මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි "බුද්ධිමත් යනු රාග බව, දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක්" යන වැරදි අර්ථයක් දැක්වීම

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි යනු බුදුරජානන් වහන්සේ විසින් මනා සේ දේශනා කර ඇති සද්ධර්මය අතිශයින්ම ව්‍යාකූලත්වයක් ඇති වන පරිදි වැරදි ලෙස අර්ථ ගන්වන භික්ෂූන් වහන්සේ නමක්. ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ පරිවර්තන දෝෂ ඇති බව සත්‍ය කරුණක්. එනමුත් එහි මනා ලෙස පරිවර්තනය කර ඇති දහම් කරුණු අතිශයින්ම පවතිනවා. මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයට දොස් තබමින් ව්‍යාකූලත්වයක් ඇති වන ලෙස බුද්ධ භාෂිත වචන වලට නව අර්ථයන් දීම ත්‍රිපිටකයේ මනා සේ ඇති ධර්ම කරුණු නිවැරදිව තේරුම් ගැනීමට නොහැකි පිරිසක් බිහි වීමට හේතුවක්. මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ගේ වැරදි අර්ථයන් හේතුවෙන් දැනටමත් සමහරු ත්‍රිපිටකයේ පාලියෙන් සහ සිංහලෙන් නිවැරදිව ඇති කරුණු නොපිළිගන්නා බවට පත් වී තිබෙනවා. මේ ආකාරයට වචන වලට වැරදි අර්ථයන් දීම හේතුවෙන් බුදුරජානන් වහන්සේ දේශනා කළ ධර්මය හා විනය ලෙස අධර්මය සහ අවිනය සමාජගත වෙනවා. මෙම ලිපියේ අරමුණු වන්නේ වචනවලට නව අර්ථ ලබා දෙන ආකාරය අනුව මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් අතිශයින්ම ව්‍යාකූල දේ පවසන බව පෙන්වා දීම, නව අර්ථයන් හේතුවෙන් සිහි කල්පනාව යහපත්ව ඇති මිනිසුනුත් බෙහෙවින්ම ව්‍යාකූලත්වයට පත්ව මුලාවන අයුරු පෙන්වා දීම, නොමඟ යන පිරිස කටයුතු කරන ආකාරය ධර්මයටත් විනයටත් අනුකූලව විමසා බැලීමෙන් නොමඟ යන පිරිසගේ මතු අභිවෘද්ධිය පිණිස ඔවුන්ගේ වරදවා ගැනීම ගැන යම් පමණකින් හෝ අවබෝධයක් ලබා දීම සහ තවත් අය නොමඟ යෑම වැලැක්වීමට හැකි පමණින් ක්‍රියා කිරීම.

සිංහල භාෂාවේ බුද්ධිය යන වචනය අවබෝධය, ප්‍රඥාව, ඥානය, නුවණ ආදී අර්ථයෙන් බොහෝ දෙනා භාවිතා කරනවා. සිංහල භාෂාවේ සම්මත වී ඇති අර්ථ සහිත, අර්ථය කුමක්දැයි අපැහැදිලි බවක් නැති, වර්ථමානයේ අති බහුල දෙනෙක් ව්‍යාකූලත්වයක් නොමැතිව නිවැරදිව අදහස් සන්නිවේදනය සඳහා පහසුවෙන්ම භාවිතා කරන බුද්ධිය යන වචනයේ අර්ථයට මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් වෙනත් අර්ථයක් ලබා දෙනවා. පහත දැක්වෙන්නේ මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි විසින් රචිත බුද්ධ ඤාණ නම් පොතක පිටුවක්. එම පොත http://sirisaddharmaya.net/Buddha_Gnana.pdf යන ලිපිනයෙන් ලබා ගත හැකියී.

Wrong interpretation of Buddhimath

ඉහත දක්වන ලද පිටුවේ ලියැවී ඇත්තේ මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් බුද්ධිය යනු රාග බව, දෝෂ බව සහ මෝහ බව වර්ධනය වීම ලෙස වරදවා අර්ථ ගන්වන ආකාරය. එම පුටුවේම සඳහන් පරිදි එම හිමියන් විසින් බුද්ධිමත් යනු බුද්ධියෙන් මත්වීමක් ලෙසයි අර්ථ දක්වන්නේ. එනම්, බුද්ධිමත් යනු රාග බව, දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් ලෙසයි මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් බුද්ධිමත් යන වචනය වැරදියට අර්ථ දක්වන්නේ. ඉහත දක්වන ලද පිටුවේ බුද්ධිය සහ බුද්ධිමත් යන වචන වලට වැරදි අර්ථ දීමට අමතරව තවත් වැරදි අර්ථ ඇතිව ලියා ඇති කරුණු අඩංගුයි. මෙම ලිපියේ එම අතිරේක කරුණු ගැන විස්තර ලියා නැහැ.

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් බුද්ධිය සහ බුද්ධිමත් යන වචන වලට දොස් සහිත නව අර්ථ දක්වා ඇති ආකාරයට අනුව රාග බව, දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී ඉන් මත්ව පාප ක්‍රියාවන් කරන පර පණ නසන්නන්, සොරුන්, ස්ත්‍රී දූෂකයන්, බොරු කියන්නන් හා බේබද්දන් ආදි පුද්ගලයින්ව බුද්ධිමත් පුද්ගලයින් ලෙසයි හඳුන්වන්න වෙන්නේ.

එලෙසම රාග බව, දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී ඉන් මත්ව දඬුමුගුරු දැරීම, අවි දැරීම, විරුද්ධවාද කිරීම, ඇනුම් බැණුම් ආදි නොයෙක් ලාමක අකුසල් ක්‍රියාවන්ගේ යෙදෙන අයවත් බුද්ධිමත් පුද්ගලයින් ලෙසයි මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ගේ දොස් සහිත නව අර්ථ දැක්වීමට අනුව සලකන්න වෙන්නේ.

එලෙසම රාග බව, දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී ඉන් මත්ව විමුක්තිය ලබන මාර්ගය ලෙස ලාමක වූ ගැමි දහමක් වූ පෘතග්ජනයින් විසින් සෙවුණු අනාර්යය වූ අවැඩ හා එක් වූ කාමවස්තූන් කෙරෙහි ක්ලෙශකාමයෙහි පුනපුනා යෙදීම වන කාමසුඛල්ලිකානුයොගයේ යෙදෙන පුද්ගලයින්වත් මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ගේ දොස් සහිත නව අර්ථ දැක්වීමට අනුව හඳුන්වන්න වෙන්නේ බුද්ධිමත් පුද්ගලයින් ලෙසයි.

එලෙසම රාග බව, දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී ඉන් මත්ව විමුක්තිය ලබන මාර්ගය ලෙස දුක් වූ අනාර්යය වූ අවැඩ හා එක් වූ සිරුර පෙළීමෙහි පුනපුනා යෙදීම වන අත්තකිලමථානුයොගයේ යෙදෙන පුද්ගලයින්වත් මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ගේ දොස් සහිත නව අර්ථ දැක්වීමට අනුව හඳුන්වන්න වෙන්නේ බුද්ධිමත් පුද්ගලයින් ලෙසයි.

අදහස් නිවැරදිව සන්නිවේදනය කිරීමේදී යම් වචනයක් භාවිතා කරන විට කියන්නා සහ අසන්නා එම වචනයේ අර්ථය එකම ලෙසින් ගනී නම් කියන්නාගේ අදහස අසන්නාට නිවැරදිව සන්නිවේදනය වෙනවා. එහිදී කියන්නා යම් වචනයක් යම් අර්ථයක් ඇති අදහසින් කියයිද, අසන්නා එම වචනය එම අර්ථයෙන්ම ගෙන ක්‍රියා කරයිද, එවිට එම වචනය භාවිතයේ වැරැද්දක් ඇතැයි පෙන්වන්න වැරැද්දක් ඇත්තේ නැහැ. වර්තමාන සම්මත සිංහල භාෂාවේ බුද්ධිය යන වචනය භාවිතා කරන විට කියන්නා එම වචනය අවබෝධය, ප්‍රඥාව, ඥානය, නුවණ ආදී අර්ථ ඇති ලෙසිනුයි ගන්නේ. වර්තමාන සම්මත සිංහල භාෂාවේ බුද්ධිය යන වචනය භාවිතා වන විට අසන්නාත් එම වචනය අවබෝධය, ප්‍රඥාව, ඥානය, නුවණ ආදී අර්ථ ඇති ලෙසිනුයි ගන්නේ. ඉතින් මෙසේ ඇති විට සිහි කල්පනාව යහපත්ව ඇති පුද්ගලයෙකු විසින් බුද්ධිය යන වචනය භාවිතයේ වැරැද්දක් ඇතැයි අන් අයට දක්වන්න සැබැ වැරැද්දක් නැහැ. සම්මත අර්ථයට හාත්පසින්ම වෙනස් නව අර්ථයක් එම වචනයට දී වචනය භාවිතයේ නිවැරදි කිරීමක් කළ යුතු යැයි සිතීමට සිහි කල්පනාව යහපත්ව ඇති පුද්ගලයෙකු එම වචනය භාවිතයේ සැබෑ වැරැද්දක් දකින්නේ නැහැ.

