අන්තර්ජාල සමාජ මාධ්‍ය ජාලයක් තුළ අසභ්‍ය කථා අඩංගු වීඩියෝ ප්‍රචාරය වීම - I

පින්වත් සැම දෙනා වෙත,

ජනප්‍රිය අන්තර්ජාල සමාජ මාධ්‍ය ජාලයක් තුළ අසභ්‍ය කථා අඩංගු වීඩියෝ ප්‍රචාරය වීමේ නැඹුරුතාවයක් ඇතිව තිබෙන බව දුටිමි. ඒ පිළිබඳ මවිසින් නව වෙබ් අඩවියක් නිර්මාණය කර ඇත. අසභ්‍ය දෑ උපුටා දැක්වෙන එම නව වෙබ් අඩවියේ ලිපිනය පොදුවේ දැක්වීම නුසුදුසු යැයි සිතමි. සමාජයේ ප්‍රභල පරිහාණියකට හේතු වන එම අසභ්‍ය දෑ පිළිබඳව උපේක්ෂා සහගතව විමසා බැලීමට කැමති වැඩිහිටි අය තමන් වැඩිහිටියෙකු බව සහ ඒ පිළිබඳ දැනුවත් වීමට කැමැති බව දන්වා info@trekmentor.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට ලිපියක් එවතොත් නව වෙබ් අඩවියේ ලිපිනය ඒ අය වෙත ලබා දීමට කැමැත්තෙමි.

අසභ්‍ය දෑ පිළිකුල් කරතත් මේ සිදුවන ව්‍යසනය පිළිබඳ දැනුවත් වී ඊට සුදුසු පිළියම් යෙදීම යහපත අගය කරන වැඩිහිටියන්ගේ යුතුකමකි. කිසිවක් නොකර සිටීම සමාජයේ බොහෝ දෙනාගේ අනර්ථයට හේතු වේ.

තෙරුවන් සරණයි!

කමල් වික්‍රමනායක

සබැඳි:

  1. අන්තර්ජාල සමාජ මාධ්‍ය ජාලයක් තුළ අසභ්‍ය කථා අඩංගු වීඩියෝ ප්‍රචාරය වීම - II
  2. අන්තර්ජාල සමාජ මාධ්‍ය ජාලා ඛේදවාචකය පිළිබඳ මාවරලේ භද්දිය හිමි පවසන දෑ