බුදුන් වහන්සේගේ පෙළහර පෑම ගැන මහනුවර අන්ධබුද්ධිගේ අන්ධබාල කථා

[ කාලය 00:59:12 ]

අන්ධබුද්ධි ශ්‍රාවිකාව: දැන් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ කිව්වා රහතන් වහන්සේලාට පෙළහර පාන්න එපා කියලා කිව්වා කියලා. නමුත්, දැන් මං මේ ගොඩක් අහන්නේ බෞද්ධ අපේ තියෙන රටේ තියෙන ප්‍රශ්නයක්, දැන් අපේ බෞද්ධ සාහිත්‍යයේ හැම තැනම එනවා දැන් බුදුහාමුදුරුවෝ කිඹුල්වත් නුවරට ඇවිල්ලා නෑදෑයන් පහදවන්න යමාමහ පෙළහරක් පෑවා කියලා. එතකොට ඒකත් එක්ක ඔබ වහන්සේ...

මහනුවර අන්ධබුද්ධි: ඔව් දැන් ඒක තමයි. දැන් ඒක කවුද කියන්නේ? කොයි, සූත්‍ර පිටකයේ කොතනද බුදුහාමුදුරුවෝ එහෙම... දැන් බුදුහාමුදුරුවෝ කියනවා මේක කරන්ඩ එපා කියලා. දැන් තමන්ගේ ඥාතින් පහදවා ගන්න යමාමහ පෙළහර පෑවාලු. එහෙමද මිනිස්සු පහදවා ගන්නේ? නෑ, ධර්මයට පහදවා ගන්නේ ධර්මයේ අවශ්‍යතාවය මත. එතකොට ඒකට බලෙන් පහදවා ගන්න බෑ. සසර බිය දක්නා කුල පුත්‍රයින්ටයි කිව්වා මේ දහම. එතකොට ඒ අයටයි කියලා තියෙන්නේ. ඒගොල්ලන්ව පහදවා ගන්නඩ ඕනෑ නෑ. ඔය යමාමහ පෙළහර නෙවෙයි කිසිම පෙළහරක් බුදුහාමුදුරුවෝ පෑවේ නෑ. ඒවා අමු බොරු. හැබැයි කියනවා. ඔක්කොලාම කියනවා. ඔහේ කියනවා. අර අර මොකක්දෝ වගේ, අර බෙලි ගෙඩිය වැටුනහම අර හාවා දිව්වා වගේ ලෝකේ පෙරළෙනවා කියලා උං ඔක්කොම ඔහේ දුවනවා, ඔහේ කියන්නං වාලේ කියනවා. කිසිම දෙයක් හොයලා බලන්නෑ, ගවේෂණාත්මක තර්කාණුකූලව හිතන්නෑ, ගවේෂණය කරන්නේ නෑ. ඉතින් කියන්නං වාලේ කිව්වා. ඉතින් ඕක තමයි වෙලා තියෙන්නේ. මං දන්නේ නෑ මම දන්නා තරමින් බුදුහාමුදුරුවෝ කිසිම ප්‍රාතිහාර්යයක් පෑවේ නෑ ඔය කියන එව්වා. දේශනා ප්‍රාතිහාර්යය පමණමයි. බුදුන්වහන්සේ කරෙත් ඒක බුදුන්වහන්සේ ඉතුරු අයට අනුදැන වදාළෙත් ඒක කරන්ඩ කියලා විතරයි.

--

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ පාථිකවග්ගයේ පාථික සූත්‍රයෙන් උපුටා ගැනීමක්:

10. භාර්‍ගවය, එවිටැ ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයා මා වෙත එළැඹියේ ය. එළැඹැ මා වැඳ පසෙක ඉඳගත්තේ ය. එසේ පසෙක හුන් ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයා අමතා, ‘සුනක්ඛත්තය, එය කිමැ යි සිතයි ද? මම් අචේලක කෝරක්ඛත්තියයා ඇරැබැ යම්සේ තට කීයෙම් ද, එසේ ම ඒ වචනයේ නිෂ්පත්තිය වී ද? නැත හොත් අන් සැටියකින් වී දැ?’ යි පුළුවුත්මි. ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අචේලක කෝරක්ඛත්තියයා ඇරැබ මට යම් සේ වදාළ සේක් ද, එසේ ම ඒ විපාකය විය, අන් ලෙසෙකින් නො වී යැ’ යි ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්ත කී ය. ’සුනක්ඛත්තය, ඉදින් මෙසේ ඇති කලැ, උතුරුමිනිස් දහමින් ඉදුපෙළහර කරන ලද ද? නොකරන ලද දැ?’ යි ඇසීමි.

