ඉහත වීඩියෝවේ දැක්වෙන වටගොඩ මග්ගවිහාරි හිමිගේ දේශනාව අතිශයින්ම වටිනා දේශනාවක් ලෙසයි මම දකින්නේ.
ශාසනය සහ රාජ්ය සේවය අතර ඇති සම්බන්ධතාවයත්, රාජ්ය සේවකයින්ගේ ක්රියාවන්හි ආනිසංස සහ ආදීනව ගැනත්, හොඳ කරන්න ගොස් බැණුම් අසන්න වෙන අවස්ථා ආකාරයේ තත්වයන්හිදී කෙසේ කටයුතු කළ යුතු ද යන්න ගැනත්, රාජ්ය සේවකයින් කවර ආකාරයෙන් සිතමින් කටයුතු කළ යුතු ද යන්න ගැනත් එම දේශනාවේ කරුණු කියැවෙනවා.
දේශනාවේ අඩංගු කරුණු රාජ්ය සේවය පිළිබඳව වුවත් පෞද්ගලික අංශයේ රැකියා කරන අයටත් එම කරුණු බෙහෙවින්ම වටිනා බවයි මම දකින්නේ.
මේ දේශනාව බොහෝ දෙනා අසා ඒ අනුව කටයුතු කරයි නම් එය රටේ අභිවෘද්ධිය පිණිස අතිශයින්ම රුකුලක් වනු ඇති.
මේ දේශනාව ඔබත් අසා අන් අයවත් එය ඇසීමට යොමු කරවන්න.