මාගධි භාෂාවෙන් පැවති බුද්ධ භාෂිතය ත්‍රිපිටකය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේදී ඇති වූ දෝෂ ආදියේ හේතුවෙන් මේ වන විට සිංහලෙන් අර්ථ ගන්වා ඇත්තේ නිර්මල අර්ථයන් නොමැති ආකාරයට යැයි පවසමින් නිර්මල අර්ථ ඇති බුද්ධ දේශනාවන් අතිශයින්ම ව්‍යාකූල අර්ථ ඇති ලෙස මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් සිංහලෙන් නව අර්ථ සහිතව විස්තර කෙරෙනවා. මෙහිදී මාගධි භාෂාව නොදන්නා දහම් අවබෝධය අඩු අය මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ව විශ්වාස කිරීමට පෙළඹෙනවා. නමුත් මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් අතිශයින්ම ව්‍යාකූල දෑ පවසන භික්ෂූවක් බව පෙර පැවති මාගධි භාෂාව නොදන්නා අයට දැන් පවතින සිංහල භාෂාව ගැන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් පවසන දෑ ඇසුරෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ සිංහල භාෂාව වර්තමානයේ භාවිතා වන නිසා. වර්තමානයේ පවත්නා සිංහල භාෂාවේ නිවැරදි අර්ථ සහිත යෙදීම් වලට මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් බෙහෙවින්ම ව්‍යාකූල නව අර්ථයන් දීම දැකිය හැකියී.

අතිශයින්ම බහුල පිරිසක් නිවැරදිව තේරුම් ගෙන ඇති සහ නිවැරදිව භාවිතා කරන දැන් පවත්නා සිංහල භාෂාව ගැන ව්‍යාකූල අවබෝධයක් ඇතිව ඒ ගැන ව්‍යාකූල අදහස් පවසන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ට අන් භාෂාවක් වන මාගධි භාෂාව නිවැරදිව සිංහලෙන් අර්ථ ගන්වන්න හැකි යැයි කුමන හේතුවක් නිසා හිතන්නද? වර්තමානයේදි සාමාන්‍ය භාවිතයේ ඇති සමහර වචනවල නිවැරදි තේරුමවත් හරි හැටි වටහා ගෙන අන් අයට දක්වන බැරි බවක් පෙන්වන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් සියුම් අර්ථ සහිත තීක්ෂණ ප්‍රඥාවෙන් නිවැරදි අර්ථ වටහා ගත යුතු බුද්ධ භාෂිතය තේරුම් ගෙන අන් අයට කියා දෙනවා යැයි යම් අයෙක් හිතනවානම් එය මුලාවක්මයි.