‘වහන්ස, මෙසේ ඇති කලැ ඒකාන්තයෙන් උතුරු මිනිස් දහමින් ඉදිපෙළහර කරන ලද්දේ ය, නො කරන ලද්දේ නො වෙයි’ හේ කී ය. හිස් මිනිස, මෙසේ උතුරු මිනිස් දහමින් ඉදුපෙළහර කරන මට ‘භාග්‍යවතුන් වහන්සේ මට උතුරු මිනිස්දහමින් ඉදුපෙළහර නොකරන සේකැ’ යි තෝ කීයෙහි, හිස් මිනිස, බලව, තා කළ මේ වරදෙහි මහත!’ යැ යි මම් කීමි: භාර්‍ගවය, ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයා මා විසින් මෙසේ කියනු ලබනු යේ ද, අපායට සුදුසු වූවකු, නිරයට සුදුසු වූවකු සේ මෙ සස්නෙන් බැහැර වැ ගියේ ම ය.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ තික නිපාතයේ දුතියපණ්ණාසකයේ බ්‍රාහ්‌මණවග්ගයේ දශම සූත්‍රයෙන් උපුටා ගැනීමක්:

බමුණ, මේ පෙළහර තුණෙකි. කවර තුණෙක යත්: ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යය, ආදේශනාප්‍රාතිහාර්‍ය්‍යය, අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍යය යි. බමුණ ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යය කවරැ: ...

බමුණ, ආදේශනා ප්‍රාතිහාර්‍ය්‍යය කවරැ: ...

බමුණ, අනුසාසනීපාටිහාරිය කවරැ: ...

...

භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍යය, අද්භූතය. භවත් ගෞතමයන් වහන්සේ විසින් මෙ යාවත්සුභාෂිතය. අපි භවත් ගෞතමයන් වහන්සේ මේ තුන් පෙළහරින් සමන්විත කොට දරම්හ. භවත් ගෞතමයන් වහන්සේ වනාහි නන්වැදෑරුම් ඍද්ධිවිධ වළඳ කෙරෙති. ... බඹලොව තෙක් ද කයින් වසය පවත්වති. භවත් ගෞතමයන් වහන්සේ ම අවිතර්‍ක වූ අවිචාර වූ සමාධියට සමවන් තමාගේ සිතින් මෙරමා සිත පිරිසිඳ දන්නාහ. ‘මේ පින්වත්හුගේ මනස්සංස්කාරයෝ යම්සේ පිහිටුවන ලද්දාහු නම්, මේ සිතට අනතුරුව අසෝ නම් විතර්‍කය විතර්‍කණය කරන්නේය’ කියායි. භවත්ගෞතමයන් වහන්සේ ම මෙසේ අනුශාසනා කරණ සේක: ‘මෙසේ සිතව. නහමක් මෙසේ සිතව. මෙසේ මෙනෙහි කරව. නහමක් මෙසේ මෙනෙහි කරව. මෙය දුර ලව. මෙය උපයාගෙණ වසව’ යි කියායි.

බමුණ, ඒකාන්තයෙන් තා විසින් (මා ගුණෙහි) ගටා මවෙත එළවා (නතු කොට) බසෙක් කියන ලදි. වැලිදු මම තට ප්‍රකාශ කරමි. බමුණ මම ම නන් වැදෑරුම් ඍද්ධිවිධ වළඳ කරමි. ... බඹලොව තෙක්දු කයින් වසය පවත්වමි. බමුණ, මම ම අවිතර්‍ක වූ අවිචාර වූ සමාධියට සමවන් මාගේ සිතින් (ඔහු) සිත පිරිසිඳ දන්මි’. මේ භවත්හුගේ මනස්සංස්කාරයෝ යම් පරිද්දෙකින් පිහිටුවන ලද්දාහු ද (එහෙයින්) මේ සිතට අනතුරුව අසෝ නම් විතර්‍කය විතර්‍කණය කරන්නේය’ යි. බමුණ, මම ම මෙසේ අනුශාසනා කරමි: ‘මෙසේ සිතව. නහමක් මෙසේ සිතව. මෙසේ මෙනෙහි කරව. නහමක් මෙසේ මෙනෙහි කරව. මෙය දුර ලව. මෙයට පැමිණ වසව’ යි.

භවත් ගෞතමයන් වහන්ස, භවත් ගෞතමයන් වහන්සේ තබා මේ ප්‍රාතිහාර්‍ය්‍යය තුණෙන් යුක්ත වූ යම් කිසි අන් එක ද භික්‍ෂුවෙක් ඇත් ද? බමුණ, එක් සියෙක් ම නො වේ. දෙසියෙක් ම නො වේ. තුන්සියෙක් ම නො වේ. සාර සියෙක් ම නො වේ. පන්සියෙක් ම නො වේ. වැලිදු යම් කිසිවෙක් මේ ප්‍රාතිහාර්‍ය්‍යය තුණෙන් සමන්විත වේ නම්, ඔහු බෙහෙව. භවත් ගෞතමයන් වහන්ස, ඒ භික්‍ෂූහු මෙකල කොහි වෙසෙත් ද? බමුණ, මේ භික්‍ෂුසඞ්ඝයා කෙරෙහි මැ වෙති.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දකනිකායේ පටිසම්භිදාමග්ගප්පකරණයේ මහාවග්ගයේ යමකප්‍රාතිහාර්‍ය්‍යඥාන විස්තරය:

