සෝවාන්, සකෘදාගාමී, අනාගාමී පුද්ගලයින් සඞ්ඛතයේ නිරෝධය නොදකින නිසා නැවත උපදිනවා යැයි දික්කුඹුරේ සුභූති අධර්මයක් දෙසීම

* ඉහත දැක්වෙන වීඩියෝවේ මුල සිට අගට කියැවෙනුයේ ස්වල්ප මාත්‍ර වූ ධර්මය කළවම්ව ඇති අධර්මය කන්දරාවකි.

[ කාලය 1:41:23 ]

සඞ්ඛතයක් තිබුනොත් සෝවාන් පුද්ගලයා අර සඞ්ඛත ධාතුවේ, හේතු තුනක් නිසා හටගන්න සඞ්ඛත ධාතුවේ නිරෝධය නොදකින නිසා චේතනා මට්ටමින් ලෝකෝත්තර මාර්ගයේදී මේ සෝවාන් පුද්ගලයා මේක දර්ශනයට ඇවිල්ලා, ඈ, සක්කාය දෘෂ්ටිය දුරුකරනවා, සීලබ්බතපරාමාසය දුරුකරනවා, විචිකිච්චාව දුරුකරනවා, මාර්ග සැකය නැති වෙලා යනවා. මෙන්න මේකත් එක්ක සෝවාන් පුද්ගලයා මෙන්න මේ සඞ්ඛතයේ, හේතු තුනක් නිසා හටගන්නවා කියන කාරණාවේ නිරෝධය නොදකින නිසා නැවත උපදිනවා. සකෘදාගාමී කෙනත් මේ නිරෝධය නොදකින නිසා නැවත උපදිනවා. අනාගාමී කෙනත් මේ නිරෝධය නොදකින නිසා නැවත උපදිනවා. අන්න උතුම් රහත් මාර්ගයේදී මේ නිරෝධය සාක්ෂාත්(?) වෙලා එකවිට එක චේතනාවයි පහළ වෙන්නේ කියලා නුවණ හම්බවෙලා එතනින් පස්සේ ඒ හටගන්න චේතනාවත් හටගෙන නිරුද්ධ වෙන බව දැක්කහම සඞ්ඛතයෙන් නිරෝධ වෙලා යනවා.

--

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌තනිකායේ මහාවග්ගයේ (2) සච්චසංයුත්තයේ ධම්‌මචක්‌කප්‌පවත්‌තනවග්ගයේ ධම්‌මචක්‌කප්‌පවත්‌තන සූත්‍රයෙන්:

[ පාලි භාෂාවෙන් ]

ඉමස්මිඤ්ච පන වෙය්‍යාකරණස්මිං භඤ්ඤමානෙ ආයස්මතො කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි: ‘‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බන්තං නිරොධධම්මන්ති’’.

[ සිංහල පරිවර්තනය ]

මේ වෙය්‍යාකරණය වදාරනු ලබන කල්හි ‘‘යම් කිසිවෙක් හටගන්නාසුලු නම් ඒ සියල්ල නැසෙනසුල්ලැ’’යි ආයුෂ්මත් කොණ්ඩඤ්ඤහට පහවූ කෙලෙස්රජස් ඇති පහව ගිය කෙලෙස්මල ඇති දහම්ඇස (පළමු මගනැණ) පහළ විය.

අතිරේක කියවීම:

  1. පිටිදූවේ පකිස් බූරුවා යනු අරහත් තබා සෝතාපන්න වත් නැති අන්ධබාල පෘතග්ජනයෙකි