- ඵස්සය අනිත්‍ය වශයෙන් ගන්නා නිසා රහතන් වහන්සේගේ සඤ්ඤා, චේතනා, විඤ්ඤාණ සකස් නොවන බව රාජගිරියේ අරියඥාණ හිමි වරදවා පැවසීම

"රූපයේ අර්ථයක්‌ නොමැති නිසාම රහතන් වහන්සේ රූපයක්‌ ඵස්‌සය වන මොහොතේම 'දැක්‌කාය' කියන තැන නවතිනවා. ඇසුනාය, දැනුනාය කියන තැනම නවතිනවා. රහතන් වහන්සේ දක්‍ෂයි මහා බ්‍රහ්මයා කියන රූපය දකින්න. ශක්‍රයා කියන රූපය දැක්‌කත්, සක්‌විති රජ කියන රූපය දැක්‌කත් එම රූපයන් ඵස්‌සය ළඟදීම අනිත්‍ය දකින්න. මේ දක්‍ෂභාවය රහතන් වහන්සේට පමණක්‌ ලැබෙන්නේ ඥාන දර්ශන තුළින් රූපයේ සුවිශේෂී අවබෝධය ඔහු ලබන නිසාමයි." - http://www.divaina.com/2014/07/06/feature03.html