චිත්ත දූෂක චාල්ස් තෝමස් බයිලා ගීතයක් ද ගයමින් මදුල්ල පන්සල තුළ සමූහ දූෂණයක යෙදීම

බුදුරජානන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා නැටීම්, ගැහීම්, වැයීම් සහ විසුළුදස්නෙන් වැළැක්මෙනුයි තම ප්‍රතිපදාවේ යෙදෙන්නේ. ඒ බව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ සීලක්ඛන්ධවග්ගයේ සාමඤ්ඤඵල සූත්‍රයේ චුල්ලසීලය යටතේ "නච්‌චගීතවාදිතවිසූකදස්‌සනා පටිවිරතො හොති" ලෙස දැක්වෙනවා (112 පිටුව). වෙනත් සූත්‍ර ගණනාවකද ඒ බව කියැවෙනවා. එසේ වෙතත් සති කිහිපයකට පෙර චිත්ත දූෂක චාලස් තෝමස් හෙට්ටිපොල ප්‍රදේශයේ මදුල්ල විහාරස්ථානය තුළ බෙලිවැවේ සෝභිත නම් අලජ්ජී භික්ෂුවකගේ ද කැමැත්ත ඇතිව විවිධ ආගම් භක්තිකයින් රැසක් මධ්‍යයේ ගී ගයමින් දූෂණ ක්‍රියාවක නිරතවී තිබෙනවා.

පන්සල් යනු ගී ගයමින් චිත්ත දූෂණය කරන ස්ථාන නොවෙයි. උතුම් සුවය වූ විරාගය පිණිස පවත්නා ආර්‍ය්‍යවිනයෙහි හික්මෙන පුද්ගලයින් කෙලෙස් කඳුළු වගුරුවමින් කරන හැඬීමක් වන ගී ගැයීම ප්‍රිය කරන්නේ නෑ. අන් ආගමිකයින්ව ද එක් රැස් කර තමන් ද සහභාගී වී භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයට අනුලෝම නොවන මෙබඳු දූෂණ ක්‍රියා පන්සල් තුළ කිරීමෙන් භික්ෂූන් වහන්සේලා තම අලජ්ජී බව ප්‍රදර්ශනය කරනවා. එබඳු මූසලයින්ගෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙසේ නම් දකින්නද? එබඳු කසිකබල් ක්‍රියා කිරීමෙන් අන් ආගමිකයින් තුළ විරාග රසයෙන් යුතු වූ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය මෙබඳු යැයි හැඟීමක් වත් ඇති කරන්නේ කොහොමද? අදාළ වැඩසටහනට නැරඹීමට පැමිණි පිරිසත් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි මෙබඳු නාටකවලට ඉඩ ඇතැයි නොමනා අදහස්ම ඇති කරගන්න ඇති.

චිත්ත දූෂක චාල්ස් තෝමස්ගේ එම සමූහ දූෂණ ක්‍රියාව කෙබඳු දැයි පරික්ෂා කර බැලීමට කැමති අයට http://www.endchannel.com/watch?v=yt/YMv1faxbghU යන සබැඳියෙන් ඊට යොමුවන්න පුළුවන්. එහි කාලය 01:05:23 සිට 01:10:23 දක්වා හාමුදුරුවෝ කියන්ඩ කී බයිලා ගීතයක් පිළිබඳ විස්තරද කර ඉන් පසුව චාල්ස් තෝමස් එම බයිලා ගීතය ගයමින් කෙලෙස් වගුරුවමින් චිත්ත දූෂණය කරන අයුරු ද දැක්වෙනවා.

බුදුරජානන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා නැටීම්, ගැහීම්, වැයීම් සහ විසුළුදස්නෙන් වැළැක්මෙනුයි තම ප්‍රතිපදාවේ යෙදෙන්නේ.

අතිරේක කියවීම්:

  1. බුදු හිමිට පිටුපා චිත්ත දූෂක චාල්ස් තෝමස්ගේ දූෂණයට කැමති වූ කහ රෙදි වෙළා ගත්තවුන්
  2. 2019 ජනවාරි 5 වන දින මාතලේ අළුවිහාරයේදී ස්ත්‍රීන් විසින් පවත්වන ලද උමතු ප්‍රදර්ශනය