ශ්‍රමණ වේශධාරීන් පිළිබඳව බුද්ධශාසන අමාත්‍යාංශය කරන දෙයක් නැත

දෙදහස් විස්ස වසරේ ජනවාරි මස විසි නව වන අද දින උදය කාලයේ මම කොළඹ හතේ, අනගාරික ධර්මපාල මාවතේ පිහිටා ඇති බුද්ධශාසන අමාත්‍යාශයට ගියා. අමාත්‍යාංශයේ ලේකම් තුමා හමුවීමට ගියත් එතුමා එම අවස්ථාවේ එහි නොසිටි බැවින් එතුමාගේ සම්බන්ධීකරණ ලේකම් තුමා සමඟ පැයක පමණ කාලයක් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලැබුනා. විශේෂයෙන්ම මට දැනගැනීමට උවමනා වූයේ මීවනපලානේ පචෝරිස් සහ වලස්මුල්ලේ අභය බමුණා වැනි භික්ෂූත්වයෙන් නෙරපා ඇති මුත් තවමත් සිවුරු දරාගෙන සිටින ශ්‍රමණ වේශධාරීන් පිළිබඳව බුද්ධශාසන අමාත්‍යාංශය කුමක් කරන්නේද යන වග. සම්බන්ධීකරණ ලේකම්තුමා පැවසූ ආකාරයට බුද්ධශාසන අමාත්‍යාංශය ඒ පිළිබඳව කිසිවක් කරන්නේ නෑ.

සබැඳිය: