වැරදුණු බමුණු ඉරි ඇඳීම

ඉහත දැක්වෙන වීඩියෝවේ මාතෘකාව ලෙස "චතුරාර්ය සත්‍යය දේශනාව ශ්‍රැතමයි" යන්න යොදා තිබෙනවා. මෙම ලිපියෙන් කියැවෙන්නේ එම මාතෘකාවෙන් කියැවෙන අර්ථයේ ඇති වරදක් ගැන නොවෙයි. එම කරුණ ත්‍රිපිටකයේ එසේ සඳහන්ව ඇති බවක් හඟවමින් වලස්මුල්ලේ අභය බමුණා ත්‍රිපිටකය උපුටා දක්වන ආකාරය නම් මෝඩ බමුණන්ට සුදුසුයි. වීඩියෝවේ මෙසේ පැවසෙනවා:

[ කාලය 00:19 ]
නෙත්තිප්ප්‍රකරණයේ අනූ එක් වන පිටුවේ, මේ චතුස්සත්‍යයෝ දේශනාප්‍රඥප්ති යැ ශ්‍රැතමයි.

වලස්මුල්ලේ අභය බමුණා එම කරුණ පවසන අතරතුර පෙන්වන ප්‍රදර්ශන රූපයේ (presentation slide) යම් යම් වාක්‍ය කොටස් යටින් රතු පාටින් ඉරි ද ඇඳ තිබෙනවා. සැබෑවටම ත්‍රිපිටකයේ අදාළ ස්ථානයේ ඇත්තේ "මේ චතුස්සත්‍යයෝ දේශනාප්‍රඥප්ති යැ ශ්‍රැතමයි" යන්න ද? අභය බමුණා පවසන දෑ ද, රතු පාටින් ඉරි ඇඳ ඇති දෑ ද, ප්‍රදර්ශන රූපයේ සිංහල භාෂාවෙන් සහ පාලි භාෂාවෙන් දැක්වෙන දෑ ද පරික්ෂා කර බැලූ විට අභය බමුණා එහි ඇති වාක්‍යය කොටස්වලට බෙදා ගැනීම වරදවා ගෙන ඇති බව වටහා ගන්න පුළුවන්. අදාළ වාක්‍යයේ ඇති "මේ චතුස්සත්‍යයන්ගේ දෙශනාප්‍රඥප්ති යැ" යන්න එක් කොටසක්. "ශ්‍රැතමයි" යන වචනය යෙදෙන්නේ ඊට පසු ඇති වාක්‍ය කොටස සමඟ - එනම් "ශ්‍රැතමයි ප්‍රඥාවගේ නික්ෂෙපප්‍රඥප්ති යැ" යන්න දැක්වීමට.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දකනිකායේ නෙත්තිප්පකරණයේ පටිනිද්දෙසවාරයේ පඤ්ඤත්තිහාරවිභඞ්ගයේ (91 පිටුව) එය සඳහන්ව ඇත්තේ මෙසේයි:

[ පාලි භාෂාවෙන් ]
"..." අයං දෙසනාපඤ්ඤත්ති සච්චානං, නික්ඛෙපපඤ්ඤත්ති සුතමයියා පඤ්ඤාය, සච්ඡිකිරියාපඤ්ඤත්ති අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රියස්ස, පවත්තනාපඤ්ඤත්ති ධම්මචක්කස්ස.

[ සිංහල පරිවර්තනය (වටහා ගැනීමේ පහසුව පිණිස කොමා ලකුණු එකතුකර ඇත) ]
"..." මේ චතුස්සත්‍යයන්ගේ දෙශනාප්‍රඥප්ති යැ, ශ්‍රැතමයි ප්‍රඥාවගේ නික්ෂෙපප්‍රඥප්ති යැ, අනඤ්ඤතඤ්ඤස්සාමිතින්ද්‍රියයාගේ සාක්ෂාත්ක්‍රියාප්‍රඥප්ති යැ, ධර්මචක්‍රයාගේ ප්‍රවර්තනප්‍රඥප්ති යි.

එම "ශ්‍රැතමයි" වචනය මුල් වාක්‍ය කොටස සමඟ නොව පසු වාක්‍ය කොටස සමඟයි යෙදෙන්නේ. ඊට අනුව එම වාක්‍ය කොටස් දෙකේ අර්ථ වටහා ගැනීමයි නිවැරදි.

අතිරේක කියවිම්:

  1. ත්‍රිපිටකය හැදෑරීම සහ පාළි භාෂාව ඉගෙනීම ගැන නා උයනේ අරියධම්ම හිමිගෙන් වටිනා විස්තර කිරීමක්
  2. ආර්ය සල්ලෙඛය ගැන වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු විස්තර කිරීම
  3. වලස්මුල්ලේ අභය හිමි අනිච්ච සහ අනිච්ඡ පටලවා ගැනීම
  4. වලස්මුල්ලේ අභය බමුණා අත්ත සහ අත්ථ පටලවා ගැනීම