විදුලි සංදේශ නියාමනය ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතට ඇතුලත් නොවේ යැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරියක් අසත්‍යයක් පවසයි

යූටියුබ් වෙබ් අඩවිය හරහා සිදුවන බුදු දහම විකෘති කිරීම වළක්වා ගැනීම පිණිස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත මවිසින් ලියන ලද ලිපියකට මාස අටකටත් වඩා වැඩි කාලයකට පසුව අද දින ප්‍රතිචාරයක් ලැබී තිබුණා. එම ප්‍රතිචාරය කියවා බැලීමට කැමති අයට https://help.endchannel.com/resources/letters යන සබැඳියට අදාළ වෙබ් පිටුව වෙත ගොස් 2021/03/03 දිනට අදාළ සබැඳි තුළින් එම ප්‍රතිචාරය දැක්වෙන වෙබ් පිටුවක් වෙත යොමුවන්න පුළුවන්. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරියක් පවසන මෝඩපහේ අදහසක් එම ප්‍රතිචාරයේ දැක්වෙනවා. එය නම් විදුලි සංදේශ නියාමනය ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතට ඇතුලත් නොවන බව. නිශ්චිතව පැවසුවහොත් ඇය පවසන්නේ සංදේශවල අන්තර්ගතයන් නියාමනය ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතට ඇතුලත් නොවන බව. එම ප්‍රකාශය කෙතරම් සත්‍යයක් ද?

සන්නිවේදනයේදී ප්‍රමුඛත්වය ලබනුයේ සන්නිවේදනය කෙරෙන අන්තර්ගතය මිස සන්නිවේදනයට අදාළ වෙනත් දෑ නොවේ. එබැවින් සන්නිවේදන නියාමනයට අදාළ පනතක් අන්තර්ගතයන් නියාමනය ප්‍රමුඛ කොට සකස් වී නැත්නම් ඉන් කවර ඵලක් ද? කවර අන් දෑ හි නියාමනයක් පැවතුනත් සන්නිවේදනය වන්නේ අභූත කාරණාවන්ට අදාළ අදහස් නම්, අසත්‍ය වචන නම්, ලෝකයට අවැඩ වන අදහස් නම් එබඳු දෑ නියාමනය කිරීම ප්‍රමුඛව නොමැති සන්නිවේදන නියාමන පනතක් පුස්සක් ලෙස සැලකීම සුදුසුයි. ඊට අනුව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අදාළ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පවසා ඇති ආකාරයට ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත පුස්සක් ද?

පහත දැක්වෙනුයේ එම පනතින් උපුටා ගන්නා ලද ඉංග්‍රීසි වචන ද ඇතුලත් කිරීම නිසා සංස්කරණය කෙරී දැක්වෙන කරුණු සමහරක්:

4. General objects to be achieved by the Commission.

The Commission shall exercise his powers under this Act in a manner which he considers is best calculated to promote the national interest and in particular—

(a) to ensure the provision of a reliable and efficient national and international telecommunication service in Sri Lanka (save in so far as the provision thereof is impracticable) such as will satisfy all reasonable demands for such service including emergency services, public call box services, directory information services, maritime services and rural services as may be considered essential for the national well being;

(ඇ) අය කරනු ලබන ගාස්තු සහ සපයනු ලබන විදුලි සංදේශ සේවාවන් සහ විදුලි සංදේශ උපකරණවල තත්ත්වය (quality) හා විවිධත්වය සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගේ, ගැනුම් කරුවන්ගේ සහ වෙනත් පාවිච්චි කරන්නන්ගේ සම්බන්ධතාවන් (interests) හා පොදුවේ මහජන යහපත ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම;

5. කොමිෂන් සභාවේ බලතල සහ කාර්ය

4 වන වගන්තියේ සඳහන් පරමාර්ථ සාක්ෂාත් කර ගැනීමේ කාර්ය සඳහා කොමිෂන් සභාවටට පහත දැක්වෙන බලතල සහ කාර්ය ඇත්තේ ය:-

(අ) රට තුළ විදුලි සංදේශ සේවාවන්, රටේ පවත්නා ආර්ථික හා සමාජ සංවර්ධනයට සහ අභිවෘද්ධියට මැනවින් හේතුවන පරිදි සහ දායක වන ආකාරයට ක්‍රියාකරවන බවට වගබලා ගැනීම;

