ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමිගේ YouTube Copyright Strike

ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමි බොහෝ කලක පටන් ධර්මය අයිතිකරගැනීමට හිවල් ක්‍රියා කරන බව බොහෝ අය දන්නා කරුණක්. ඉහත දැක්වෙනුයේ ඊට අනුරූපව සිදුව ඇතැයි සැලකිය හැකි සිද්ධියක් පිළිබඳ පෙර "M Fernando" යන නමිනුත් වර්තමානයේ "Theravada Buddhism - ථෙරවාදී බුද්ධ ධර්මය" යන නමිනුත් මිසදිටුවෙකු විසින් යූටියුබ් වෙබ් අඩවියේ පවත්වාගෙන යනු ලබන නාලිකාවක වීඩියෝවක උපුටා ගැනුමක්.

උක්ත මිසදිටුවා විසින් පව්කාර ලොකු හිවල් හාමිගේ ශ්‍රද්ධා වෙළඳාමට අදාළ වීඩියෝවලට අමතරව තම නාලිකාවේ ඇති බුදුදහමට අදාළ අනෙකුත් වීඩියෝත් ඉවත්කරගන්නවා නම් තමයි සුදුසු. ඒ ඇයි? බුදුදහම ප්‍රචාරය කරනවා නම් එය කළ යුත්තේ ධර්මයට විනයට අනුව පාලනය වන මාධ්‍යයක් භාවිතා කර මිස ධර්මයට විනයට අනුව පාලනය නොවන යූටියුබ්, ෆේස්බුක් වැනි ව්‍යාපාරවල නීතිරීති සහ කොන්දේසිවලට යටත්ව නොවෙයි. යූටියුබ්, ෆේස්බුක් වැනි ව්‍යාපාරවල නීතිරීති සහ කොන්දේසිවලට යටත්ව බුද්ධ ආඥාව දෙවැනි කොට ධර්මය ප්‍රචාරය කරන්න ගත් විට සිදුවන්නේ කුමක් දැයි වර්තමානයේ එබඳු මාධ්‍ය භාවිතා කොට අධර්මවාදීන් සිදුකරන විකෘති ධර්ම ප්‍රචාරය දෙස බැලීමෙන් වටහා ගන්න පුළුවන්. ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමි වැනි හිවල් ක්‍රියා කරන්නන්ටද එය රුකුලක්.

එක්කෝ යූටියුබ්, ෆේස්බුක් වැනි ව්‍යාපාර ධර්මයට විනයට අනුව ධර්මය ප්‍රචාරයට ඉඩ සලසා දෙන්නේ යැයි තම ව්‍යාපාරයන්හි නීතිරීති සහ කොන්දේසි සකස්කර ඊට අනුරූපව ධර්මය ප්‍රචාරයට ඉඩ සලසා දෙන්න ඕනෑ. නොඑසේ නම් එවැනි ව්‍යාපාර තම මාධ්‍යයන් තුළින් ධර්මය ප්‍රචාරය කිරීම වළක්වන්න ඕනෑ. ධර්මයට විනයට අනුව සිදුකෙරෙන පාලනයක් නොමැතිව හුදු වෙළඳ ව්‍යාපාරයක නීතිරීති සහ කොන්දේසිවලට යටත්ව ධර්මය ප්‍රචාරය කරන්න අවසර ඇත්නම් ඒ අවසරය මත අධර්මවාදීන්ට ස්වකීය විකෘති ධර්ම ප්‍රචාරය සිත් සේ කරන්න පුළුවන්.

බුදුදහම ප්‍රචාරය කරනවා නම් එය කළ යුත්තේ ධර්මයට විනයට අනුව පාලනය වන මාධ්‍යයක් භාවිතා කර මිස ධර්මයට විනයට අනුව පාලනය නොවන යූටියුබ්, ෆේස්බුක් වැනි ව්‍යාපාරවල නීතිරීති සහ කොන්දේසිවලට යටත්ව නොවෙයි. මේ පිළිබඳ සිතා බලා ධර්ම ප්‍රචාරය පිණිස එවැනි මාධ්‍යය භාවිතා නොකිරීමටත්, අන් අය එවැනි මාධ්‍යයන් භාවිතා කිරීම වැළැක්වීමටත්, ධර්මයට විනයට අනුව පාලනයක් නොකරයි නම් යූටියුබ්, ෆේස්බුක් වැනි ව්‍යාපාරවලට ධර්මය ප්‍රචාරය කිරීමට ඔවුන්ගේ සේවාවන් ලබාදීම වැළැක්වීමටත් කටයුතු කෙරුමට ධර්ම රාජෝත්තමයානන් වහන්සේ වෙත නැමුණු සිත් ඇත්තෝ උත්සුක වෙත්වා!

බුදුදහම ශ්‍රාවකයින්ට අයිති දෙයක් නොවෙයි. බුදුදහම බුදුරජානන් වහන්සේගේ. යම් ශ්‍රාවකයෙක් ධර්මය තම මුවින් පැවසුවත්, තම අතින් ලියා දැක්වුවත්, වෙනයම් හෝ ක්‍රමයකට දැක්වුවත් ඒ ධර්මයේ අයිතිකරු බුදුරජානන් වහන්සේ මිස එම ශ්‍රාවකයා නොවේ. අප පෙනී සිටිය යුත්තේ බුද්ධ ආඥාවට අනුව ධර්මය භාවිතා කළ යුතු බවට මිස ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමි මෙන් ධර්මය තමන්ට අයිතිකරගැනීමට හිවල් ක්‍රියා කෙරුමට නොවෙයි.

සබැඳි:

  1. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිමනිකායේ මූලපණ්ණාසකයේ ඔපම්මවග්ගයේ අලගද්දූපම සූත්‍රය
  2. කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි ධර්ම ග්‍රන්ථවල කර්තෘ අයිතිය සඳහන් කිරීම
  3. ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමිගේ සරල සිංහල රූකඩ ත්‍රිපිටක වෙබ් අඩවිය
  4. මෙහෙම උනා දෙසපුව
  5. Shraddha Fox TV
  6. මීහරක් Fernando (පෙර "මිසදිටු Fernando")
  7. මීහරක් Fernando (මිසදිටුවාට ලැබුණු පිළිතුර)