මහානායක පදවි දරන්නන් පිළිබඳ පිටිදූවේ පකිස් බූරුවාගේ අදහස්

සියම් නිකායේ මල්වතු පාර්ශවයේ පිටිදූවේ පකිස් බූරුවා මහානායක පදවි දරන්නන් පිළිබඳ කරන යම් අදහස් දැක්වීමක් ඉහත වීඩියෝවේ සඳහන්ව තිබෙනවා. පිටිදූවේ පකිස් බූරුවා "නාකි බල්ලෝ කවිච්චි උඩ ඉඳගෙන කෑ ගැහුවට සිංහයෝ ගුහාවල්වලින් එළියට එන්නේ නෑ!!!" යැයි කීවත් බෙල්ලන්තර මඩුවෙන් එළියට ආ පිටිදූවේ පකිස් බූරුවා එහි කියැවී ඇති යම් කරුණු ද අරභයා සමාව ගන්නා ආකාරය පහත වීඩියෝවෙන් දැක්වෙනවා:

එසේ උවත් සමාව ගන්නා අයුරු දක්වමින් පිටිදූවේ පකිස් බූරුවා යම් ඒ භික්ෂූන් වහන්සේලා පිරිසක් ඉදිරියේ කර ඇත්තේ හොර රඟපැමක්. "කවිච්චියක් උඩ ඉන්න කහපාට නාකි බල්ලා", "නාකි කවිච්චි උඩ ඉන්න රිලව්", "අහල පහල අම්මන්ඩිලාගේ චීත්ත ගැලෙව්වා" ආදී ප්‍රකාශ ද ඇතුලත් වන පරිදි සංඝ සමාජයේ ඉහළ තානාන්තර පිළිබඳ තමන් යම් ඒ පෙර කලක ප්‍රකාශ කරන ලද දෑ අරභයා "කිසිම එකක් අවලංගු නෑ. ඒවා හරියටම හරි." යැයි පිටිදූවේ පකිස් බූරුවා එම සමාව ගැනීමේ රංගනයෙන් පසුව පවසන ලද අයුරු පහත වීඩියෝවේ සඳහන්ව තිබෙනවා:

[ කාලය 00:09:21 ]

හරේන්ද්‍ර: අපේ හාමුදුරුවනේ දැං එතකොට ඒ ඔබ වහන්සේ මල්වතු විහාරයට වැඩමවීමත් එක්ක ඊට පෙර ඔබ වහන්සේ මේ සංඝ සමාජයේ ඉහළ තානාන්තර සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශත් අවලංගුද?

පිටිදූවේ පකිස් බූරුවා: කිසිම එකක් අවලංගු නෑ. ඒවා හරියටම හරි.

දහමේ තියෙන්නේ මෙහෙමයි. ආනන්ද තෙරුන් වහන්සේ ගෞතම බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්න කලින් ඇවිල්ලා අහනවා "ස්වාමීනී දැන් ඔබ පිරිනිවෙනවා. දැං මේ ශාසනය බාරගන්නේ කවුද? අපේ නායකයා කවුද? අපට මඟ පෙන්වන්නා කවුද? අපේ ශාස්තෘවරයා කවුද?". ආනන්ද තෙරුන් වහන්සේට කියන්නේ "ධම්මො ච විනයො ච මමච්චේව [ මමච්චයෙන] සත්ථා". "ආනන්ද මගෙන් පස්සේ ශාස්තෘන් වහන්සේ වෙන්නේ ධර්මය හා විනය.".

මං ප්‍රශ්නයක් අහන්නං. නූතණ ලෝකයේ යුරෝපයේ හා ඇමරිකාව ඇතුළු සියලුම පරිපාලනය පිළිබඳ අළුතින්ම ගෙනාපු සිද්ධාන්තය තමයි පුද්ගල පෞරුෂයේ දුර්වලතා තියෙන නිසා පුද්ගල පෞරුෂයකට නායකත්වය පවරන්නේ නැතුව මතයකට, දර්ශනයකට හා පොදු පිරිසකට නායකත්වය පැවරීම. ඉතින් ඕක ගෞතම බුදුහාමුදුරුවෝ [ කරලා තියෙනවා? ].

හරේන්ද්‍ර මේ බුද්ධාගමේ නායකයෙක් නෑ. බුද්ධාගමේ නායකයා තමයි ධර්මය හා විනය. නායකකම් හදලා තියෙන්නේ පොදු ශාසනික කටයුතු පහසු කරගන්න. පැහැදිලියි කියන එක? දාර්ශනිකව අපි කතා කරනකොට ධර්මය හා විනය. අපි පොදු භාවිත, ශාසන පැවැත්ම කතා කරනකොට තමයි නායකකම් පවතින්නේ.

ධර්මය හා විනය නායක වන්නේ දාර්ශනිකව කතා කරනකොට ලු; පොදු භාවිත, ශාසන පැවැත්ම ගැන කතා කරනකොට වෙන විදිහක් ලු!

සබැඳි:

  1. මල්වතු අස්ගිරි මහානායක පදවි දරන්නන් පිළිබඳ ගල්ලැහැපිටියේ පේමරතනගේ කියැවීමක්
  2. මහානායක පදවි සහ නිකාය භේදය පිළිබඳ කිරම විමලජෝතිගේ අදහස්
  3. මහානායක පදවි සහ නියෝජිත වර්ගවාදය පිළිබඳ ඉඳුරාගාරේ ධම්මරතන මහතාගේ අදහස්
  4. මහානායක පදවි දරන්නන් නිවැරදි දේශපාලනමය අනුශාසනා නොකිරීම පිළිබඳ ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමිගේ අදහස්
  5. ධර්ම විකෘතිකයින් හමුවේ මහානායක පදවි දරන්නන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ මැදගම්පිටියේ විජිතධම්ම මහතාගේ අදහස්
  6. ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේවදත්ත පරපුරේ උපදේශක මණ්ඩලයක් පත්කර ගනියි
  7. දෙව්දත් ක්‍රමය තවදුරටත් රැකීමට මකුලෑවේ විමල නම් තුච්ඡ පුද්ගලයෙක් රාමඤ්ඤ නිකායෙන් පෙරට එයි!
  8. කට පියාගත් මහානායක පදවි දරන්නන් පිළිබඳ පරවාහැර චන්ද්‍රරතන හිමිගේ අදහස්