(ඈ) ක්‍රියාකරුවන් විසින් සපයනු ලබන විදුලි සංදේශ සේවා සම්බන්ධයෙන් පොදු යහපත සහ පොදු පහසුව සහ අදහස් උදහස් පිළිබඳව නිසි සැලකිල්ල යොමු කිරීම;

(ඩ) ක්‍රියාකරුවන් විසින් සපයනු ලබන සේවාවන් තත්ත්වය (quality) අධීක්ෂණය කිරීමට අවශ්‍ය යයි සලකනු ලබන විධාන නිකුත් කිරීම ඇතුළුව විධිමත් කිරීමේ පියවර (regulatory measures) ගැනීම සහ එම සේවාවන් මේ පනත යටතේ සාදන ලද රීති මගින් නිශ්චය කරනු ලබන සේවා තත්ත්වයන්ට අදාළ ප්‍රමිතිවලට අනුකූල වන බවට වග බලා ගැනීම;

(බ) කොමිෂන් සභාවේ අරමුණු ඉටුකර ගැනීමට ආනුෂංශික විය හැකි හෝ හිතකර විය හැකි හෝ මේ පනත යටතේ එහි බලතල ක්‍රියාත්මක කිරීමට හෝ කාර්ය ඉටුකර ගැනීමට ආනුෂංශික විය හැකි හෝ හිතකර විය හැකි සියලු වෙනත් යම් ක්‍රියාවන් කිරීම.

ඉහත උපුටා ගැනීම්වල 4 (a) යටතේ ජාතික සහ අන්තර්ජාතික විදුලි සංදේශ සේවාව විශ්වාසනීයව (reliable) සැපයීම තහවුරු කිරීම ද ශ්‍රී ලංකා විදුලි සංදේශ කොමිෂන් සභාවේ අරමුණක් බව සදහන්ව තිබෙනවා. විශ්වාසනීයත්වය දෙආකාරයකින් පැවතිය යුතුයි. ඒ යැවෙන පණිවිඩ එආකාරයෙන්ම ලැබිය යුතු බව සහ පණිවිඩවල අන්තර්ගතය නිවැරදි විය යුතු බව. මේ දෙකෙන් එකක් හෝ නොමැති උවහොත් සේවාවේ විශ්වාසනීයත්වය තහවුරු කරන්න බෑ. මෙතෙකින්ම අන්තර්ගතයන් නියාමනය ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතට ඇතුලත් නොවන බවට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පවසන ලද්ද අසත්‍යයක්.

තව ද 4 (a) කරුණේ කියැවෙන්නේ සියලු සාධාරණ අවශ්‍යතාවන් සම්පූර්ණ කරන ජාතික සහ අන්තර්ජාතික විදුලි සංදේශ සේවාවක් ගැනයි. විදුලි සංදේශ සේවය භාවිතා කොට අභූත, අසත්‍ය, ලෝකයට අවැඩ වන කරුණු සන්නිවේදනය නොකිරීම සාධාරණ අවශ්‍යතාවයක් නොවේ යැ? එතෙකින් ද අන්තර්ගතයන් නියාමනය ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතට ඇතුලත් නොවන බවට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පවසන ලද්ද අසත්‍යයක්.

4 (ඇ) කරුණ ගතහොත් එහි විදුලි සංදේශ සේවාවන්හි තත්ත්වය පිළිබඳව ද කියැවෙනවා. 4 (ඇ) කරුණ එසේ ඇති විට අභූත, අසත්‍ය, ලෝකයට අවැඩ වන කරුණු සන්නිවේදනය කෙරෙන විදුලි සංදේශ සේවාවන්වලින් පාරිභෝගිකයින්, ගැනුම් කරුවන් සහ වෙනත් පාවිච්චි කරන්නන් ආරක්ෂා කිරීමත් එවන් සේවාවන්වලින් පොදුවේ මහජනයාට සිදුවන අයහපතින් මහජනයාව ආරක්ෂා කිරීම සහ එවැනි දෑ වැළැක්වීම මගින් ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම ද ශ්‍රී ලංකා විදුලි සංදේශ කොමිෂන් සභාවේ අරමුණුවලට ඇතුලත් නොවේ යැයි කියන්ඩ යෑ? එතෙකින් ද අන්තර්ගතයන් නියාමනය ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතට ඇතුලත් නොවන බවට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පවසන ලද්ද අසත්‍යයක්.

5 (අ) කරුණ ගතහොත් රට තුළ විදුලි සංදේශ සේවාවන් තුළින් අභූත, අසත්‍ය, ලෝකයට අවැඩ වන කරුණු සන්නිවේදනය කෙරේ නම් ඉන් රටේ ආර්ථික හා සමාජ සංවර්ධනයට සහ අභිවෘද්ධියට සෘණාත්ම බලපෑම් ඇති කරයි නම් එවන් දෑ සිදු නොවීමට වගබලා ගැනීමට ද කොමිෂන් සභාවට බලතල තිබෙනවා. එය ද ඔවුන්ගේ කාර්යයක් ද වෙනවා. එතෙකින් ද අන්තර්ගතයන් නියාමනය ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතට ඇතුලත් නොවන බවට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පවසන ලද්ද අසත්‍යයක්.

5 (ඈ) කරුණ ගතහොත් ක්‍රියාකරුවන් විසින් සපයනු ලබන විදුලි සංදේශ සේවා තුළින් අභූත, අසත්‍ය, ලෝකයට අවැඩ වන කරුණු සන්නිවේදනය කෙරේ නම් ඉන් සමාජයට අයහපතක් සහ අපහසුවක් සිදුවන බැවින් ඒ පිළිබඳ නිසි සැලකිල්ල යොමු කිරීම ද කොමිෂන් සභාවේ කාර්යයක් සහ කොමිෂන් සභාවට ඊට අවශ්‍ය බලතල තිබෙනවා. එතෙකින් ද අන්තර්ගතයන් නියාමනය ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතට ඇතුලත් නොවන බවට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පවසන ලද්ද අසත්‍යයක්.

5 (ඩ) කරුණ ගතහොත් ක්‍රියාකරුවන් විසින් සපයනු ලබන විදුලි සංදේශ සේවා තුළින් අභූත, අසත්‍ය, ලෝකයට අවැඩ වන කරුණු සන්නිවේදනය කෙරේ නම් එවන් දෑ වැළැක්වීමට කටයුතු කිරීමට එයින් ද කොමිෂන් සභාවට හැකියාව තිබෙනවා. එතෙකින් ද අන්තර්ගතයන් නියාමනය ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතට ඇතුලත් නොවන බවට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පවසන ලද්ද අසත්‍යයක්.

5 (බ) කරුණ ගැන කියන්ඩත් දෙයක් යෑ? එතෙකින් ද අන්තර්ගතයන් නියාමනය ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතට ඇතුලත් නොවන බවට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පවසන ලද්ද අසත්‍යයක්.

ඉහත විස්තර කරන ලද පනතේ අඩංගු කරුණු අන්තර්ගතයන් නියාමනය වෙනුවෙන්ම සැකසූ දෑ යැයි සැලකීම උචිත නැහැ. සමහරක් ඒ කරුණුවල ප්‍රමුඛ අභිලාෂයන් විස්තර කරන ලද ස්වරූපයන්ට වෙනස් යැයි පැහැදිලිව තර්ක කරන්න පුළුවන්. එසේ වෙතත් අන්තර්ගතයන් නියාමනය පනතින් ආවරණය නොවේ යැයි කීම අසත්‍යයක් බව ද පැහැදිලිව දකින්න පුළුවන්.

අදාළ නියෝජ්‍ය අධ්‍යක්ෂවරියගේ ප්‍රතිචාරය බොරු දෙසා ස්වකීය වැරැද්ද වසා ගැනීමට ගන්නා ලද උත්සාහයක් ලෙසයි මම දකින්නේ.

සබැඳි:

  1. යූටියුබ් වෙබ් අඩවියටත්, ශ්‍රී ලංකා විදුලි සංදේශ කොමිෂන් සභාවටත්, ආරක්ෂක ලේකම්ටත් ලියන ලද ලිපි සමහරක්: help.endchannel.com/resources/letters
  2. ධර්මවාදීන් විනයවාදීන් ඇති විට අධර්මවාදීන් අවිනයවාදීන් ෆේස්බුක්වල පිනුම් නොගහාවිද?
  3. බුද්ධ ධර්මය අඩංගු වීඩියෝ යූටියුබ් වෙබ් අඩවියේ පළ කරන සැවොම ශාසනයට කරන විනාශය