වර්තමාන සිංහල භාෂාවේ අවබෝධය, ප්‍රඥාව, ඥානය, නුවණ ආදී අර්ථ ඇති ලෙසින් සම්මත බුද්ධිය යන වචනයේ නිවැරදි අර්ථය මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් පවසන වැරදි අර්ථය වන රාග බව, දෝෂ බව සහ මෝහ බව වර්ධනය වීම ලෙස යම් පිරිසක් වරදවා හිතන්න ගත්තොත් කුමක්ද වෙන්නේ? එවිට තමයි සැබෑවටම භාෂාව භාවිතයේ වැරැද්ද හට ගන්නේ. එවිට කියන අය සහ අසන අය හැමෝම එකම අර්ථයෙන් නොවෙයි එම වචනය භාවිතා කරන්නේ. එවිට යම් පිරිසක් නිවැරදි අර්ථයෙන් බුද්ධිය යන වචනය භාවිතා කර යමක් පවසනවාද, එම නිවැරදි ලෙස බුද්ධිය යන වචනය භාවිතා කරන පිරිස කියන්නේ කුමක්දැයි වැරදියට එම වචනය භාවිතා කරන අයට නිවැරදිව වටහා ගන්න බැරි වෙනවා. එසේ වූ විට සිහි කල්පනාව යහපත්ව ඇති මිනිසුන්ටත් තම අදහස අන් අයට නිවැරදිව කියන්නේ කෙසේද යන ගැටළුව ඇති වෙනවා, අන් අය පවසන්නේ හරියටම කුමක්දැයි තේරුම් ගැනීමත් ගැටළුවක් වෙනවා.

වර්තමාන සිංහල භාෂාවේ භාවිතයේ ඇති වචන වල නිවැරදි තේරුමවත් හරි හැටි වටහා ගෙන අන් අයට දක්වන්න බැරි මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් සියුම් අර්ථ සහිත තීක්ෂණ ප්‍රඥාවෙන් නිවැරදි අර්ථ වටහා ගත යුතු බුද්ධ භාෂිත වචන වල නිවැරදි අර්ථයන් වෙනුවට දොස් සහිත නව අර්ථයන් දුන් විට කුමක්ද සිදුවන්නේ? එවිට ධර්මය සහ විනය නිවැරදි අර්ථ සහිත වචන වලින් කියන අය හිටියත් ඒ කියන්නේ කුමක්දැයි නිවැරදිව වටහා ගැනීමට මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ගේ දොස් සහිත ලෙස වචන අර්ථ ගැන්වීම දොස් රහිත යැයි පිළිගන්නා අයට නොහැකි වෙනවා. එසේ වන්නේ නිවැරදි ධර්මය සහ විනය නිවැරදි වචන වලින් කීවත් වචන වල අර්ථය වරදවා ගෙන අසන අය ඒ නිවැරදිව කියන ලද කරුණු වටහා ගන්නේ අන් අර්ථයන් ඇති ලෙසින් වන නිසා. එවිට නිවැරදි ධර්මය හා විනය නිවැරදි වචන වලින් පවසන අයව වචන වල අර්ථ වරදවා ගත් අය වරදවා දකින්නේ දොස් සහිත ලෙස ධර්මය හා විනය පවසන අය ලෙසින්. එසේ දැක නිවැරදි ධර්මය හා විනය නිවැරදි වචන වලින් පවසන අයට දොස් තැබීමට එම වචන වල අර්ථ වරදවා ගත් අය පෙළඹෙනවා. එලෙසම වචන වල අර්ථ වරදවා ගත් අය අන් අයවත් පොළඹවනවා නිවැරදි ධර්මය හා විනය නිවැරදි වචන වලින් පවසන අයගේ නැති වැරදි දැකීමට හා ඔවුන්ට දොස් තැබීමට.

බුද්ධ භාෂිත වචන වල අර්ථය වරදවා ගත් විට ධර්මයත් විනයත් වරදවා තේරුම් ගෙන වරදවා පිළිපැදීමෙනුත්, නිවැරදි ධර්මය හා විනය නිවැරදි වචනයෙන් පවසන දොස් රහිත අයට දොස් කීමෙනුත්, එවන් අය කියන දොස් රහිත දේ දොස් සහිත ලෙස අන් අයට පැවසීමෙනුත් එසේ වචන වල අර්ථය වරදවා ගන්නා අය බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නො සුව පිණිස, බොහෝ දෙනාට අනර්ථ පිණිස, දෙවිමිනිසුනට අහිත පිණිස හා දුක් පිණිස කටයුතු කරනවා. ඒ වරදවා ගත් පිරිස බොහෝ පව් ද උදා කරගන්නවා. ඒ වරදවා ගත් පිරිස ම සද්ධර්මය අතුරුදන් කරනවා.

