මහනුවර වජිරබුද්ධි රහතන් වහන්සේ නමක් දැයි පරික්ෂා කර බැලීමට ක්‍රමයක්

ඉහත දක්වා ඇත්තේ ධර්ම විකෘතිකයෙකු වන මහනුවර අන්ධබුද්ධි නරි නාද පවත්වන අයුරු දැක්වෙන වීඩියෝවක්. තමන් රහතන් වහන්සේ නමක් යැයි මහනුවර අන්ධබුද්ධි නොයෙක් ආකාරයන්ගෙන් නරි බස් දොඩන අයුරු එම වීඩියෝවේ දකින්න පුළුවන්.

සිවුවන පාරාජිකා ශික්ෂාපදය නිසා භික්ෂුවකට තමන්ට නැති රහත් බවක් ඇතැයි ප්‍රකාශ කරන්න විනයෙන් ඉඩක් නෑ.

භූතාරොචනශික්ෂාපදය නිසා භික්ෂුවකට තමන්ට ඇති රහත් බවක් වුවත් අනුපසම්පන්නයෙකුට ප්‍රකාශ කරන්න විනයෙන් ඉඩක් නෑ. භූතාරොචනශික්ෂාපදය වලංගු වන්නේ බුදුරජානන් වහන්සේ විසින් එය පැනවීමට පාදක වූ නිධාන කථාවේ ඇති ආකාරයටම භික්ෂූන් වහන්සේලා හැසිරෙනවා නම් පමණක් නොවෙයි. වෙනයම් කාරණාවක් මුල් කරගෙන තමන්ට ඇති රහත් බවක් අනුපසම්පන්නයෙකුට කීමත් භූතාරොචනශික්ෂාපදයට අනුව ඇවතට කාරණාවක්. ශික්ෂාපදය යනු නිධාන කථාව නොවෙයි. ශික්ෂාපදය එකක්, නිධාන කථාව තව එකක්. ඇවතක් වීම හෝ නොවීම තීරණය වන්නේ ශික්ෂාපදයේ කියැවෙන දෑට අනුව මිස නිධාන කථාව පවසා ඒ ආකාරයට පමණක් රහත් බව අනුපසම්පන්නයෙකුට ප්‍රකාශ කිරීම බුදුරජානන් වහන්සේ විසින් වළකා ඇතැයි සැලකීම නිවැරදි නැහැ.

මහනුවර අන්ධබුද්ධි මෙසේ ද මුසාවක් දෙසනවා:

[ කාලය 00:10:12 ]

මොකද බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කවුරුහරි කෙනෙක් තමන් ලබලා තියෙන උත්තරීතර තත්වයක් තියෙනවා නං ඇසුවොත් එය ප්‍රකාශ කළ යුතුයි කියලා. සූත්‍රවල තියෙනවා. පැහැදිලිවම තියෙනවා. එසේ ප්‍රකාශ නොකර සිටීම ඇවතක් හැටියටත් කියලා තියෙනවා.

මහනුවර අන්ධබුද්ධි ඒ පවසා ඇත්තේ අවිනයක්. එසේ ප්‍රකාශ නොකර සිටීම ඇවතක් වේ යැයි බුදුරජානන් වහන්සේ දේශනා කර නැහැ. මහනුවර අන්ධබුද්ධිට තමන් පවසා ඇති ඒ ප්‍රකාශය සනාථ කරන්න ත්‍රිපිටකයෙන් පෙන්විය හැකි සූත්‍රයක් නෑ. එය හුදෙක් මහනුවර අන්ධබුද්ධිගේ ප්‍රලාපයක් පමණයි.

රහතන් වහන්සේ නමක් අතින් දැන දැන මුසා දෙසීමක්, ධර්මය ප්‍රතික්ෂේප කිරීමක් හෝ ශික්ෂා ප්‍රතික්ෂේප කිරීමක් සිදුවන්නට අවකාශ නෑ. ඒ බව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ නවක නිපාතයේ පඨමපණ්ණාසකයේ සම්‌බෝධිවග්ගයේ සුතවාපරිබ්බාජක සූත්‍රයේ සඳහන්ව තිබෙනවා. යම් පුද්ගලයෙක් සැබෑවටම රහත් ඵලය සාක්ෂාත් කර ඇත්නම් ඒ බව අනුපසම්පන්නයින්ට කීමත් මහනුවර අන්ධබුද්ධි කර ඇති ආකාරයට නැති ඇවතක් ගැන මුසා දෙසීමත් ධර්මය විනය හරි හැටි නොදන්නා බව නිසා සිදුවිය හැකියි. ඊට අනුව මහනුවර අන්ධබුද්ධි රහතන් වහන්සේ නමක් දැයි පරික්ෂා කර බැලීමක් කරන්න පුළුවන්. ඒ භූතාරොචන ශික්ෂාපදය ගැන සහ තමන් දෙසා ඇති ඉහත සඳහන් කළ නැති ඇවත ගැන මහනුවර අන්ධබුද්ධිව දැනුවත් කර ඊට මහනුවර අන්ධබුද්ධි දක්වන ප්‍රතිචාරය කෙබඳු දැයි බැලීමෙන්. එසේ දැනුවත් කිරීමෙන් පසුවත් මහනුවර අන්ධබුද්ධි නිවැරදි වන්නේ නැත්නම් මහනුවර අන්ධබුද්ධි රහතන් වහන්සේ නමක් නොවන බව තීරණය කළ හැකියි. හැබැයි තමන් වරදවා ගන්නා ලදැයි මහනුවර අන්ධබුද්ධි පිළිගත්තොත් එසේ පිළිගත් පමණින් මහනුවර අන්ධබුද්ධි රහතන් වහන්සේ නමක් යැයි නිශ්චය කරන්න බෑ.

රහත් බව කෙසේ වෙතත් මහනුවර අන්ධබුද්ධිගේ දේශනාවල නොයෙකුත් අධර්මය අවිනය කරුණු පැවසෙනවා. උන්දෑ දෙසන සියල්ල පිරිසිදු බුද්ධ ධර්මය යැයි සිතීම මුලාවක්. උන්දෑට ධර්මය දේශනා කිරීමට තරම් ප්‍රමාණවත් පොතේ දැනුමකුත් නෑ, ධර්මය දේශනා කිරීමට තරම් ප්‍රමාණවත් තමන් තුළ ඇතිකරගත් අවබෝධයකුත් නෑ. උන්දෑ රහත් උවත් නොවූවත් කට පියාගෙන ඉන්නවා නම් එය බුද්ධ ශාසනයට කෙරෙන මහඟු සේවයක්.

සබැඳි:

  1. පිටිදූවේ සිරිධම්ම හිමි විනය විරෝධී ලෙස තමන් රහත් යැයි ගිහියන්ට පැවසීම
  2. වලස්මුල්ලේ අභය හිමි සිල්වත් භික්ෂූන් මාර්ගඵල, ධ්‍යාන ආදිය ගැන ප්‍රසිද්ධියේ නොකීම අරභයා එවන් සිල්වත් උතුමන් ගැන නොමනා බස් කීම
  3. මහනුවර අන්ධබුද්ධි බොරුකරුවාණෝ