බමුණු නිල නිවේදනයක්!

ආ ආ දර මොණරාගල පඤ්ඤාලංකාර හිමි:

[ කාලය 29:38 ]

මගේ නම මොණරාගල පඤ්ඤාලංකාර හාමුදුරුවෝ. මං පැවිදි වෙලා අවුරුදු දැන් විසි හතක් විතර වෙනවා. උපසම්පදා වෙලා ඒ කටයුතු කරලා, අනූ අටේ, අවුරුදු දාසයක් විතර වෙනවා. ඉතින් ගිහි කාලේ ඉදලම අභය හාමුදුරුවෝ බොහොම හිතවත්. උන්වහන්සේගෙන් බණ ටික අහන්ඩ මට පුළුවන් උනේ කවුදෝ මන්දා දෙවි කෙනෙක් නිසා.

...

[ කාලය 32:54 ]
... මෙන්න මේ කටයුතුවලට අපි ගොඩක් උදව් කරා. ඒ නිසා දැන් අපිට හරි වෙහෙසයි. මේ ඔබ පිංවතුන් ඔතන ඇවිල්ලා ඉඳගත්තට, සතියක් විතර ඇවිල්ලා මේකෙ හිටියට මේ වැඩ පිළිවෙළ පිටිපස්සෙ ඉදලා කරන එක හරි වෙහෙසයි.

ඒ වගේම ප්‍රඥා ටීවී එකේ වැඩ කටයුතු කරනකොට හරි වෙහෙසයි. තිස් පස් දෙනෙක් වැඩ කරන්න ඕනැ. අපි ඉන්නේ හය දෙනයි. ඒ හය දෙනෙක්ගෙන් තුන් දෙනෙක් ගෑණු ළමයි, අනිත් අය මේ පිරිමි ළමයි ටිකක්. ඉතින් ඒ තිස් පස් දෙනෙක් කරගෙන යන වැඩ කරගෙන යන එක වෙහෙසයි.

ඒ වගේම හිතවත් හාමුදුරුවරු, මගේ පන්තියේ හිටපු හාමුදුරුවරු දැන් ලොකු ලොකු තැන්වල ඉන්නේ. ඒ හාමුදුරුවන්ට මේ බණ සමහර විට තේරෙන්නේ නෑ. ඉතින් මෙන්න මේවට පෙනී හිටලා, මූණ දීලා හරි වෙහෙසයි.

ඒ නිසා අද ඉදලා, මේ මොහොතේ ඉදලා, නිරපේක්ෂත්වයේ මඟ කියන මේ සංවිධානයෙන්, ඒ වගේම අභය හාමුදුරුවෝ පෙනී හිටින මේ සියලු වැඩ පිළිවෙළින් මම ඉවත් වෙලා කිසිම විදිහකින් රූපයකින්, වචනයකින්, හැසිරීමකින්, පෑන් ඉරකින් වත් ඒ නිරපේක්ෂත්වයේ මඟ කියන සංවිධානයත් එක්ක කිසිම සම්බන්ධතාවයක්, මහාබෝධි අග්‍රශ්‍රාවක විහාරය, හෝමාගම විමලඥාන විහාරය අදින් පස්සෙ සම්බන්ධ නෑ කියලා මං මේ වේලාවෙ ප්‍රකාශයක් කරනවා.

ඒක මගේ පෞද්ගලික හේතුවක්. වෙහෙස නිසා. වෙහෙස නිසා.

ඒ වගේම මං ප්‍රඥා ටීවී පටන්ගන්නකොට විමල හාමුදුරුවෝ පටන් අරගෙන ගියා. පස්සේ උන්වහන්සේ මේක කරේ නෑ. ඒ නිසා තමයි මාව පැටලුනේ. ... හැබැයි ඒකට මං හිතන්නේ බැංකු ලෝන් එකක් තියෙනවා ලක්ෂ හැටක විතර. එක කරගන්න විදියක් මොකක් හරි කරලා ඒක වහලා දාලා ඒ නාලිකාවත් අදින් පස්සෙ ඒ නාලිකාවෙ නිරපේක්ෂත්වයේ මඟ කියන කිසි දෙයක් ප්‍රකාශය කිරීම, විසිරුවා හැරීම ඒක මං අත්හරිනවා. ඒක නතර කරනවා. ඒ වගේම කවුරු හරි කෙනෙක් ඒකට රුපියලක් හරි දීලා තිබ්බානං, මං මෙතෙන්ටත් කොළයක් දීලා බැලුවා, ඒකටත් ප්‍රතිඵලයක් නෑ. ඉතින් මට ජොබ් එකක් කරන්න වෙනවා මෙහෙම ගියොත්, එතකොට සිවුරු අරින්ඩ වෙනවා.

