රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දා, ආඩතෝඩා පැණි සහ සැබෑම දක්ෂයා

බණ දේශනාවකට ආරාධනා කෙරුමට පැමිණි අයෙකු විසින් සතියකට පසු පැවැත්වෙන බණ දේශනා දින දී පූජා කළ යුතු දෑ පිළිබඳව විමසන ලදුව අඩතෝඩා පැණි පූජා කරන්න යැයි කීමෙන් පසු එම ආරාධනය කළ තැනැත්තා එතෙක් කල් නො සිට පසු දිනම අරියඥාණ මහලු පැවිද්දාට ආඩතෝඩා පැණි පූජා කිරීම දක්ෂ භාවයක් බවත්, එහෙත් එම දක්ෂ භාවයට ලකුණු දීමට බැරි බවත්, පැණි පූජා කරන්න යැයි කී අවස්ථාවේම ගොස් පැණි රැගෙන විත් පූජා කළා නම් එය තමයි දක්ෂ භාවය යැයි ඉහත දැක්වෙන වීඩියෝවේ අරියඥාණ මහලු පැවිද්දා විස්තර කරන අයුරු දැක්වෙනවා.

යම් තැනැත්තෙක් අරියඥාණ මහලු පැවිද්දා කී අවස්ථාවේම ගොස් ආඩතෝඩා පැණි රැගෙන විත් පූජා කරයි ද, එම දක්ෂ භාවයට වඩා වැඩිතර දක්ෂ භාවයක් තිබේ ද?

එබඳු වඩා වැඩිතර දක්ෂ භාවයක් තිබෙනවා. ඒ තමයි අවශ්‍යතාවය කීමටත් පෙර අරියඥාණ මහලු පැවිද්දාට ආඩතෝඩා පැණිවලින් සුව කළ හැකි රෝගයක් වේ යැයි දැන හමුවන්නට යන පළමු අවස්ථාවේදීම ආඩතෝඩා පැණි රැගෙන ගොස් පූජා කිරීම.

යම් තැනැත්තෙක් අරියඥාණ මහලු පැවිද්දා කීමටත් පෙර අරියඥාණ මහලු පැවිද්දාට ආඩතෝඩා පැණිවලින් සුව කළ හැකි රෝගයක් වේ යැයි දැන හමුවන්නට යන පළමු අවස්ථාවේදීම ආඩතෝඩා පැණි රැගෙන ගොස් පූජා කරයි ද, එම දක්ෂ භාවයට වඩා වැඩිතර දක්ෂ භාවයක් තිබේ ද?

එබඳු වඩා වැඩිතර දක්ෂ භාවයක් තිබෙනවා. ඒ තමයි අරියඥාණ මහලු පැවිද්දා කීමටත් පෙර අරියඥාණ මහලු පැවිද්දාට කිනම් කිනම් රෝග ඇත් ද, කිනම් රෝගයන්ට පළමුව ප්‍රතිකාර කළ යුතු ද, කිනම් රෝගයන්ට පසුව ප්‍රතිකාර කළ යුතු ද යන්න දැන ඒ ඒ රෝගයන්ට ගැළපෙන ප්‍රතිකාර සුදුසු කල්හි කිරීම.

යම් තැනැත්තෙක් අරියඥාණ මහලු පැවිද්දා කීමටත් පෙර අරියඥාණ මහලු පැවිද්දාට කිනම් කිනම් රෝග ඇත් ද, කිනම් රෝගයන්ට පළමුව ප්‍රතිකාර කළ යුතු ද, කිනම් රෝගයන්ට පසුව ප්‍රතිකාර කළ යුතු ද යන්න දැන ඒ ඒ රෝගයන්ට ගැළපෙන ප්‍රතිකාර සුදුසු කල්හි කරයි ද, එම දක්ෂ භාවයට වඩා වැඩිතර දක්ෂ භාවයක් තිබේ ද?

