යම් කෙනෙක් මාර්ගඵල ලැබූ බව කියයි නම් එසේ කියන කෙනා මාර්ගඵල ලබා නැතැයි නා උයනේ අරියධම්ම හිමි ධර්මයට විනයට නොගැළපෙන්නක් දේශනා කිරීම

[ කාලය 00:07 ]
අනිත් එක මාර්ගඵල ලැබුවා නං අඩුගානේ සෝවාන් මාර්ගඵලය වත් කිසිම කෙනෙක් මම සෝවාන් උනා කියලා කියන්නේ නෑ. කියන්නැත්තේ එක උන්වහන්සේගේ නිධානයක්. හැබැයි යම් කෙනෙක් කියනවා නං ඒ කියන්නේ නැති කෙනෙක් කියලා අපි තේරුං ගන්නවා.

[ කාලය 01:35 ]
නමුත් ඒ ඇත්තෝ මම මාර්ගඵල ලැබුවා කියලා කියන්නේ නෑ. කියන ඇත්තෝ මාර්ගඵල ලබලා නෑ.

--

[ කාලය 05:54 ]
ඒ වාගේ අවස්ථාවල තව කෙනෙකුට අනුග්‍රහ පිණිස අඟවනවා මාර්ගඵල. ඒ හැර නිතර කියන සිරිතක් නෑ කියන එකයි අපේ පිළිතුර. තුන් පිටකයේ කොහොවත් එහෙම කියලා නෑ නොකියනවයි කියලා.

අතිරේක කියවීම්:

  1. පිටිදූවේ සිරිධම්ම හිමි විනය විරෝධී ලෙස තමන් රහත් යැයි ගිහියන්ට පැවසීම
  2. වලස්මුල්ලේ අභය හිමි සිල්වත් භික්ෂූන් මාර්ගඵල, ධ්‍යාන ආදිය ගැන ප්‍රසිද්ධියේ නොකීම අරභයා එවන් සිල්වත් උතුමන් ගැන නොමනා බස් කීම