මීවනපලානේ පචෝරිස් හිමි වහරක අභයරතනාලංකාර හිමිගේ ගව ආත්මභාවයක් ගැන කීම

ඉහත වීඩියෝවේ කාලය 1:45:02 සිට 1:49:29 අතර මීවනපලානේ පචෝරිස් හිමි වහරක අභයරතනාලංකාර හිමි ගැන පවසන අයුරු දකින්න පුළුවන්. විඩියෝවේ එම කොටසේත් විපරීත දෘෂ්ටි ඇති මීවනපලානේ හිමි අධාර්මික කථා පවසන අයුර දැක්වෙනවා. බුදුන් දවස වහරක හිමි තමන්ගේ ගව පට්ටියක සිටි ගවයෙකු යැයි මීවනපලානේ හිමි පවසන අයුරු එම කාල පරතරය තුළ දකින්න පුළුවන්. තව ද වහරක හිමි නිවැරදි දහම් නොකී බව ද මීවනපලානේ හිමි පවසන අයුරු එහි දැක්වෙනවා.

මීවනපලානේ හිමි විපරීත කථා පවසමින් බොහෝ දෙනා නොමඟ යවන්නෙක්. වහරක අභයතරනාලංකාර හිමි ද බොහෝ දෙනා නොමඟ යවන විපරීත කථා කියූවෙක්. මෙකල සමහර මෝඩ පුද්ගලයෝ මේ දෙදෙනාම සත්‍යයම දෙසූ බව හැඟවෙන කථා පවසනවා. මේ දෙදෙනාම බොහෝ දෙනාගේ අහිතට හේතුවන විපරීත කථා දෙසා ඇතත් යම් මෝඩ පුද්ගලයෙක් සිතනවා නම් මේ දෙදෙනාම සත්‍යයම දෙසුවා යැයි කියා මීවනපලානේ හිමි වහරක හිමි ගැන පවසන ඉහත දක්වන ලද කථාවට අනුව ඒ මොඩ පුද්ගලයින් ද මෝඩකමින්ම එසේ සිතන බව විද්‍යමාන වෙනවා. මීවනපලානේ හිමිම වහරක හිමි නිවැරදි  ධර්මය නොකීවා යැයි කියා ඇති විට දෙදෙනාම සත්‍යයම දෙසුවා යැයි කියන්න බැහැ.

මීවනපලානේ පචෝරිස් හිමිත්, වහරක අභයරතනාලංකාර හිමිත් බොහෝ දෙනාගේ අහිතට හේතුවන විපරීත කථා දෙසා ඇති අය.

වෙනත් අදාළ යොමු:

  1. වහරක අභයරතනාලංකාර හිමි මීවනපලානේ පචෝරිස් හිමිගේ දහම් දෙසීම ප්‍රෝඩාකාරී බවට විස්තර කිරීම
  2. වලස්මුල්ලේ අභය බමුණා මීවනපලානේ පචෝරිස් හිමි ගැන පවසන දෑ
  3. මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි