ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේවදත්ත පරපුරේ උපදේශක මණ්ඩලයක් පත්කර ගනියි

ත්‍රිපිටකයේ විනය පිටකයේ චුල්ලවග්ගපාළියේ සඞ්ඝභෙදකක්ඛන්ධකයෙන් උපුටා ගැනීමක් (271 පිටුව) :

12. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ රජු සහිත මහත් පිරිසක් විසින් පිරිවරන ලදුව දහම් දෙසමින් හුන්සේක. එ කල්හි දෙව්දත් තෙරණුවෝ හුනස්නෙන් නැඟී උතුරු සඟ එකස් කොට පෙරෙවැ භාග්‍යවතුන් වහන්සේ දෙසට දොහොත් නමා වැඳ, මෙසේ කීය.

“වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ ජීර්ණසේක. වෘද්ධ වූ සේක. මහලු වූ සේක, දීර්ඝ කාලයක් ගත කළසේක, පැසිම් වයසට පැමිණිසේක. භාග්‍යවතුන් වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ මන්දෝත්සාහ වන සේක්වා, දෘෂ්ටධර්‍ම සුඛවිහරණයෙහි (ඵල සමාපත්ති සුවයෙහි) යෙදී වසනසේක්වා. භික්ෂු සඞ්ඝයා මට බාර දෙනසේක්වා. මම් භික්ෂුසඞ්ඝයා පරිහරණය කරන්නෙමි (පාලනය කරන්නෙමි)”යි මෙ බස් කීහ.

“දෙව්දතුනි, කම් නැත. භික්ෂු සඞ්ඝයා පරිහරණය කරන්නට ඔබට රිසි නො වේවා”යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.

දෙවෙනි වර ද ... තෙවෙනි වර ද දෙව්දත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට, “වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ ජීර්‍ණ වූ සේක; වෘද්ධ වූ සේක. මහලු වූ සේක, දීර්ඝ කාලයක් ගත කළසේක, පැසිම් වයසට පැමිණිසේක. භාග්‍යවතුන් වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ මන්දෝත්සාහ වනසේක්වා, දෘෂ්ටධර්‍මසුඛ විහරණයෙහි (පල සමවත් සුවෙහි) යෙදී වසනසේක්වා. භික්ෂු සඞ්ඝයා මට බාරදෙනසේක්වා. මම් භික්ෂුසඞ්ඝයා පරිහරණය කරන්නෙමි (පාලනය කරන්නෙමි)”යි කීහ.

දෙව්දතුනි, මම සැරියුත් මුගලන් දෙදෙනාට ද භික්ෂුසංඝයා බාර නො දෙන්නෙමි. කිමෙක් ද? ළාමකවූ කෙළ බුදින (මිථ්‍යා ජීවිකා යෙන් දිවි පවත්වන) ඔබට භික්ෂුසඞ්ඝයා බාර දෙම් ද? (බාර නො දෙමි) යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.

මහානායක, අනුනායක ආදී පදවි ශාසන අනූලෝම පත්කිරීම් නොවෙයි. එසේ වීත් ලැජ්ජැවක් නැතුව එබඳු තානාන්තර දරන අභාග්‍යසම්පන්න කාලකණ්ණි හැත්තකගේම උවමනාවට එබඳු කාලකණ්ණින්ගෙන් සමන්විත ජනාධිපති උපදේශක මණ්ඩලයක් පත්කරගෙන කුමන සෞභාග්‍යයක් බලාපොරොත්තු වන්නද? රාජ්‍ය පාලනයට උපදෙස් දෙන්න පැමිණීමට කලින් ශාසනයට සිදුව ඇති විපත්වලට පිළියම් යොදා එන ලෙස දන්වා කාලකණ්ණි හැත්ත එළවා දාන්නයි තිබ්බේ.

සබැඳි:

  1. මහානායකවාදය
  2. උතුම් ස්වර්ණමාලි සෑ රඳුන්ට අගෞරව කෙරුණු ජනාධිපති දිවුරුම් දීමේ උත්සවය පිළිබඳ වල්පොල ගෝතම හිමිගේ අදහස්
  3. ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමි ගෝඨාභය රාජපක්ෂ මහතාට කැමති නෑ ලු!
  4. වත්මන් බුද්ධශාසන අමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා මිසදිටු සරණ යමින් බුදු සසුනේද අගතියට කටයුතු කිරීම
  5. ශ්‍රමණ වේශධාරීන් පිළිබඳව බුද්ධශාසන අමාත්‍යාංශය කරන දෙයක් නැත
  6. ප්‍රමුඛ වූ මහාසොරෙකු වන පිටිදූවේ පකිස් බූරුවාගෙන් පිහිට යැදි ශ්‍රී ලංකා පොලිසිය
  7. ප්‍රමුඛ වූ මහාසොරෙකු වන පිටිදූවේ පකිස් බූරුවාගේ කටයුතු සංවිධානය කරගන්න ශ්‍රී ලංකා යුද්ධ හමුදාවත් විශාල කැප කිරීමක් සිදු කරාලු
  8. මාන්කඩවල සුදස්සන හිමිගේ නරිවාද ලබුවිජ්ජා සම්භාෂණය
  9. මහානායක පදවි සහ නිකාය භේදය පිළිබඳ කිරම විමලජෝතිගේ අදහස්
  10. මහානායක පදවි දරන්නන් පිළිබඳ පිටිදූවේ පකිස් බූරුවාගේ අදහස්
  11. මහානායක පදවි සහ නියෝජිත වර්ගවාදය පිළිබඳ ඉඳුරාගාරේ ධම්මරතන මහතාගේ අදහස්
  12. මහානායක පදවි දරන්නන් නිවැරදි දේශපාලනමය අනුශාසනා නොකිරීම පිළිබඳ ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමිගේ අදහස්
  13. ධර්ම විකෘතිකයින් හමුවේ මහානායක පදවි දරන්නන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ මැදගම්පිටියේ විජිතධම්ම මහතාගේ අදහස්
  14. මල්වතු අස්ගිරි මහානායක පදවි දරන්නන් පිළිබඳ ගල්ලැහැපිටියේ පේමරතනගේ කියැවීමක්
  15. දෙව්දත් ක්‍රමය තවදුරටත් රැකීමට මකුලෑවේ විමල නම් තුච්ඡ පුද්ගලයෙක් රාමඤ්ඤ නිකායෙන් පෙරට එයි!
  16. කට පියාගත් මහානායක පදවි දරන්නන් පිළිබඳ පරවාහැර චන්ද්‍රරතන හිමිගේ අදහස්