ඒ වරදවා ගත් පිරිස සද්ධර්මය අතුරුදන් කරන්නේ මනා සේ පවත්නා ධර්මය හා විනය විස්තරත් ප්‍රතික්ෂේප කරන තත්වයකට තමන්වත් අන් අයවත් යොමු කිරීමෙන්. බුද්ධිය යන වචනය භාවිතා කර ඇති සූත්‍රයක් ලෙස ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ මහා වර්ගයේ බොජ්ඣඞ්ග සංයුක්තයේ නීවරණ වර්ගයේ බුද්ධි සූත්‍රය දැක්විය හැකියී. එම සූත්‍රයේ සිංහල පරිවර්තනය දෙස බැලීමේදී බුද්ධි හා බුද්ධිය යන වචන භාවිතා කර තිබෙනවා.  පාලි භාෂාවෙන් [ http://thripitaka.org/view/sp/sp11p1/215 ] බුද්ධි සහ බුද්ධියා යන වචන භාවිතා කර තිබෙනවා. මේ පාලියෙන් සහ සිංහලෙන් ඇති බුද්ධි සූත්‍රයේ මනා වූ ධර්ම කරුණක් මනාව විස්තර කර තිබෙනවා. බුද්ධිය යන වචනයට "රාග බව, දෝෂ බව සහ මෝහ බව වර්ධනය" යන වැරදි අර්ථයක් දෙන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් සහ එම හිමියන් පවසන දේ පිළිගන්නා අය විසින් ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති බුද්ධි සූත්‍රය පිළිගැනීම ප්‍රතික්ෂේප කෙරෙනවා නම් එය විය හැකියී. ඒ මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ගේ බුද්ධිය යන වචනයේ වැරදි අර්ථයට අනුව ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති බුද්ධි සූත්‍රයේ වැරදි අර්ථය වැරදි ලෙසම ඔවුන් දකින නිසා. ඒ ආකාරයට බුද්ධිය යන වචනය පමණක් නොව තවත් වචන වල අර්ථයන්ද වැරදි යැයි දකින ඔවුන් ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනය මනා සේ තිබුනත් තමන්ගේ වැරදි වැටහීම නිසා සම්පූර්ණ ත්‍රිපිටක සිංහල පරිවර්තනයම ප්‍රතික්ෂේප කරන්න පෙළඹෙනවා. සූත්‍රයේ පාලියෙනුත් "බුද්ධි" හා "බුද්ධියා" ලෙස ඇති නිසා බොහෝ විට ඔවුන් කරන්නේ පාලියෙන් ඇති දේත් වැරදි යැයි සලකා පාලියෙන් ඇති ත්‍රිපිටකයත් ප්‍රතික්ෂේප කිරීම. බොහෝ විට එසේ කරන්න පෙළඹෙන්නේ ත්‍රිපිටකයේ අද ඇති පාලි භාෂාව සැබැවින්ම බුද්ධ භාෂිත මාගධී භාෂාව නොවේ යැයි සැලකීමෙන්. කාලය යෑමේදී බොහෝ පිරිස් ඒ අකාරයට හිතන්න පෙළඹුනාම සියුම් අර්ථ සහිත තීක්ෂණ ප්‍රඥාවෙන් නිවැරදි අර්ථ වටහා ගත යුතු සද්ධර්මය මනා සේ බහුල ලෙස ඇති ත්‍රිපිටකයේ පාලි සහ සිංහල පරිවර්තනයන් සමාජයේ බොහෝ පිරිස් දකින්නේ බැහැර කළ යුතු අධර්මය සහ අවිනය ඇති පොත් ලෙස. මිනිසුන් තුළ ඇති කරන ලද ව්‍යාකූලත්වයත්වය හේතුවෙන් මුලාවූ මිනිසුන්ට සරල දහම් කරුණුවත් එවිට තේරුම් ගන්න බැරි වීම නිසා ධර්මය සහ විනය ලෙස ඔවුන් එවිට පිළිගන්නේ "මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද 5 කැඩෙන ආකාරය" වැනි අර්ථ රහිත සාවද්‍ය කාරණාවන්.