හඳපාන්ගොඩ නිවාතාප විසින් බල්ලන් පූජිත වේ!

සියම් නිකායේ මල්වතු පාර්ශවයේ යැයි පැවසෙන මිසදිටු ගත් වාචාලයෙකු වන හඳපාන්ගොඩ නිවාතාප සඞ්ඝ යන වචනයට පහත දක්වා ඇති අයුරින් මනස්ගාත අර්ථයක් ලබා දෙන අයුරු ඉහත වීඩියෝවේ දැක්වෙනවා.

[ කාලය 32:54 ]

සඞ්ඝ කියන්නේ පිංවතුනි සං ගසා දාපු උත්තමයන්ට. සං කියලා කියන්නේ ඉපිදි ඉපිදි මැරි මැරී යන සකස්වෙන මේ එකතුවට. මේ ඉපිදි ඉපිදි මැරි මැරී යන සකස්වෙන එකතුව ගසා දාලා විනාශ කරලා දාපු පුද්ගලයෝ තමයි සඞ්ඝ කියන්නේ.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ පඤ්චකනිපාතයේ දුතිය පණ්ණාසකයේ නීවරණවග්ගයේ ලිච්‌ඡවිකුමාර සූත්‍රයේ සඞ්ඝ යන වචනය අඩංගු කුක්කුරසඞ්ඝ යන වචනය මෙසේ යෙදී තිබෙනවා:

[ පාලියෙන් ]

තෙන ඛො පන සමයෙන සම්බහුලා ලිච්ඡවිකුමාරකා සජ්ජානි ධනූනි ආදාය කුක්කුරසඞ්ඝපරිවුතා මහාවනෙ අනුචඞ්කමමානා අනුවිචරමානා අද්දසංසු භගවන්තං අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසින්නං දිවාවිහාරං දිස්වාන සජ්ජානි ධනූනි නික්ඛිපිත්වා කුක්කුරසඞ්ඝං එකමන්තං උය්‍යොජෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා තුණ්හීභූතා තුණ්හීභූතා පඤ්ජලිකා භගවන්තං පයිරුපාසන්ති.

[ සිංහල පරිවර්තනය ]

එ සමයෙහි බොහෝ ලිච්ඡවි කුමාරයෝ දියනැඟි දුනු ගෙණ කුකුරු (සුනඛ)ගණා විසින් පිරිවරණ ලදුවෝ මහවෙනෙහි අනුචඞ්ක්‍රමණ කරන්නාහු ඇවිදුනාහු එක්තරා රුක්මුලෙක දිවාවිහාරයට වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටහ. දැක සහදියදුනු බහා තබා කුකුරුගණා එකත්පසෙක යවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ තුෂ්ණීම්භූත වූවාහු බැඳැඳිලි ඇතියාහු භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යුපාසන කරත්.

මෙසේ ඇති විට හඳපාන්ගොඩ නිවාතාප විසින් බල්ලන් පූජිතයි.