මාන්කඩවල සුදස්සන හිමිගේ නරිවාද ලබුවිජ්ජා සම්භාෂණය

පැවිද්ද ගිහියන් මෙන් රැකීරක්ෂා කිරීම පිණිස පවතින්නක් නොවේ. එය රැකීරක්ෂා කරමින් පවත්වාගත යුත්තක් ද නොවේ. එසේ උවත් පැවිදිව රැකීරක්ෂා කරන සෑහෙන පිරිසක් මෙකල ඇති බව දකින්න පුළුවන්. බුදු සසුනේ පැවිදිව රැකීරක්ෂා කරන එබඳු පුද්ගලයින් ශ්‍රමණ ප්‍රතිරූපක පල් හොරුන් යැයි කීම වඩාත් උචිතයි. පාසැල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් ලෙස රැකියා කරන එබඳු සමහර පල් හොරුන් මෙකල දකින්න පුළුවන්. විශ්වවිද්‍යාල තුළ ආචාර්ය, මහාචාර්ය ආදී පදවි දරන එබඳු පුස් ආචාර්යවරුන් ද මෙකල දකින්න පුළුවන්. සමහර ශ්‍රමණ ප්‍රතිරූපකයින් උප කුලපති, කුලපති ආදී තනතුරු ද දරනවා වෙන්න පුළුවන්. ශ්‍රමණ වේශයෙන් වෙනත් රැකියා කරන දුසිල්වතුන් ද මෙකල දකින්න පුළුවන්. කලකට ඉහතදී "විභජ්ජවාද අභිධාර්මික සම්භාෂණය" යන නමින් ආරම්භ වූ මේ වන විට තෙවරක් කෙරී ඇති වැඩසටහනේ ද ආරම්භයේ සිට දැකිය හැකි වූ කථිකයින් අතර පැවිදි මුත් ගිහියන් මෙන් රැකීරක්ෂා කරන අය දෝයි සැක උපදවන කථිකයින් ද දැකිය හැකි වූවා. වැඩි විස්තර නොදැන එබඳු කථිකයින් ගැන කීම සුදුසු නැහැ. එනමුත් කතරගම පැවති තෙවන විභජ්ජවාද වැඩසටහනේදී මැදගොඩ අභයතිස්ස පුස් ආචාර්යතුමා ද කථා පවත්වා ඇති බව දැකීමෙන් පසු මෙම ලිපිය ලිවීමට මෙය සුදුසු කාලය යැයි හැඟුණ බැවින් ඊට මා යොමු වූවා.

පහත දැක්වෙන වීඩියෝවේ කාලය 01:44:26 සිට 02:13:08 දක්වා සහ 02:54:51 සිට 03:03:02 දක්වා මැදගොඩ අභයතිස්ස පුස් ආචාර්යතුමා වෙත ප්‍රශ්න යොමු කෙරීම් සහ එතුමාගේ පිළිතුරු දැක්වෙනවා. වීඩියෝවේ වෙනත් සමහර තැන්වල ද එතුමා පවසන දෑ සුළුවෙන් දකින්න පුළුවන්.

විභජ්ජවාද වැඩසටහන අධර්මවාදීන්ගෙන් බුදු සසුන රැකගැනීම පිණිස කෙරෙන්නක් බව බොහෝ දෙනා දන්නවා. එය පැසසිය යුතු උත්සාහයක්. එනමත් ඊට දායක වන්නේ බුදු සසුන කෙළෙසන පුද්ගලයන් නම් ධර්මයට විනයට ගරු කරන්නන් කෙසේ නම් එම පැසසිය යුතු උත්සාහය අගය කරන්නද? එසේ වේ නම් එකරුණින් එය ගැරහීම ද සුදුසුයි.

ශ්‍රමණ ප්‍රතිරූපක මැදගොඩ අභයතිස්ස පුස් ආචාර්යතුමාගේ අධර්මවාදී අවිනයවාදී ක්‍රියාවක් පිළිබඳ විස්තර පහත වීඩියෝවේ දැක්වෙනවා:

එම වීඩියෝවේ කාලය 12:09 පමණ සිට ඉදිරියට මෙසේ කියැවෙනවා:

... මේ වෙනුවන් මහා සංඝරත්නය කළ යුතු දේ කුමක් ද කියන එක සාකච්ඡා කළා. උන්වහන්සේලා මේ වෙනුවෙන් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා පිණ්ඩපාතෙ කරලා හරි මේ මුදල් ටික හොයලා දෙන්න. අපි මේ පිණ්ඩපාත කරලා මුදල් හොයලා දෙනවයි කියලා ආරංචි වෙච්ච ඔය පොදු විපක්ෂේ උදවිය කථා කරලා අපිට සඳහන් කළා හාමුදුරුවනේ අපි එකතු වෙලා එක මන්ත්‍රීවරයා ලක්ෂෙ ගානේ හරි ඔබ වහන්සේලාට දෙන්නං කියලා. එතකොට ඒ විදිහටත් අපි බලාපොරොත්තු වෙනවා මුදල් ලබාගන්න, හැබැයි ඒ මදි. ලක්ෂ දාහක් හොයා ගන්න ඕනෑ වෙලා තියෙනවා. ඒ නිසා මේ පහළොස් වෙනිදා සිකුරාදා උදේ හතයි තිහට අපි සමස්ත ලංකාවේම මහා සංඝරත්නයට ආරාධනා කරනවා. අපි පිටකොටුවේ සම්බුද්ධාලෝක විහාරස්ථානයට එකතු වෙලා උදේ අටට අපි පිණ්ඩපාතය කරන්ඩ පටන්ගන්නවා මුදල්. ඒ වාගේම දාසය, දාහත දවස් දෙකේ මුළු රට පුරාම තැනින් තැන අපි මහා සංඝරත්නයට ඉල්ලා සිටිනවා ගිහිල්ලා මුදල් පිණ්ඩපාතය කරගන්ඩ. ඔබ වහන්සේලා වෙනුවෙන් නෙවෙයි මේ මුදල් එකතු කරගන්නෙ. පන්සල්වල සල්පිල් කරලා මුදල් එකතු කරනවා නං පංසල් ගොඩනගන්න, ඒවගේම දායක කාරකාදින්ගෙන් මුදල් අරගෙන ඒ කටයුතු කරනවා නං, මේ රට ජාතිය වෙනුවෙන් වැඩකරපු මිනිස්සු සිරගත වෙච්ච වෙලාවේ ඔවුන් නිදහස් කරගන්න මුදල් එකතු කරනවයි කියන එක සාසන විරෝධී ක්‍රියාවක් නෙවෙයි, විනය විරෝධී ක්‍රියාවක් නෙවෙයි අපේ හාමුදුරුවනේ. ...

භික්ෂූන් වහන්සේලාව මුදල් රැස් කිරීම පිණිස යොමු කිරීම තුච්ඡ ක්‍රියාවක්. එම තුච්ඡ ක්‍රියාව සාසන විරෝධී ක්‍රියාවක් නොවේ යැයි ද, විනය විරෝධී ක්‍රියාවක් නොවේ යැයි ද පවසමින් ශ්‍රමණ ප්‍රතිරූපක මැදගොඩ අභයතිස්ස පුස් ආචාර්යතුමා අන් අයව ඊට සමාදන් කරවන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා. අධර්මවාදීන්ගෙන් බුදු සසුන රැක ගැනීම පිණිස යැයි කෙරෙන විභජ්ජවාද වේදිකාවේ කථා පවත්වන්නේ මෙබඳු ප්‍රතිරූපකයන් නම් ඒ වාදය නරිවාදයක් යැයි කීම වඩාත් උචිතයි.

මැදගොඩ අභයතිස්ස පුස් ආචාර්යතුමාගේ ආචාර්ය උත්තමයන් වහන්සේ නාබිරිත්තන්කඩවර ඥානරතන හිමි බව පළමු වීඩියෝවේ කියැවෙනවා. එහිමියන් ද යම් විශ්වවිද්‍යාලයක පුස් ආචාර්යතුමෙක් බව කියැවෙනවා. නාබිරිත්තන්කඩවර ඥානරතන පුස් ආචාර්යතුමාත් ශ්‍රමණ ප්‍රතිරූපක මැදගොඩ අභයතිස්ස පුස් ආචාර්යතුමා මෙන්ම විනය ඉක්මවා යන්නෙක් දැයි සොයා බැලීම වටිනවා.

පැවිද්ද ගිහියන් මෙන් රැකීරක්ෂා කිරීම පිණිස පවතින්නක් නොවේ. එය රැකීරක්ෂා කරමින් පවත්වාගත යුත්තක් ද නොවේ. එසේ උවත් පැවිදිව රැකීරක්ෂා කරන සෑහෙන පිරිසක් මෙකල ඇති බව දකින්න පුළුවන්. බුදු සසුනේ පැවිදිව රැකීරක්ෂා කරන එබඳු පුද්ගලයින් ශ්‍රමණ ප්‍රතිරූපක පල් හොරුන් යැයි කීම වඩාත් උචිතයි.

අතිරේක කියවීම:

  1. රාජගිරියේ අරියඥාණ හිමි සංඝයාට තම තමන් කැමති පරිදි ධර්මයට හා විනයට අනුකූල නොවන දේත් කළ හැකිය යන අර්ථ ඇති ලෙස අධාර්මික සහ අවිනය කරුණු පැවසීමෙන් ප්‍රතිපදාව වැරදවීම
  2. රාජගිරියේ අරියඥාණ හිමි සංඝයා රූපියශික්ෂාපදයෙහි වරදවා පිළිපැදීමට යොමු කෙරෙන පරිදි ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාට මුදල් දිය යුතු අයුරක් පැවසීම
  3. මාන්කඩවල සුදස්සන හිමිගේ නරිවාද ලබුවිජ්ජා සම්භාෂණය - 2 (2020-01-04)