බුදුරජානන් වහන්සේ මස් අනුභව කළ බව කොතැනකවත් සඳහන්ව නැතැයි මීවනපලානේ පචෝරිස් හිමි මුසාවක් දෙසීම

ඉහත දැක්වෙන වීඩියෝවේ විනාඩි 2යි, තත්පර 25න් පමණ ඉදිරියට ආසන්නයේ මීවනපලානේ පචොරිස් හිමි මෙසේ පවසා ඇති බව දකින්න පුළුවන්:

බුදුහාමුදුරුවන්ට මස් පූජා කළ බව පැහැදිලිව පිරිසිදුව ත්‍රිපිටකයේ තියෙනවා. බුදුහාමුදුරුවෝ පිළිගත්ත බවත් පැහැදිලිව තියෙනවා. හැබැයි මොකක්ද නැත්තෙ? බුදුහාමුදුරුවෝ කවදක්වත් අනුභව කළා කියලා කොතැනකවත් නෑ. පිළිගත්තා කියලා තියෙනවා.

බුදුරජානන් වහන්සේ මස් අනුභව කළා යැයි කොතැනකවත් සඳහන්ව නැතැයි කීම මීවනපලානේ පචෝරිස් හිමිගේ මුසාවක්. බුදුරජානන් වහන්සේ මස් අනුභව කළ බව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ සුත්ත නිපාතයේ චුල්ල වග්ගයේ ඇති ආමගන්ධ සූත්‍රයෙන් දැක්වෙනවා. බුදුරජානන් වහන්සේ ලිහිණි මස් හා සුවදහැල් බත් වලදන බව දුටු ආමගන්ධ බ්‍රාහ්මණයා ඒ ගැන බුදුරජානන් වහන්සේගෙන් විමසූ විට කස්සප බුදුරජානන් වහන්සේ ජීවමාන කාලයෙහි තිස්ස නම් බ්‍රාහ්මණයෙක් කස්සප බුදුරජානන් වහන්සේගෙන් එබඳුම විමසීමක් කරන ලදුව කස්සප බුදුරජානන් වහන්සේ තිස්ස බ්‍රාහ්මණයාට දුන් පිළිතුරම ගෞතම බුදුරජානන් වහන්සේ ආමගන්ධ බ්‍රාහ්මණයාට පවසා තිබෙනවා. ඒ ගැන වැඩි විස්තර පරමත්ථජොතිකා සූත්තනිපාතට්ඨකථාවේ ආමගන්ධ සුත්තවණ්ණනාවේ සඳහන්.

ඒ අනුව මීවනපලානේ පචෝරිස් හිමි පවසන ලද්ද මුසාවක් බව දැකිය හැකියි.