතුනි එදාට කියනවා ක්ෂීණාශ්‍රව රහතන් වහන්සේ කෙනෙක් කියලා කියනවා. ඉතින් මේ අසඞ්ඛතයේ නිරෝධය දැකලා නැවත ලෝකයේ ජීවත් වෙන නිසා රහතන් වහන්සේ නිරෝධයකම, අසඞ්ඛත නිරෝධයකම ඉන්නවා; චේතනා නිරෝධයකමයි රහතන් වහන්සේ ඉන්නේ.

--

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දකනිකායේ පටිසම්භිදාමග්ගප්පකරණයේ (2) යුගනද්‌ධවග්ගයේ සච්චකථාවෙන්  (28 වෙනි පිටුව):

[ පාලි භාෂාවෙන් ]

සච්චානං කති ලක්ඛණානි: සච්චානං ඡ ලක්ඛණානි: සඞ්ඛතානං සච්චානං උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතානං අඤ්ඤථත්තං පඤ්ඤායති. අසඞ්ඛතස්ස සච්චස්ස න උප්පාදො පඤ්ඤායති, න වයො පඤ්ඤායති, න ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. සච්චානං ඉමානි ඡ ලක්ඛණානි.

සච්චානං කති ලක්ඛණානි: සච්චානං ද්වාදස ලක්ඛණානි. දුක්ඛසච්චස්ස උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. සමුදයසච්චස්ස උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. මග්ගසච්චස්ස උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. නිරොධසච්චස්ස න උප්පාදො පඤ්ඤායති, න වයො පඤ්ඤායති, න ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. සච්චානං ඉමානි ද්වාදස ලක්ඛණානි.

[ සිංහල පරිවර්තනය ]

සත්‍යයන්ගේ ලක්ෂණයෝ කෙතෙකැ යත්: සත්‍යයන්ගේ ලක්ෂණයෝ සදෙනෙකි: සඞ්ඛත සත්‍යයන්ගේ උත්‍පාදය පැනෙයි, විනාශය පැනෙයි, ස්ථිතිප්‍රාප‍්‍තයන්ගේ අන්‍යථාභාව සඞ්ඛ්‍යාත ජරාව පැනෙයි. අසඞ්ඛතසත්‍යයාගේ උත්පාදය නො පැනෙයි, විනාශය නො පැනෙයි, නිත්‍යත්‍වයෙන් සිටියහුගේ අන්‍යථාභාවය නො පැනේ. මොහු සත්‍යයන්ගේ ස ලක්ෂණයෝ යි.

සත්‍යයන්ගේ ලක්ෂණයෝ කෙතෙකැ යත්: සත්‍යයන්ගේ ලක්ෂණ දොළොසෙකි: දුඃඛසත්‍යයාගේ උත්පාදය පැනෙයි, විනාශය පැනෙයි, සිටියහුගේ අන්‍යථාභාවය පැනෙයි, සමුදයසත්‍යයාගේ උත්පාදය පැනෙයි, විනාශය පැනෙයි, සිටියහුගේ අන්‍යථාභාවය පැනෙයි, මාර්‍ගසත්‍යයාගේ උත්පාදය පැනෙයි, විනාශය පැනෙයි, සිටියහුගේ අන්‍යථාභාවය පැනෙයි, නිරෝධසත්‍යයාගේ උත්පාදය නො පැනෙයි, විනාශය නො පැනෙයි. නිත්‍යත්‍වයෙන් සිටියහුගේ අන්‍යථාභාවය නො පැනේ. මොහු සත්‍යයන්ගේ දොළොස් ලක්ෂණයෝ යි.