එබඳු වඩා වැඩිතර දක්ෂ භාවයක් තිබෙනවා. ඒ තමයි අරියඥාණ මහලු පැවිද්දා කීමටත් පෙර අරියඥාණ මහලු පැවිද්දාට කිනම් කිනම් රෝග ඇත් ද, අරියඥාණ මහලු පැවිද්දාගෙන් අන් අයටත් එම රෝග බෝවී ඇත් ද, කිනම් රෝගයන්ට පළමුව ප්‍රතිකාර කළ යුතු ද, කිනම් රෝගයන්ට පසුව ප්‍රතිකාර කළ යුතු ද යන්න දැන අරියඥාණ මහලු පැවිද්දාටත්, අරියඥාණ මහලු පැවිද්දාගෙන් රෝග බෝවී ඇති අන් අය වේ නම් ඒ අයටත් ඒ ඒ රෝගයන්ට ගැළපෙන ප්‍රතිකාර සුදුසු කල්හි කිරීම.

යම් තැනැත්තෙක් අරියඥාණ මහලු පැවිද්දා කීමටත් පෙර අරියඥාණ මහලු පැවිද්දාට කිනම් කිනම් රෝග ඇත් ද, අරියඥාණ මහලු පැවිද්දාගෙන් අන් අයටත් එම රෝග බෝවී ඇත් ද, කිනම් රෝගයන්ට පළමුව ප්‍රතිකාර කළ යුතු ද, කිනම් රෝගයන්ට පසුව ප්‍රතිකාර කළ යුතු ද යන්න දැන අරියඥාණ මහලු පැවිද්දාටත්, අරියඥාණ මහලු පැවිද්දාගෙන් රෝග බෝවී ඇති අන් අය වේ නම් ඒ අයටත් ඒ ඒ රෝගයන්ට ගැළපෙන ප්‍රතිකාර සුදුසු කල්හි කරයි ද, එම දක්ෂ භාවයට වඩා වැඩිතර දක්ෂ භාවයක් තිබේ ද?

එබඳු වඩා වැඩිතර දක්ෂ භාවයක් තිබෙනවා. ඒ තමයි අරියඥාණ මහලු පැවිද්දා කීමටත් පෙර අරියඥාණ මහලු පැවිද්දාට කිනම් කිනම් රෝග ඇත් ද, අරියඥාණ මහලු පැවිද්දාගෙන් අන් අයටත් එම රෝග බෝවී ඇත් ද, කිනම් රෝගයන්ට පළමුව ප්‍රතිකාර කළ යුතු ද, කිනම් රෝගයන්ට පසුව ප්‍රතිකාර කළ යුතු ද යන්න දැන අරියඥාණ මහලු පැවිද්දාටත්, අරියඥාණ මහලු පැවිද්දාගෙන් රෝග බෝවී ඇති අන් අය වේ නම් ඒ අයටත් ඒ ඒ රෝගයන්ට ගැළපෙන ප්‍රතිකාර සුදුසු කල්හි කිරීම සහ එම රෝගී පිරිසට නැවත එම රෝග නොවැළඳීමටත්, එම රෝගී පිරිසගෙන් නිරෝගී අන් අයට එම රෝග බෝවීම වැළැක්වීමටත් කටයුතු කිරීම.

යම් තැනැත්තෙක් අරියඥාණ මහලු පැවිද්දා කීමටත් පෙර අරියඥාණ මහලු පැවිද්දාට කිනම් කිනම් රෝග ඇත් ද, අරියඥාණ මහලු පැවිද්දාගෙන් අන් අයටත් එම රෝග බෝවී ඇත් ද, කිනම් රෝගයන්ට පළමුව ප්‍රතිකාර කළ යුතු ද, කිනම් රෝගයන්ට පසුව ප්‍රතිකාර කළ යුතු ද යන්න දැන අරියඥාණ මහලු පැවිද්දාටත්, අරියඥාණ මහලු පැවිද්දාගෙන් රෝග බෝවී ඇති අන් අය වේ නම් ඒ අයටත් ඒ ඒ රෝගයන්ට ගැළපෙන ප්‍රතිකාර සුදුසු කල්හි කිරීමට සහ එම රෝගී පිරිසට නැවත එම රෝග නොවැළඳීමටත්, එම රෝගී පිරිසගෙන් නිරෝගී අන් අයට එම රෝග බෝවීම වැළැක්වීමටත් කටයුතු කරයි ද, විස්තර කළ දක්ෂ භාවයන් අතර එම දක්ෂ භාවය අග්‍ර ද, ශ්‍රෙෂ්ඨ ද, ප්‍රමුඛ ද, උත්තම ද, ප්‍රවර ද වෙනවා.