ත්‍රිපිටකය හැදෑරීම සහ පාළි භාෂාව ඉගෙනීම ගැන නා උයනේ අරියධම්ම හිමිගෙන් වටිනා විස්තර කිරීමක්

ඉහත වීඩියෝවේ දැක්වෙන්නේ ත්‍රිපිටකය හැදෑරීම සහ පාළි භාෂාව ඉගෙනීම ගැන නා උයනේ අරියධම්ම හිමි විසින් පවසන ලද අගනා විස්තර කිරීමක්. එහිමියන් ඒ පවසා ඇති පරිදි ත්‍රිපිටකය හැදෑරීමටත්, පාළි භාෂාව මනාව ඉගෙනීමටත් බොහෝ අය යොමු වේ නම් එය ඉතාම වටිනවා.

ත්‍රිපිටකය කටපාඩම් කරන බුරුම රටේ භික්ෂූන් වහන්සේලාට එරටේ රජයෙන් විශේෂ සම්මාන ප්‍රදානය කරන බව ද අරියධම්ම හිමි පවසා තිබෙනවා. එසේ සම්මාන ප්‍රදානය කිරීම නම් නුසුදුසු ක්‍රියාවක් විය හැකියි. එසේ උවත් ත්‍රිපිටක ධර්මය මනාව ධාරණය කර ගැනීමට කටයුතු කරන භික්ෂූන් වහන්සේලාට රජයෙන් යම් විශේෂ අනුග්‍රහයක් දක්වනවා නම්, අගය කිරීමක් කරනවා නම් එය ද භික්ෂූන් වහන්සේලාට ගැළපෙන ආකාරයෙන් කරනවා නම් එය මනා ක්‍රියාවක්.

ත්‍රිපිටකය හැදෑරීමේ සහ පාළි භාෂාව ඉගෙනීමේ වටිනාකම මනාව විස්තර කරන නා උයනේ අරියධම්ම හිමිගේ ඒ බස් අන් අය ද අනුමෝදන් වෙත්වා!