ඉතින් මෙන්න මේ කාරණා නිසාත්, සමහර පෞද්ගලික කාරණා නිසාත් අභය හාමුදුරුවෝ, ඒ වගේම අභය හාමුදුරුවෝ පෙනී හිටින සියලු වැඩසටහන්වලින් මම අයින් වෙනවා, ඒ වෙනුවන් ආයෙ කිසිම ප්‍රශ්නයකට, කොළේකට, ලියකියවිල්ලකට මහබෝධිය හොයාගෙන එන්ඩවත්, විමලඥාන විහාරය හොයාගෙන එන්ඩවත් එපා කියලා මං මේක මතක් කරනවා.

ඒ වගේම ඒකට දෙන ඒ සම්බන්ධයෙන් කිසිම දෙයකට - පෙර කළා වූ හෝ මතු මතු කරන කිසි දෙයකට - සම්බන්ධතාවයක් වෙන්නේ නෑ, නිවන් දකින්නට විතරක් අභය හාමුදුරුවෝ එක්ක එකතු වෙලා ඉන්නවා.

ඊට අමතරව ධර්ම දේශනා වශයෙන් බණ්ඩාරවෙල වංගීස හාමුදුරුවෝ නිරපේක්ෂතා මඟින් අයින් වෙනවා කියලා කියලා තියෙනවා. ඒ වගේම මහරගම කාශ්‍යප හාමුදුරුවෝ, අනුරුද්ධ හාමුදුරුවෝ, භද්දිය හාමුදුරුවෝ මේ ස්වාමීන් වහන්සේලා මේ වැඩ පිළිවෙළේ සහසම්බන්ධයක් නෑ අදින් පස්සෙ කුමන හෝ කාරණයකට නිරපේක්ෂත්වයේ මඟ කියන සංවිධානයත් එක්ක නැ. නිවන් දකින් මඟත් එක්ක නෙවෙයි, නිරපේක්ෂත්වයේ මඟ කියන සංවිධානයත් එක්ක නැති බව උන්වහන්සේලා සඳහන් කරා. මම ආයතන වශයෙන් නෑ.

...

හැබැයි ප්‍රඥා ටීවී එකත් ඉදිරියට කරගෙන යන්ඩ විදිහක් නෑ, මට ජොබ් එකක් කරන්ඩ වෙන හින්දා. ඉතින් මං අභය හාමුදුරුවන්ගෙන් ඒකට මුදල් ඉල්ලුවා, උන්වහන්සෙත් ඒකට දුන්නේ නෑ. ඉතින් උන්වහන්සේට හම්බවෙන්නේ නෑනේ කාගෙන්වත්. ඒ නිසා ඒකත් ඉවරයි, ඒක විහිළුවට කීවේ, නමුත් ඒකට මුදල් බලාපොරොත්තුවක් අපට අවශ්‍ය වෙන්නේ නෑ. අද පටන් අපට කෝල් කරලා හේතු අහන්ඩ යන්ඩත් එපා.

...

එතකොට මේක අද වගේ වැඩසටහනක කිව්වට පස්සෙ ආපහු මේක එක එක හොර කථා යන්නේ නෑ ඔෆීෂියලිම මෙහෙම නිවේදනයක් නිකුත්කරාට පස්සෙ. ...

...

හැම කෙනාටම තෙරුවන් සරණයි!

අතිරේක කියවීම්:

  1. වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක්
  2. "I Love You" - මෝඩ බමුණන් ගැන ගෙතූ කථාවක්
  3. රාජගිරියේ අරියඥාණ හිමි සංඝයා රූපියශික්ෂාපදයෙහි වරදවා පිළිපැදීමට යොමු කෙරෙන පරිදි ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාට මුදල් දිය යුතු අයුරක් පැවසීම