තථාගතයන් වහන්සේගේ යමකප්‍රාතිහාර්‍ය්‍යඥානය කවරෙ යත්:

මෙහි තථාගත තෙම ශ්‍රාවකයන් හා අසාධාරණ වූ යමකප්‍රාතිහාර්‍ය්‍යය කෙරෙයි. උඩුකයින් ගිනිකඳ පවත්වයි, යටිකයින් දියදහර පවත්වයි, යටිකයින් ගිනිකඳ පවත්වයි, උඩුකයින් දියදහර පවත්වයි; පෙරපසින් ගිනිකඳ පවත්වයි, පසුපසින් දියදහර පවත්වයි; පසුපසින් ගිනිකඳ පවත්වයි, පෙරපසින් දියදහර පවත්වයි; දකුණැසින් ගිනිකඳ පවත්වයි, වමැසින් දියදහර පවත්වයි; වමැසින් ගිනිකඳ පවත්වයි, දකුණැසින් දියදහර පවත්වයි; දකුණුකන්සිළින් ගිනිකඳ පවත්වයි, වම්කන්සිළින් දියදහර පවත්වයි; වම්කන්සිළින් ගිනිකඳ පවත්වයි, දකුණුකන්සිළින් දියදහර පවත්වයි; දකුණුනැහැසිළින් ගිනිකඳ පවත්වයි, වම්නැහැසිළින් දියදහර පවත්වයි; වම්නැහැසිළින් ගිනිකඳ පවත්වයි, දකුණුනැහැසිළින් දියදහර පවත්වයි; දකුණුදසරියෙන් ගිනිකඳ පවත්වයි, වම්දසරියෙන් දියදහර පවත්වයි; වම්දසරියෙන් ගිනිකඳ පවත්වයි, දකුණුදසරියෙන් දියදහර පවත්වයි; දකුණතින් ගිනිකඳ පවත්වයි, වමතින් දියදහර පවත්වයි; වමතින් ගිනිකඳ පවත්වයි, දකුණතින් දියදහර පවත්වයි; දකුණුපසින් ගිනිකඳ පවත්වයි, වම්පසින් දියදහර පවත්වයි; වම්පසින් ගිනිකඳ පවත්වයි, දකුණුපසින් දියදහර පවත්වයි; දකුණුපයින් ගිනිකඳ පවත්වයි, වම්පයින් දියදහර පවත්වයි; වම්පයින් ගිනිකඳ පවත්වයි, දකුණුපයින් දියදහර පවත්වයි; එකෙකි ඇඟිල්ලෙන් ගිනිකඳ පවත්වයි, ඇඟිලි අතුරින් දියදහර පවත්වයි; ඇඟිලි අතුරින් ගිනිකඳ පවත්වයි, එකෙකි ඇඟිල්ලෙන් දියදහර පවත්වයි; එකෙකි රොමයෙන් ගිනිකඳ පවත්වයි, එකෙකි රොමයෙන් දියදහර පවත්වයි; එකෙකි රොමකූපයෙන් ගිනිකඳ පවත්වයි, එකෙකි රොමකූපයෙන් දියදහර පවත්වයි; නීල යැ පීත යැ ලොහිත යැ අවදාත යැ මාඤ්ජිෂ්ඨ යැ ප්‍ර‍භාස්වර යැ යන ෂඩ්වර්‍ණයන්ගේ රස්මිහු යුග්ම වැ පවතිත්.

බුදුහු සක්මන් කෙරෙති, නිර්මිත බුදුහු සිටිති හිඳිති ශයනය හෝ කෙරෙති; බුදුහු සිටිති, නිර්මිත බුදුහු සක්මන් කෙරෙති හිඳිති ශයනය හෝ කෙරෙති; බුදුහු හිඳිති, නිර්මිත බුදුහු සක්මන් කෙරෙති සිටිති ශයනය හෝ කෙරෙති; බුදුහු ශයනය කෙරෙති, නිර්මිත බුදුහු සක්මන් කෙරෙති සිටිති නිසීදනය හො කෙරෙති; නිර්මිත බුදුහු සක්මන් කෙරෙති, බුදුහු සිටිති හිඳිති ශයනය හො කෙරෙති; නිර්මිත බුදුහු සිටිති, බුදුහු සක්මන් කෙරෙති හිඳිති ශයනය හෝ කෙරෙති; නිර්මිත බුදුහු හිඳිති, බුදුහු සක්මන් කෙරෙති සිටිති ශයනය හෝ කෙරෙති; නිර්මිත බුදුහු ශයනය කෙරෙති, බුදුහු සක්මන් කෙරෙති සිටිති නිසීදනය හෝ කෙරෙත් යයි.

මේ තථාගතයන් වහන්සේගේ යමකප්‍රාතිහාර්‍ය්‍යඥාන යි.

සබැඳි:

  1. මහනුවර අන්ධබුද්ධි බොරුකරුවාණෝ
  2. පිටිදූවේ පකිස් බූරුවාට රැස් වළල්ලකුත් නෑ ලු!