මීවනපලානේ සිරි ධම්මාලංකාර

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි යනු බුදධ භාෂිත ධර්මය සහ විනය ලෙස අතිශයින්ම ව්‍යාකූල කරුණු පවසන භික්ෂූන් වහන්සේ නමක්. සියුම් අර්ථ ඇති, බෙහෙවින්ම නුවනින් විමසා වටහා ගත යුතු බුද්ධ භාෂිතයේ වචන වල අර්ථ කවරේදැයි බොහෝ පිරිස් දන්නේ නැහැ. එම නොහැකියාව නිසා බුද්ධ භාෂිත වචන බොහෝමයක නිවැරදි අර්ථ වරදවා ගත් මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ ව්‍යාකූල අදහස් අසා බොහෝ පිරිස් නොමඟ යනවා.

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනය නොපිළිගන්නා අතර බුදුරජානන් වහන්සේ උපන්නේ ලංකාවේ සහ සිදුහත් කුමරුගේ මව වන මහාමායා දේවිය සිදුහත් කුමරු ඉපදී දින හතකින් පසු මැරුනා නොව මහා මායාවකින් ලිංග විපර්යාසයකට බඳුන් වූ බව ආදී බොහෝ අය නොඅසා ඇති සහ නොපිළිගන්නා කරුණු පවසනවා.

ඊට අමතරව මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් "සං" දේශනාව ලෙසින් බුදු දහමට අනුකූල නොවූ සහ බෙහෙවින්ම දොස් සහිත කරුණු බුදු දහම යැයි ගෙන හැර දක්වනවා. එම කරුණු ත්‍රිපිටක ධර්මයේ උපකාරයක් නොමැතිව ස්ව්‍යංභූත ඥාණයෙන් දැන ගත් බවත් පවසනවා.

සංඝ සමගිය ඇති විට අධර්ම සහ අවිනය කරුණු ධර්ම සහ විනය කරුණු ලෙස සමාජයේ පැතිරීම බෙහෙවින්ම සීමා වේ. එසේ වී නම් මෙවන් ලිපි ලිවීමට හේතු කාරණාවන්ද අඩු වේ. සංඝ සමගිය ඇති විට ධර්මය, විනය පිළිබඳ යම් ගැටළුකාරී බවක් ඇති උවහොත් ඒ බව සංඝයාට කෙරෙන සුළු දැනුම් දීමකින්ම නිරාකරණය කර ගැනීමට හැකියී. මෙකල සංඝයාගේ බෙදී වෙන්වී ඇති බව ගිහි පැවිදි දෙපිරිසටම නොයෙකුත් අපහසුතා ඇති කරයි. සංඝයාගේ බෙදී වෙන්වී ඇති බව ධර්මය සහ විනය පිළිබඳව ඇති වන ගැටළුකාරී තත්වයන් නිදුකින්ම සමනය කර ගැනීමට අපහසු බවක් ඇති කරයි. සංඝ සමගිය ගිහි සහ පැවිද බුද්ධ ශ්‍රාවකයින්ට බුදු සසුනේ ඵල ලැබීමට යෝග්‍ය අවකාශයක් ඇති කරයි. ගිහි සහ පැවිදි බුද්ධ ශ්‍රාවකයින් ධර්මයට සහ විනයට වැඩි වැඩියෙන් අනුගත වී සංඝ සමගිය ඇති කර ගැනීමට යුහුසුළු වේවා!

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ දේශනා ආදියේ විශාල ලැයිස්තුවක් අපම සකස් කර ඇති අතර එම ලැයිස්තුව බැලීම පිණිස මෙතැනට පිවිසෙන්න:
http://www.trekmentor.org/si/content/savaka/1904