ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිලතල දරන ලැජ්ජා නැති තුච්ඡ පුද්ගලයින් පිරිසක්ගෙන් සමන්විතයි. එම තුච්ඡ පුද්ගලයින් රටවැසියාගේ බදු මුදලින් බඩ වියත රැකගත්තත් රටවැසියාගේ යහපතට, අභිවෘද්ධියට, ආරක්ෂාවට හේතු වන ස්වකීය විෂය පථයට අයත් වන නියාමන කාර්යය බැහැරලා කටයුතු කිරීම රටවැසියන්ගේ මහත් පිරිහීමට සහ රටම අපකීර්තියට පත්වීමට හේතුවකි.

එම තුච්ඡ පුද්ගලයින්ගේ නොකිරියාව නිසා පාලනයක් නොමැතිව අන්තර්ජාලයේ බුදුදහම විකෘති කොට ප්‍රචාරය වේ. තවද ඇසීමට දැකීමට පවා පිළිකුල් අසභ්‍ය කථා, අසභ්‍ය රූප ආදිය කුඩා දරුවන්ට ද පහසුවෙන්ම පෙනෙන අයුරින් අන්තර්ජාලයේ ප්‍රචාරය වේ. මේවායින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සිටින ලැජ්ජා නැති තුච්ඡ පුද්ගලයිගේ හෙලුව පෙනේ.