මහනුවර අන්ධබුද්ධි - චාරිකාව පිළිබඳ භික්ෂුවගේ ඌරුමය කථා

වීඩියෝවෙන් උපුටා ගැනීම්:

... ඉතින් දැං ඊළඟට කියනවා මේ චරත භික්ඛවේ චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය කියලා කිව්වයි කියලා භික්ෂූන් අද[?] කියනවා අපට ඇහෙනවා. මම නං දන්නේ නෑ ඒක කොහේද කිව්වාද නැද්ද කියලා. මට මතකයක් නෑ සූත්‍රවල කොහෙවත් තියෙනවා ද කියලා. ...

... මට ඇවිදින්න ඕනැත් නෑ. මොකද අද තාක්ෂණය දියුණුයි. ...

... ඉතින් භික්ෂුවකට ඇවිද ඇවිද බණ කියන්ඩ, දහම් දෙසන්ඩ කියලා බුදුහාමුදුරුවෝ කොහෙවත් කියපු බවක් නෑ. ...

... තමන් ලබාගත්ත ඵලසමාපත්තිවලට සමවදිමින් සුවයෙන් ජීවත්වෙන්ඩ කිව්වා; ගිහින් දහම් දෙසන්ඩ කිව්වේ නෑ. ...

... දැන් පැහැදිලිද? එතකොට ඔය බහුජනහිතාය බහුජනසුඛාය කතන්දරයක් එතන නෑ, ඒ සූත්‍රයේ නෑ. එතකොට බුදුවරු පරස්පර ප්‍රකාශ කරනවා කියලා මම නං විශ්වාස කරන්නේ නෑ. ...

... ඒ එක්කම ඒ අය දුක්මහන්සි වෙලා දුරුකතර ගෙවාගෙන මගේ ළඟට එන්ඩ උවමනාත් නෑ. ...

--

ත්‍රිපිටකයේ විනය පිටකයේ මහාවග්ගපාළියේ මහාඛන්ධකයෙන් (42 පිටුව) උපුටා ගැනීමක්:

[පාලියෙන්]

අථ ඛො භගවා තෙ භික්ඛූ ආමන්තෙසි “මුත්තාහං භික්ඛවෙ, සබ්බපාසෙහි යෙ දිබ්බා යෙ ච මානුසා. තුම්හෙපි භික්ඛවෙ, මුත්තා සබ්බපාසෙහි යෙ දිබ්බා යෙ ච මානුසා. චරථ භික්ඛවෙ, චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. මා එකෙන ද්වෙ අගමිත්ථ. දෙසෙථ භික්ඛවෙ, ධම්මං ආදිකල්‍යාණං මජ්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙථ. සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා, අස්සවණතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරො. අහම්පි භික්ඛවෙ, යෙන උරුවෙලා සෙනානිගමො, තෙනුපසඞ්කමිස්සාමි ධම්මදෙසනායා”ති.

[සිංහල පරිවර්තනය]

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතුසේක. “මහණෙනි, මම දෙවියන් පිළිබඳ වූ යම් ක්ලෙශපාශයෝ වෙත් ද, මිනිසුන් පිළිබඳ වූ යම් ක්ලෙශපාශයෝත් වෙත් ද, ඒ සියලු ක්ලෙශපාශයන්ගෙන් මිදුනෙමි. මහණෙනි, තෙපි ද දෙවියන් පිළිබඳ වූ යම් ක්ලෙශපාශයෝ වෙත් ද, මිනිසුන් පිළිබඳ වූ යම් ක්ලෙශපාශයෝත් වෙත් ද, ඒ සියලු ක්ලෙශපාශයන්ගෙන් මිදුනහු ය. මහණෙනි, බොහෝ දනොට හිත පිණිස ද බොහෝ දෙනාට සැප පිණිස ද ලොවට අනුකම්පා පිණිස ද දෙවි මිනිසුන්ට වැඩ පිණිස ද හිත පිණිස ද සැප පිණිස ද චාරිකාවෙහි හැසිරෙවු. දෙනමක් එක් මගින් නො යවු. මහණෙනි, ආදියෙහි යහපත් වූ මධ්‍යයෙහි යහපත් වූ අවසනැ යහපත් වූ අර්‍ත්‍ථ සහිත වූ ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත වූ සියල්ලෙන් සම්පූර්‍ණ වූ ධර්‍මය දෙසවු. පිරිසිදු වූ බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරවු. අල්පරජස්ක වූ (ස්වල්ප වූ රාගාදී රජස් ඇති) සත්ත්‍වයෝ වෙති. ඔහු දහම් නො ඇසීමෙන් පිරිහෙත්. දහම් අවබොධ කරන්නෝ වන්නාහ. මහණෙනි, මමත් උරුවෙල් දනව්වෙහි සෙනානිනියම්ගමට දහම් දෙසනු පිණිස යන්නෙමි” යි වදාළ සේක.

සබැඳි:

  1. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌තනිකායේ මහාවග්ගයේ බොජ්ඣඞ්ග සංයුක්තයේ පබ්‌බතවග්ගයේ සීල සූත්‍රය
  2. රාජගිරියේ අරියඥාණ හිමි බුදුන්ගේ සහ සඟුන්ගේ ආහුනෙය්‍ය ගුණය වසා දැමීම: සොයාගෙන ගොස්, පසු පසින් ගොස් දන් දීම බුදු දහමට නොගැළපෙන දෙයක් බව පැවසීම
  3. මහනුවර අන්ධබුද්ධි බොරුකරුවාණෝ