අරණධම්ම හිමි අපවත්වීම සම්බන්ධව සනත් සුමින්ද මහතා සාතිශය සතුට පළ කිරීම

...

Siri Samanthabhadra Arhat Maha Thero නාමයෙන්..
බුදුබැව් දක්වන්නාවූ
Umandawa Global Buddhist Village ගොවිපලේ
මහ හොරාටත්...

Thiththagalle anandasiri thero නම්..
Meth Bo Sewana Meditation Center නම් ගුබ්බෑයමෙහි..
හොරාටත්...

පරලොව ගිය..
මෙම අරණධම්මගේ ගජමිතුරු...
බොරැල්ලේ සිරිසුමටත්...

නක්කාවත්තේ බුද්ධ පරායන...
මහනුවර වජිර බුද්ධි ආදීන්ටත්..

මෙවන් ඉරණමක් අත්වියහැකි බව...
අරුමයක් නොවෙ...

උන්ගේ වාරයද ඉක්මන් වනුඇතැයි...
බලාපොරොත්තු වන්නෙමි...

...

ඉහත දැක්වෙනුයේ සනත් සුමින්ද මහතා විසින් යූටියුබ් වෙබ් අඩවියට උඩුගත කොට ඇති වීඩියෝවක පිටපතක් සහ එම වීඩියෝවේ විස්තරයෙන් උපුටා ගත් කොටසක්. සනත් සුමින්ද මහතා අධර්මවාදීන්ට විරුද්ධව කටයුතු කරන බව බොහෝ දෙනෙක් දන්නවා. එහෙත් එතුමා උඩුගත කොට තිබූ වීඩියෝව සහ විස්තරය දුටු විට එතුමා ධර්මවාදීන්ට නොගැළපෙන සිතීමක යෙදී ඇති බවයි පෙනෙන්නේ.

ශාසන අනුලෝමී නොවන ක්‍රියාවන්හි යෙදෙමින් අන් අයව ද නොමඟ යවමින් සිටි අරණධම්ම හිමි අපවත් වී ඇත්නම් ඒ ගැන හිතන යමෙක් ඒ අපවත් වීම හේතුවෙන් ශාසන අනුලෝමී නොවන ක්‍රියාවන්හි අඩුවක් වේ යැයි ද, අන් අය නොමඟ යෑමේ අඩුවක් වේ යැයි ද සිතා යම් සැනසීමක් ලබයි නම් එහි ඇති දෝෂයක් මම දකින්නේ නැහැ. එහෙත් ගිහි උවත් පැවිදි උවත් දුශ්ශීල වේවයි, මිසදිටු වේවයි, ශාසන අනුලෝමී නොවන ක්‍රියාවන්හි යෙදෙනවා වේවයි එබඳු තැනැත්තන් ඉහත උපුටා දක්වා ඇති විස්තරයේ සඳහන්ව ඇති අයුරින් ඉක්මනින් මියයත්වා යැයි බලාපොරොත්තු වීම විහිංසා සිත් ඇති කර ගැනීමක්. විහිංසා සිත් ඇතිව කටයුතු කිරීම ධර්මවාදී වන්නේ නැහැ. එබඳු සිත් ඇතිකර ගන්නා තැනැත්තා ඒ හේතුවෙන් දුගතියට යන්න පුළුවන්.

යම් පුද්ගලයෙක් දුශ්ශීල උවත්, මිසදිටු උවත්, ශාසන අනුලෝමී නොවන ක්‍රියාවන්හි යෙදුනත් පංචස්කන්ධ සංඛ්‍යාත ඒ පුද්ගලයා සසර නොඉක්මවූ අන් හැමෝම මෙන් දුකේ ගිලී පීඩිතව ඉන්නා අයෙක්. එබන්දන් කෙරෙහි අනුකම්පා සිතැතිව කටයුතු කිරීමයි කළ යුත්තේ.

සබැඳි:

  1. සනත්ගෙන් බේරෙන්න පිටිදූවේ පකිස් බූරුවා ධර්මගොඩ කොපිරයිට්නන්ද හිවල් හාමි අස්සේ රිංගීම
  2. රාජගිරියේ අරියඥාණ හිමි බුදුරජානන් වහන්සේ සියදිවි හානි කර ගත් බවක් හැඟවෙන පරිදි දහම් දෙසීම සහ ගිහි පැවිදි බොහෝ පිරිසක් එහිමියන්ට දැඩිව දොස් කීම