මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ ගුණ පවසා බොහෝ පව් රැස් කරගන්නා වෛද්‍ය තුමියක්

ඉහත වීඩියෝවේ තම අදහස් දක්වන වෛද්‍ය තුමිය මෙසේ පවසන අයුරු දැකිය හැකියි:

[ කාලය 00:05:50 ]
ඊට පස්සෙ මට තේරුණා හාමුදුරුවො කියන්නේ සීයට සීයක් ඇත්ත කියලා...

[ කාලය 00:10:23 ]
ඒ නිසා මම අවධාරණය කළ යුතු එක කාරණයක් තියෙනවා. මේ.. දැන්.. ඔබ මෙච්චර කාලයක් පවෙන් වැළකිලා, පින් කරමින් ඔබ අති බහුතරයක් දෙනා මෙච්චර කාලයක් නිවන් මඟ හෙව්වා ලැබුන් නෑ, නමුත් ඔබ සියලු දෙනාටම දැන් නිවන් මඟ බොහොම පැහැදිලිව, පිරිසිදුව සිව්පිළිසිඹියාපත්ව විග්‍රහ කරන අති උත්තමයන් වහන්සේ නමක් මුනගැහිලා තියෙනවා අපි සියලු දෙනාම වාසනාවන්තයි ඒකට. ...

මීවනපලානේ සිරි ධම්මාලංකාර යනු විපරීත දෘෂ්ටි ඇති අඥාන භික්ෂූවක්. මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩේ යැයි මුසාවාදයක් පවසන, මජ්ඣිමා පටිපදා යනු මධ්‍යම ප්‍රතිපදාව නොවේ යැයි  විකෘති දහමක් පවසන, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස පටලවා ගෙන විස්තර කරන, බුද්ධිමත් යනු රාග බව, දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි අන්ධබාල කථාවක් පවසන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි සියයට සියයක් ඇත්ත කියන්නේ යැයි කෙසේ කියන්නද? එවන් අඥාන භික්ෂූවක් අරභයා "නමුත් ඔබ සියලු දෙනාටම දැන් නිවන් මඟ බොහොම පැහැදිලිව, පිරිසිදුව සිව්පිළිසිඹියාපත්ව විග්‍රහ කරන අති උත්තමයන් වහන්සේ නමක් මුනගැහිලා තියෙනවා අපි සියලු දෙනාම වාසනාවන්තයි ඒකට." ආදී ගුණ කථා කීම බොහෝ පව් සිදු වන ක්‍රියාවක්.

අන් අයගේ ගුණ කීම බොහෝ පින් සිදු වීමට කාරණාවක් විය හැකියි. අන් අයගේ ගුණ කීම බොහෝ පව් සිදු වීමටද කාරණාවක් විය හැකියි. ඒ ගැන වැඩි විස්තර "අන් අයගේ ගුණ දොස් කීම පුණ්‍ය ක්‍රියාවක්ද, පාප ක්‍රියාවක්ද, නොකියා සිටීම උතුම්ද?" යන ලිපියේද දක්වා තිබෙනවා.

නො දැන, නො බැස ගෙන මීවනපලානේ සිරිධම්මාලංකාර හිමිගේ ගුණ පවසන එම වෛද්‍ය තුමිය අභාග්‍ය සම්පන්න ලෙස බොහෝ පව් රැස් කරගන්නා ආකාරය එම වීඩියෝවෙන් දැක්වෙනවා.