මහානායක පදවි සහ නියෝජිත වර්ගවාදය පිළිබඳ ඉඳුරාගාරේ ධම්මරතන මහතාගේ අදහස්

ඉඳුරාගාරේ ධම්මරතන විශ්වවිද්‍යාල සේවක මහතා:

ඊළගට, මං මේන් මේ ටික සර් බොහොම අකමැත්තෙන් කියන්ඩ ඕනෑ, බොහොම අකමැත්තෙන්.

මේ නියෝජිත වර්ගවාදය කියලා කියන කාරණාව අපි ටිකක් ගැඹුරින් කල්පනා කරන්ඩ ඕනෑ.

ස්වාමීන් වහන්සේලා හැටියට අපි බලන්ඩ. සියම් නිකායෙයි, අමරපුර නිකායෙයි, මං රාමඤ්ඤ නිකායේ. සියම් තියෙන්නේ කොහෙද? එතෙර(?). එතකොට අපි එහෙ නියෝජිතයෝ. අමරපුරේ තියෙන්නේ ලංකාවෙ ද? දැං මම රාමඤ්ඤ නිකායේ, රාමඤ්ඤ රට තියෙන්නේ ඉඳුරාගාරේ යැ?

කෝ ලංකාවේ සම්බුද්ධ ශාසනය? ඒක තමා තිබුනේ. ඒක තමා මිහිදු හාමුදුරුවෝ ලංකාවට ඇවිදිල්ලා මිහිදු හාමුදුරුවෝ ඉන්දියානු බුද්ධාගමක් ව්‍යාප්ත කරේ නෑ. ලංකාවේ බුද්ධාගම පිහිටින්ඩ නං මොකක්ද කරන්ඩ ඕනෑ කියලා රජ්ජුරුවෝ අහපුවාම බුදුහාමුදුරුවෝ නොකියපු කාරණාවක් මිහිදු හාමුදුරුවෝ කිව්වා. ඒ මොකක්ද? බොරුවක් නෙවෙයි, හැබැයි බුදුහාමුදුරුවෝ කියලා තිබුනේ නැති. ඒ තමයි මේ රටේ කෙනෙක්ව මහණ කළොත් ඔන්න මේ රට බෞද්ධ වෙයි කියලා. එහෙම එකක් බුදුහාමුදුරුවෝ වත් කියලා තිබුනේ නෑ. මිහිදු හාමුදුරුවෝ ඉන්දියාවෙන් වෙන කවුරුවක්වත් ගෙන්නා ගත්තෙත් නෑ. මිහිදු හාමුදුරුවෝත් එක්ක වැඩිය අයවත්, ආපු අයවත්, මිහිදු හාමුදුරුවෝ වත් ආයෙ ඉන්දියාවට ගියෙත් නෑ. ඒක නිසා ඉන්දීය බුද්ධාගමක් මේකේ බිහි කළේ නෑ. ලාංකේය බුද්ධාගමක් පමණයි බිහි කළේ. හැබැයි අනිත් ඒවා එහෙම නෑ. ආං ඒක සුද්දො ඇවිදිල්ලා නවත්තලා නැතිකරලා නැතිභංගස්ථාන කරලා තමයි මේ නායක, අනුනායක, ප්‍රදේශ නායක, පළාත් නායක හා සංඝ නායක හා වෙනත් වෙනත් නායකකාරකාදී නාමකරණයන් ගෙන් නැවත වර්ගීකරණය කරණු ලැබ සංස්ථාපිත කරලා මහානායක තනතුරු දීලා තියෙන්නේ මිහිඳු හාමුදුරුවන්ටත් නැති.

එතකොට එව්වා වර්ග.

...

ඒක නිසා නියෝජිත වර්ගවාදය තමයි ගොඩ එන්ඩ බැරි ලොකුම ප්‍රශ්නෙ තියෙන්නේ. ඒක නිසා ගොඩ එන්ඩ හදනකොටම ඇදලා දානවා පල්ලෙහාට.

සබැඳි:

  1. මහානායක පදවි සහ නිකාය භේදය පිළිබඳ කිරම විමලජෝතිගේ අදහස්
  2. මහානායක පදවි දරන්නන් පිළිබඳ පිටිදූවේ පකිස් බූරුවාගේ අදහස්
  3. මහානායක පදවි දරන්නන් නිවැරදි දේශපාලනමය අනුශාසනා නොකිරීම පිළිබඳ ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමිගේ අදහස්
  4. ධර්ම විකෘතිකයින් හමුවේ මහානායක පදවි දරන්නන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ මැදගම්පිටියේ විජිතධම්ම මහතාගේ අදහස්
  5. මල්වතු අස්ගිරි මහානායක පදවි දරන්නන් පිළිබඳ ගල්ලැහැපිටියේ පේමරතනගේ කියැවීමක්
  6. ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේවදත්ත පරපුරේ උපදේශක මණ්ඩලයක් පත්කර ගනියි
  7. දෙව්දත් ක්‍රමය තවදුරටත් රැකීමට මකුලෑවේ විමල නම් තුච්ඡ පුද්ගලයෙක් රාමඤ්ඤ නිකායෙන් පෙරට එයි!
  8. කට පියාගත් මහානායක පදවි දරන්නන් පිළිබඳ පරවාහැර චන්ද්‍රරතන හිමිගේ අදහස්
  9. මාන්කඩවල සුදස්සන හිමිගේ නරිවාද ලබුවිජ්ජා සම්භාෂණය