ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ගොං රැළ ස්වකීය වගකීම ඉටු නොකොට රූකඩ සංදර්ශන පැවැත්වීම

යූටියුබ් වෙබ් අඩවිය හරහා සිදුවන බුදු දහම විකෘති කිරීම වළක්වා ගැනීම පිණිස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත මවිසින් ලියන ලද ලිපියකට ඊයේ දින ප්‍රතිචාරයක් ලැබී තිබුණා. එම ප්‍රතිචාරය කියවා බැලීමට කැමති අයට https://help.endchannel.com/resources/letters යන සබැඳියට අදාළ වෙබ් පිටුව වෙත ගොස් 2021/04/06 දිනට අදාළ සබැඳිය තුළින් එම ප්‍රතිචාරය දැක්වෙන වෙබ් පිටුවක් වෙත යොමුවන්න පුළුවන්. එම ලිපියට අනුව පෙනී යන්නේ ජනතා බදු මුදලින් බඩ වියට සරි කරගන්නා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ බත් බැළයින් පිරිස ස්වකිය වගකීම ඉටු නොකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අත පා ඇති බවයි.

යූටියුබ් වෙබ් අඩවිය හරහා බුදු දහමට සිදුවන අගතිය එහි දැක්වෙන සමහර වීඩියෝ ඉවත් කිරීමෙන් පමණක් කළ හැක්කක් නොවෙයි. බුදු දහමට අනුකූල පිළිවෙතකට බෞද්ධ අන්තර්ගතය ප්‍රචාරය කිරීම හෝ සියලුම බෞද්ධ අන්තර්ගතයන් යූටියුබ් වෙබ් අඩවියෙන් ඉවත් කරන ලෙස මවිසින් යූටියුබ් වෙබ් අඩවියට ආරම්භයේදීම ලියන ලද්දේ ඒ නිසා. කරුණු එසේ වෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලියන ලද ඊමේල් ලිපියක අන්තර්ගතය පිටපත් කර මා වෙත දක්වා ඇති ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ බත් බැළයින් පිරිස පය බරවායට පිටකර බෙහෙත් බඳින්න යෑම බඳු ක්‍රියාවක නිරත වෙනවා.

අන්තර්ගතය ඉවත් කරන්න යනවා නම් යූටියුබ් වෙබ් අඩවිය වෙත ආරම්භයේදීම දන්වන ලද ආකාරයට මට කියන්න ඇත්තේ සියලුම බෞද්ධ අන්තර්ගතයන් යූටියුබ් වෙබ් අඩවියෙන් ඉවත් කරන ලෙසයි. එසේ කෙරුමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇති බලයක් නෑ, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ බත් බැළයින් පිරිසටත් ඇති බලයක් නෑ. ඉතින් ස්වකීය වගකීම ඉටු නොකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතත් අත පා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ බත් බැළයින් පිරිස මේ කරනුයේ රූකඩ සංදර්ශන පැවැත්වීමක් පමණයි. වැඩ කරනවා යැයි ප්‍රදර්ශනය කරනවා මිසක සැබෑවටම සිදුවන වැඩක් නෑ. මෙහෙමත් මෝඩකම ප්‍රදර්ශනය කරනවා ද? අනුන්ටත් පැහැදිලිව පෙනෙන්න ඇති ස්වකීය වගකීම නැති විදිහට හැසිරෙන්නේ කොහොමද? මෙබඳු විකාර රඟ දක්වන්න මුංට ලැජ්ජාව කියා දෙයක් ගෑවිලා වත් නැද්ද කියාත් මට හිතෙනවා.

ඕෂධ සේනානායක නම් තුච්ඡ පුද්ගලයකු ප්‍රමුඛ කොට ඇති ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ බත් බැළයින් පිරිස රට කරන ඇත්තන්ගේ දුර්භාග්‍යයේ දැක්ම නිසා පහළ වූ කාලකණ්ණි හැත්තක් බවයි පෙනෙන්නේ.

සබැඳි:

  1. විදුලි සංදේශ නියාමනය ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතට ඇතුලත් නොවේ යැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරියක් අසත්‍යයක් පවසයි
  2. බුද්ධ ධර්මය අඩංගු වීඩියෝ යූටියුබ් වෙබ් අඩවියේ පළ කරන සැවොම ශාසනයට කරන විනාශය