දේශපාලන චීවරධාරී ගලගොඩඅත්තේ ඥානසාර තපෝවනයේ රතන හිමිට බැණ තර්ජනය කිරීම පිළිබඳ පොලිස් පැමිණිල්ල

දේශපාලන චීවරධාරී ගලගොඩඅත්තේ ඥානසාර තපෝවනයේ රතන හිමිට බැණ තර්ජනය කිරීම පිළිබඳ පැමිණිල්ලක් "පොලිස්පතිට කියන්න" පහසුකම භාවිතයෙන් මවිසින් දෙදහස් විසි එක වසරේ දෙසැම්බර් මස පස් වන දින පොලිසියට යොමු කරණු ලැබුවා.

පැමිණිල්ලේ PDF පිටපතට සබැඳිය: "20211205-police-complaint-galagoda-aththe-gnanasara.pdf"

2021 දෙසැම්බර් 06 දින පැමිණිල්ලට කළ එකතු කිරීම:

ගලගොඩඅත්තේ ඥානසාර නම් දේශපාලන චීවරධාරියා විසින් උක්ත පැමිණිල්ලේ සඳහන් කරුණට අදාළව තඹුත්තේගම පිහිටි සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයනයේ කිරුළපන ධම්මවිජය හිමිට ද බැණ තර්ජනය කර ඇත. එම බැණ තර්ජනය කිරීම කිරුළපන ධම්මවිජය හිමි විසින් 2021 දෙසැම්බර් 05 දින ප්‍රසිද්ධ කර ඇති වීඩියෝවක අන්තර්ගත වේ. එම වීඩියෝව පහත දැක්වෙන සබැඳියට අදාළ පිටුවෙන් බලා ගත හැක:

"තපෝවනයේ රතන හිමි වෙනුවෙන් පෙනී සිටි බැවින් ගලගොඩඅත්තේ ඥානසාර කිරුළපන ධම්මවිජය හිමිට තර්ජනය කිරීම"
https://adhikarana.trekmentor.com/case/2021-12-06/23

සබැඳි:

  1. දේශපාලන චීවරධාරී ගලගොඩඅත්තේ ඥානසාර විසින් තපෝවනයේ රතන හිමිට බැණ තර්ජනය කිරීම පිළිබඳ පැමිණිල්ලේ විමර්ශනය ශ්‍රී ලංකා පොලිසිය කඩිනමින් අවසන් කරයි
  2. ගලගොඩඅත්තේ ඥානසාර තපෝවනයේ රතන හිමිට තර්ජනය කිරීම පිළිබඳ තපෝවනයේ රතන හිමිගේ අදහස්
  3. අධිකරණ: භික්ෂූන්ට දේශපාලනය අකැප බව පැවසීම නිසා ගලගොඩඅත්තේ ඥානසාර තපෝවනයේ රතන හිමිට තර්ජනය කිරීමෙන් පචීති ඇවතට පැමිණීම