මීහරක් Fernando සහ දරණාගම කුසලධම්ම හිමිගේ නරියා මාධ්‍ය ජාලය

වීඩියෝවේ විස්තරය:

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

පින්වත් මහත්මයාණනි/මහත්මියනි,

මෙම යුටියුබ් ථෙරවාදී බෞද්ධ නාලිකාවට copyright strike (ප්‍රකාශන හිමිකම් අයිති පැමිණිලි) ලැබී ඇති බැවින්, 16.07.2021 දින සිට මින් ඉදිරියට මෙතෙක් කල් මෙහි අප්ලෝඩ් කරගෙන ආ, වෙනත් බෞද්ධ ආයතන නිෂ්පාදනය කරන ලද බෞද්ධ බණ වීඩියෝ, මින් ඉදිරියට අප්ලෝඩ් නොකෙරෙන බව ඉතා කරුණාවෙන් දන්වා සිටිමි.

මෙම ථෙරවාදී බෞද්ධ නාලිකාව මින් ඉදිරියට හැකි අයුරින් පවත්වාගෙන යන අතර, මෙම ථෙරවාදී බෞද්ධ නාලිකාව ඉදිරියේදී දැකීමට නොලැබුනොත් එය, 'copyright strike (ප්‍රකාශන හිමිකම් අයිති පැමිණිලි) නිසා තහනම් විය' ලෙස සිතාගනු මැනවි.

මින් ඉදිරියට බණ ඇසීමට, මෙම ථෙරවාදී බෞද්ධ නාලිකාවේ අප්ලෝඩ් කරගෙන ආ බෞද්ධ බණ වීඩියෝ නිෂ්පාදනය කරන බෞද්ධ ආයතන වල යුටියුබ් නාලිකාවන් වෙත (මෙම ථෙරවාදී බෞද්ධ නාලිකාව හැර ගොස්/ unsubscribe කර) යොමු වෙන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

මෙම ථෙරවාදී බෞද්ධ නාලිකාවේ අප්ලෝඩ් කරන ලද බෞද්ධ බණ නිසා, දැඩි මහන්සියකින් හා කැපවීමකින් එම බෞද්ධ බණ නිෂ්පාදනය කරන ලද බෞද්ධ ආයතන වලට යම් අපහසුතාවයක් සිදුවුනානම්, එයට සමාව අයැද සිටිමි.

මෙතෙක් කල් බෞද්ධ බණ ඇසීමට මෙම ථෙරවාදී බෞද්ධ නාලිකාවට එක්වූ සියලු දෙනාටම බොහෝ පින් අත්වේවා! 🙏

බෞද්ධ බණ ඇසීමට ඔබගේ සිතේ ඇති අචල ශ්‍රද්ධාවට හා උනන්දුවට මින් කිසිම බාධාවක් නොවේවා! 🙏

ඔබ සැමට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා! 🙏

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි! 🙏🙏🙏

22.07.2021

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

Music of the video - Maarten Schellekens - Dawn

වීඩියෝවේ විස්තරය:

