පිටිදූවේ පකිස් බූරුවා යනු අරහත් තබා සෝතාපන්න වත් නැති අන්ධබාල පෘතග්ජනයෙකි

සියම් නිකායේ මල්වතු පාර්ශවයේ පිටිදූවේ පකිස් බූරුවා යනු තමන් අරහත් ඵල ලාභියෙකැයි පවසන වංචාකාරී මෝඩ පුද්ගලයෙක්. මේ පුද්ගලයා අරහත් ඵලය තබා සෝතාපන්න ඵලය වත් ලබා නැහැ. තවද මේ පුද්ගලයා බුදුදහම හරිහැටි වටහා නොගෙන ස්වකීය මෝඩකමට අනුව බුදුදහම විකෘති කොට දේශනා කරන්නෙක්. දහම් දැනුම මඳ බැවින් බොහෝ දෙනෙක් මේ පුද්ගලයා කියන දෑ හි සත්‍ය අසත්‍ය බව වටහා ගැනීමට නොහැකිව සිටියත් මේ පුද්ගලයා අරහත් ඵලය තබා සෝතාපන්න ඵලය වත් නොලත් අන්ධබාල පෘතග්ජනයෙකු බව ධර්මයට අනුව දකින්න පුළුවන්. මෙම ලිපියෙන් කියැවෙන්නේ පිටිදූවේ පකිස් බූරුවා යනු අරහත් ඵල ලාභියෙකු තබා අඩුතරමින් සෝතාපන්න ඵලය වත් නොලත් අන්ධබාල පෘතග්ජනයෙකු බව වටහා ගත හැකි එක් ආකාරයක්.

පහත දැක්වෙන්නේ දෙදහස් දහ නව වන වූ මෙම වසරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර දී පිටිදූවේ පකිස් බූරුවා විසින් පවසන ලද දෑ සඳහන්ව ඇති වීඩියෝවක්:

එම වීඩියෝවේ මෙසේ කියැවෙනවා:

[ 00:33:52 ]

දැන් ලෝකෙට බුදුවරු පහළ වෙනවා. ඒ පහළවෙන බුදුවරු ලෝකය නිත්‍යයි කියනවා ද අනිත්‍යයි කියනවා ද? දේශනාවෙදි මොකක් කියලයි කියන්නේ? ලෝකය අනිත්‍යයි කියලා දේශනා කරනවා. ඇයි ඒ? හැමෝම ලෝකය නිත්‍යයි කියලා හිතන් ඉන්න නිසා. දැං කථාව තේරෙනවැයි? ආයි එක ලෝකයක් තියෙනවා ඒ ලෝකේ සියල්ලෝම හිතන් ඉන්නවා ලෝකේ අනිත්‍යයි කියලා. එතකොට මොකක්ද ඒගොල්ලන්ට කියන්න ඕනැ මිඩ්ල් පාත් එකට ගන්න නං? නිත්‍යයි කියලා පෙන්නන්න ඕනෑ. අන්ත දෙක පෙන්නනකොට තමා මැදට පත්වෙන්නේ. මං ඔය උපමාවක් කිව්වේ. පැහැදිලියි නේ? එතකොට තමා මැදට පත්වෙන්නේ. ඉස්සරලම අපි කරන්න ඕනෑ ගැඹුරු දහමක් කියන්න කලින් ශ්‍රාවකයා මැදට පත්කරවන්න ඕනෑ. ශ්‍රාවකයා මැදට පත්කරවන්න බණ කියන්න ඕනෑ. ඊට පස්සේ එයත් එක්ක වෙනම පර්සනල් කථාවක් තියෙන්නේ.

බුදුවරු යනු වචන දෙකක් ඇති පුද්ගලයින් නොවෙයි. බුදුවරු යම් පිරිසකට එකක් කියා තව පිරිසකට ඊට හාත්පසින්ම විරුද්ධ දෙයක් කීම කිසිවිටෙකත් සිදු නොවන්නක්. එකරුණින් පිටිදූවේ පකිස් බූරුවා මධ්‍යම ප්‍රතිපදාව ගැන පැවසීමට ගොස් ඉහත උපුටා දක්වා ඇති පරිදි කරන විස්තර කිරීම බුදුවරුන් පිළිබඳ කරන අභූත අසත්‍ය විස්තර කිරීමක්. එහිදී "මං ඔය උපමාවක් කිව්වේ." යැයි පවසා තිබුනත් එහි ඇත්තේ සෘජුව කෙරෙන විස්තර කිරීමක් මිස උපමා භාවිතයෙන් කෙරෙන විස්තර කිරීමක් නොවෙයි. යම් අයෙක් උපමාවක් භාවිතයෙන් යමක් විස්තර කරයි නම් උපමාවද නිවැරදි විය යුතුයි; උපමාව වැරදි නම් කෙරෙන විස්තරයද වැරදියි. පිටිදූවේ පකිස් බූරුවා නිශ්චිතවම කර ඇත්තේ බුදුවරුන් පිළිබඳ අභූත අසත්‍ය විස්තර කිරීමක්.

බුදුවරු ලෝකය අනිත්‍යයි කියා දේශනා කිරීම හුදෙක් වචනයට පමණක් සීමා වූ පැවසීමක් නොවෙයි. එය කිසිම අයුරකින් වෙනස් නොවන සත්‍ය පැවසීමක්. ලෝකය අනිත්‍යයි යන්නෙහි අන්‍යතාවයක් කිසිම ලෙසකින් ඇත්තේ නැහැ. ලෝකය අනිත්‍යයි යන්නෙහි අන්‍යතාවයක් මෙලොවෙත් නැහැ, වෙන යම් ලොවකත් නැහැ.

බුදුවරු ලෝකය නිත්‍යයි කියා කිසිම විටෙක දේශනා කරන්නේ නැහැ. ඒ ලෝකය නිත්‍යයි යන්න අසත්‍යයක් නිසා. ලෝකය නිත්‍යයි කියා මෙලොව පැවසුවත් එය අසත්‍යයක්, වෙන යම් ලොවක පැවසුවත් එය අසත්‍යයක්.

කිසිම ලෝකයක නිත්‍ය යැයි පැවසිය හැකි කිසිම සංස්කාරයක් නෑ. යම් ලොවක යම් කිසි හෝ රූපයක් ඇත්නම් එයත් අනිත්‍යයි, යම් කිසි හෝ වේදනාවත් ඇත්නම් එයත් අනිත්‍යයි, යම් කිසි හෝ සංඥාවක් ඇත්නම් එයත් අනිත්‍යයි, යම් කිසි හෝ සංස්කාරයක් ඇත්නම් එයත් අනිත්‍යයි, යම් කිසි හෝ විඥානයක් ඇත්නම් එයත් අනිත්‍යයි. කිසිම ලෝකයක නිත්‍ය යැයි පැවසිය හැකි කිසිම සංස්කාරයක් නෑ.

යම් කිසි පුද්ගලයෙක් ලෝකය පූර්ණ වශයෙන් හෝ ඉන් කොටසක් නිත්‍ය යැයි සිතනවා නම් එය මිත්‍යා දෘෂ්ටියක්. සෝතාපන්න ඵල ලාභීනුත් එම මිත්‍යා දෘෂ්ටියෙන් මිදුණු අය. සෝතාපන්න පුද්ගලයෙකුගේ එක් ලක්ෂණයක් නම් නිත්‍ය යැයි කිව හැකි කිසිම සංස්කාරයක් ලොව නොපවතින බව අවබෝධ කර සිටීම. සෝතාපන්න පුද්ගලයෙකු ලොව යම් කිසි හෝ සංස්කාරයක් නිත්‍ය යැයි දැකීම සිදුවිය නොහැකි දෙයක්. සෝතාපන්න පුද්ගලයින් දකින්නේ ලොව සියලු සංස්කාරයන් අනිත්‍ය ලෙස. මෙලොවටත් එය සාධාරණයි, අන් ලෝකයන්ටත් එය සාධාරණයි. එබැවින් යම් ලොවක ඉන්නා අයට ලෝකය නිත්‍ය සේ දැක්විය යුතු යැයි පිටිදූවේ පකිස් බූරුවා යම් ප්‍රකාශයක් කරාද, පිටිදූවේ පකිස් බූරුවා යනු අඩු තරමින් සෝතාපන්න ඵලය වත් සාක්ෂාත් නොකළ මෝඩ පුද්ගලයෙකු බව ඉන් වටහා ගන්න පුළුවන්.

යම්කිසි ලොවක ඉන්නා සත්ත්වයින් හට ලොව නිත්‍ය යැයි සත්‍ය වචනයෙන් දැක්විය හැකි ආකාරයක් ඇත්තේ නැහැ. යම් කිසි රූපයක් වේවා, යම් කිසි වේදනාවක් වේවා, යම් කිසි සංඥාවක් වේවා, යම් කිසි සංස්කාරයක් වේවා, යම් කිසි විඥානයක් වේවා ඒ සියල්ලම අනිත්‍යයි. යම් පිරිසකට ලෝකය නිත්‍ය සේ දැක්විය යුතු යැයි පිටිදූවේ පකිස් බූරුවා ප්‍රකාශ කරත් එසේ කී පිටිදූවේ පකිස් බූරුවාටවත් සත්‍ය වචනයෙහි පිහිටා එය එසේ යැයි දක්වන්නට ඇති හැකියාවක් නැහැ.

යම් පුද්ගලයෙක් කිසියම් හෝ සංස්කාරයක් නිත්‍ය ලෙස දකිනවා නම් ඒ පුද්ගලයා සෝවාන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනාගාමීඵලය හෝ අරහත් බව සාක්ෂාත් කිරීම සිදුවන්නේ නැහැ. යම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන් අනිත්‍ය ලෙස දකිනවා නම් ඒ පුද්ගලයා සෝවාන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනාගාමීඵලය හෝ අරහත් බව සාක්ෂාත් කිරීම සිදුවිය හැකියි. මෙලොවත් එසේමයි, අන් ලෝකයන්හිත් එසේමයි.

ලොව නිත්‍යයි හෝ ලොව අනිත්‍යයි ලෙස දකිමින් අන්ත දෙකක ඉන්නා ඒ ඒ සත්ත්වයින් මධ්‍යම ප්‍රතිපදාවට පැමිණවීම පිණිස ඊට ප්‍රතිවිරුද්ධ අන්තය ඔවුන්ට දැක්විය යුතු යැයි පිටිදූවේ පකිස් බූරුවා කර ඇත්තේද අන්ධබාල විස්තර කිරීමක් බව ඉහත කරන ලද විස්තර කිරීමට අනුව දකින්න පුළුවන්. නිත්‍ය, අනිත්‍ය යන වචන දෙකෙන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ ස්වභාවයන් දැක්වුනත් ඊට අනුරූප දෘෂ්ටීන්ට මධ්‍යස්තව ඇති මධ්‍යම ප්‍රතිපදාවක් ගැන බුදුරජානන් වහන්සේලා දේශනා කරන්නේ නැහැ. පිටිදූවේ පකිස් බූරුවා එහිදී කර ඇත්තේ බුද්ධ භාෂිත වචන ගෙන සත්‍යය නොපැවසෙන වචන හරඹයක් කර තිබීම පමණයි.

කළ විස්තරයට අනුව අරහත් ඵලයට තබා සෝතාපන්න ඵලයට වත් අනුරුප අවබෝධයක් පිටිදූවේ පකිස් බූරුවාට ඇත්තේ නැති බව දකින්න පුළුවන්. නිත්‍ය අනිත්‍ය ස්වභාවයන්ට අනුරූපව උපදවා ගත් නිවැරදි අවබෝධයක් තබා අඩු තරමින් ඒ පිළිබඳ බුද්ධ වචනයෙහි වචන මාත්‍රයෙන් වත් පිටිදූවේ පකිස් බූරුවා පිහිටා නොමැති බව ද දකින්න පුළුවන්. පිටිදූවේ පකිස් බූරුවා ඒ කර ඇත්තේ අනවබෝධයෙන් මිත්‍යා දෘෂ්ටියෙහි පිහිටා බුදු දහම යැයි අධර්මයක් දේශනා කිරීම.

සියම් නිකායේ මල්වතු පාර්ශවයේ පිටිදූවේ පකිස් බූරුවා යනු අරහත් තබා සෝතාපන්න වත් නැති අන්ධබාල පෘතග්ජනයෙක්.