පින්වත් මහත්මයාණනි/මහත්මියනි,

මෙම බෞද්ධ නාලිකාවේ අප්ලෝඩ් කර ඇති 'The Buddhist Media Network - බෞද්ධයා මාධ්‍ය ජාලය' මගින් නිෂ්පාදනය කර ඇති බෞද්ධ බණ හා බෞද්ධ වැඩසටහන් රාශියක්, එම ආයතනය මගින් පත් කර ඇති IdeaHell, No.45/6 Alwis Place, Colombo 03 Email: ideahell@gmail.com; Phone: 077 540 2995 මගින් මෙම බෞද්ධ නාලිකාව වෙත copyright strike නිකුත් කොට ඇත. මම මෙම IdeaHell, No.45/6 Alwis Place, Colombo 03 අයගෙන් ඉල්ලා සිටියා මාස කිහිපයක් දෙන ලෙස මෙම 'The Buddhist Media Network - බෞද්ධයා මාධ්‍ය ජාලය' මගින් නිෂ්පාදනය කර ඇති බෞද්ධ බණ හා බෞද්ධ වීඩියෝ සියල්ල මෙම බෞද්ධ නාලිකාවෙන් ඉවත් කරගන්න යම් සාධාරණ කාලයක් දෙන මෙන්. 04.08.2021 දින මෙම IdeaHell, No.45/6 Alwis Place, Colombo 03 මා හට අවවාද කරා සිටියා පැය 24ක් ඇතුලත 'The Buddhist Media Network - බෞද්ධයා මාධ්‍ය ජාලය' මගින් නිෂ්පාදනය කර ඇති සියලුම බෞද්ධ බණ හා බෞද්ධ වැඩසටහන් සියල්ල ඉවත් කරගන්නා ලෙස. එසේ කිරීමට මා හට අපහසුයි. දැනට අප්ලෝඩ් කර ඇති බෞද්ධ බණ හා බෞද්ධ වැඩසටහන් 4000+, එකිනෙක පරික්ෂාකර, 'The Buddhist Media Network - බෞද්ධයා මාධ්‍ය ජාලය' මගින් නිෂ්පාදනය කරන ලද බෞද්ධ බණ හා බෞද්ධ වැඩසටහන් පමණක් ඉන් වෙන්කොටගෙන ඉවත් කිරීම පැය 24 කින් කල නොහැකිය. එනිසා මා සිතන්නේ මෙම IdeaHell, No.45/6 Alwis Place, Colombo 03 මගින් මෙම බෞද්ධ නාලිකාවට තව copyright strike දෙකක් නිකුත් කොට මෙම බෞද්ධ නාලිකාව අද හෝ හෙට අවලංගු කොට දමාවි. 'The Buddhist Media Network - බෞද්ධයා මාධ්‍ය ජාලය'ත් 20.07.2021 දින මා හට දන්වා සිටියා එම ආයතනය මගින් නිෂ්පාදනය කරන බෞද්ධ බණ හා බෞද්ධ වැඩසටහන් වල සම්පුර්ණ අයිතිය ඒ අය සතු බවත්, වෙන කිසිවෙකුට එම බණ හා බෞද්ධ වැඩසටහන් නැවත අප්ලෝඩ් කර නොහැකි බවත්.

එනිසා, මෙම බෞද්ධ නාලිකාව අද හෝ හෙට යූටියුබ් තුලින් මැකී යාවි. මේතාක් දුරට රැදී සිටි සියලු දෙනාටම බොහෝ පින් අත්වේවා!

පටන් ගැන්මක්, අවසානයක් නොමැති මේ සසරේ, කරන ලද, දැනට කරන හා මතුවටටත් අප තුලින් කෙරෙන කර්ම විපාක සමගින්, අපි කොහේදී හෝ නැවත මුණ ගැසේවි හෝ මුණ නොගැසෙවී. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!

05.08.2021

ඉහත දැක්වෙනුයේ අපවත් වී වදාළ දරණාගම කුසලධම්ම හිමි විසින් ආරම්භ කරන ලද නරියා මාධ්‍ය ජාලය විසින් තමන් නිෂ්පාදනය කළ බෞද්ධ බණ සහ බෞද්ධ වැඩසටහන් අඩංගු වීඩියෝ යූටියුබ් වෙබ් අඩවියට උඩුගත කළ අන් අයෙකුට විරුද්ධව ප්‍රකාශන අයිතිවාසිකම් දැක්වීම අරභයා එම අන් පුද්ගලයා යූටියුබ් වෙබ් අඩවියේ පළ කොට තිබූ වීඩියො දෙකක්. "Theravada Buddhism - ථෙරවාදී බුද්ධ ධර්මය" යන නමින් මීහරක් Fernando විසින් පවත්වාගෙන යනු ලැබූ එම යූටියුබ් නාලිකාව මේ වන විට වසාදමා තිබෙන අයුරු දකින්න පුළුවන්:

M Fernando channel closed.

බුදුරජානන් වහන්සේ විසින් දේශනා කළ ධර්මයේ අයිතිය ඇත්තේ බුදුරජානන් වහන්සේට මිස ඒ ධර්මය අන් අයට ගෙනහැර දක්වන ශ්‍රාවකයින්ට නොවෙයි. ශ්‍රාවකයින් විසින් ඒ ධර්මය අන් අය වෙත ගෙනහැර දැක්වීමේදී ක්‍රියාකරනුයේ වාහකයින් ලෙස මිස අයිතිකාරයින් ලෙස නොවෙයි. නරියා මාධ්‍ය ජාලය කර ඇත්තේ ධර්මයට අයිතිවාසිකම් කීමක්. එය බුදුන්වහන්සේට අයිති දෙයක් හොරකම් කිරීමක්.

තවද ශ්‍රාවකයින් විසින් බුද්ධ දේශනාව අන් අයට ගෙන හැර දක්වනුයේ දානයක්, පරිත්‍යාගයක් ලෙසින්. නරියා මාධ්‍ය ජාලයේ ක්‍රියාවෙන් පෙනෙන්නේ එම නරි පිරිස ධර්ම ප්‍රචාරය කරන මුවාවෙන් කර ඇත්තේ ලාභය බලාපොරොත්තුවෙන් කළ වෙළදාමක් බවයි.

ධර්ම ප්‍රචාරයේ අරමුණ නම් සත්ත්වයින් විසින් ධර්මය අසා විශුද්ධිය ලබත්වා යන්නයි. වැඩි පිරිසක් විසින් ධර්ම දේශණාවක් ග්‍රහණය කරගනු ලබනවා නම් තවත් හොඳයි. ඒ ග්‍රාහකයින් අනිත් අයටත් ඒ ධර්මය ගෙන හැර දක්වනවා නම් ඊටත් වඩා හොඳයි. ශ්‍රාවකයින් ක්‍රියා කළ යුත්තේ ඒ ආකාරයෙන් මිස නරියා මාධ්‍ය ජාලය මෙන් තමන්ගේ ජනප්‍රියත්වය, තමන්ගේ ලාභය බලාපොරොත්තුවෙන් නොවෙයි. නරියා මාධ්‍ය ජාලයේ ක්‍රියාව බුද්ධ ශ්‍රාවකයින්ට ගැළපෙන්නේ නෑ. එම ක්‍රියාව බුද්ධ දේශනාවට අනුව හැසිරීමක් දක්වන්නේ නෑ.

ධර්ම ප්‍රචාරයට යම් වියදමක් දරන්න සිදුවෙනවා නම් අන් අය එයට දායක කර ගත යුතු නම් එසේ කරගැනීමේ වරදක් නෑ. නමුත් එය කළ යුත්තේ ධර්මය විකුණන ස්වරූපයකින් නොවෙයි. වියදමට දායක වූ අයටත්, දායක නොවූ අයටත් දානයක් ලෙසින් ධර්මය ලබා දෙන්න ඕනෑ. ප්‍රචාරය කළ ධර්මය ගැන ලෝභ සිත් ඇතිකරගෙන අයිතිවාසිකම් කියමින් අන් අයට හිරිහැර කරන්න යනවා නම් කර ඇත්තේ ධර්ම දානයක් නොවෙයි. බෞද්ධ නාමයෙන් පෙනී සිටිමින් නරියා මාධ්‍ය ජාලය කර ඇත්තේ ලැජ්ජා නැති ක්‍රියාවක්.

නරියා මාධ්‍ය ජාලය කර ඇති ආකාරයට බුදුරජානන් වහන්සේට පරිබාහිර පුද්ගලයින් තමන්ට අයිති නැති බුද්ධ දේශනාවට අයිතිවාසිකම් කියන්න ආවොත් එය ශාසනයේ චිරස්ථිතියට බලවත් හානියක් සිදුකරනවා. නැති අයිතිවාසිකම් ඇතැයි කියමින්, නඩුහබවල පැටලෙමින්, අන් අය පෙළමින්, ධර්මය මුදලට යට කරමින් පවත්වාගෙන යන්නට වන ඒ ශාසනය බුද්ධ ශාසනය වන්නේ නෑ. ඊට නරින්ගේ ශාසනය යැයි කීම උචිතයි.

බෞද්ධයා මාධ්‍ය ජාලය? තුක් විතරක් ශාසන භක්ෂක කාලකණ්නි හැත්ත!

සබැඳි: