කහ උම්බෑ රෝගය උත්සන්න වූ රාජගිරියේ නානා සංඝයාගේ ගුණ යටපත් කරමින් 2023 වසර ආරම්භයේ දී වැඩ ඇල්ලූ හැටි

ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ සිටින කහ උම්බෑවන් අතරින් එක්තරා කහ උම්බෑවෙක් වන රාජගිරියේ මෝඩ නානාගේ කහ උම්බෑ රෝගී තත්වය 2023 වසර ආරම්භයේ දී උත්සන්න වූ බවක් දක්නට ලැබුණා. ඒ කොළඹ 07, ශ්‍රී කල්‍යාණධර්ම ආශ්‍රමයේ දී දුරුතු පුර පසළොස්වක පොහොය දිනයේ දී.

එහිදී ඉහත වීඩියෝවේ දැක්වෙන පරිදි රාජගිරියේ මෝඩ නානා මෙසේ උම්බෑ නාදය පැවැත්වුවා:

...

බුදුරජානන් වහන්සේ සංඝයා හැටියට දකින්න කියන්නේ පිංවතුනි මේ ශ්‍රේෂ්ඨ ගුණ හතර. සංඝයාගේ සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, ඤායපටිපන්න ගුණය, සාමීචිපටිපන්න ගුණය. මේ ගුණයන් හතරෙන් තොර සංඝයා දකින්න එපා පිංවතුනි. මේ ගුණයන් හතරෙන් තොර ඔබ සංඝයා දැක්කොත් පිංවතුනි මං බොහොම විවෘත්තව කියනවා ඔබ තාම තෙරුවන් කෙරෙ ශ්‍රද්ධාව නං ඇතිකරගෙන නෑ. සංඝයා රහතන් වහන්සේ, අනාගාමී, සෝවාන්, සකෘදාගාමී කියලා පිංවතුනි මේ ධර්මයට බාහිර දැකීම් තුළින් සංඝයා දකින්න එපා පිංවතුනි.

මේක හරිම පීඩාවක්, අපිටත් පීඩාවක්.

බුදුරජානන් වහන්සේ දේශනා කරන්නේ සංඝයා සුපටිපන්නයි කියලා දකින්න, උජුපටිපන්නයි කියලා දකින්න, ඤායපටිපන්නයි, සාමීචිපටිපන්නයි, ඔච්චරයි.

අතීතයේ වැඩහිටි සාරිපුත්ත මහ රහතන් වහන්සේ රහතන් වහන්සේ කියලා කතා කළේ නෑ කවුරුත්. සංඝයා කියලා කතා කළේ. අනාගාමී කියලා කතා කළේ නෑ, සෝවාන් කියලා කතා කළේ නෑ, සකෘදාගාමී කියලා කතා කළේ නැහැ.

පිංවතුනි මේ අද මිච්ඡා ධර්මයන් සමාජගත වෙලා තියෙනවා අශ්‍රද්ධාව නිසාම පිංවතුනි.

...

ඔය කාරණාව ගැන රාජගිරියේ මෝඩ නානාගේ උම්බෑ නාදය ඉහත උපුටා දක්වන ලද පමණට සීමා වන්නේ නැහැ. වීඩියෝවේ ඉදිරියට තවත් විනාඩි ගණනාවක් ඒ ගැන විවිධාකාරයෙන් උම්බෑ නාදය පවත්වනවා.

රාජගිරියේ මෝඩ නානා ස්වකීය උම්බෑ නාදය පවත්වන අතරතුර "සාරිපුත්ත මහ රහතන් වහන්සේ" යන වචන පාවිච්චි කිරීම ගැන යමෙකුට සිනහ පහළ වේ නම් එහි ඇති අරුමයක් නෑ. පේනවා නේ, කහ උම්බෑ රෝගයේ තරම?

ඉහත දක්වන ලද උම්බෑ නාදය අසන්නට ලැබුණු බොහෝ දෙනෙකුත් එම කහ උම්බෑ වසංගත රෝගයට ගොදුරුව සාධුකාර පවත්වන්නත් ඇති.

හොඳ වෙලාවට කහ උම්බෑ වසංගත රෝගයට ඔය ආකාරයෙන් ගොදුරු වන අයට ඉන් මිදීමට පහසු බෙහෙතක් තියෙනවා. එම බෙහෙත ලංකාවේ කුඩා දරුවන්ගෙනුත් ලබා ගන්න පුළුවන්.

බෙහෙත:

යදිදං චත්තාරි පුරිසයුගානි, අට්ඨ පුරිසපුග්ගලා

බෙහෙත පාවිච්චි කිරීමට උපදෙස්:

අර්ථ වැටහෙන තෙක් සජ්ජායනා කිරීම, විමසා බැලීම, අන් අයගෙන් අසා බැලීම

කවරෙක් ද මිච්ඡා ධර්මය සමාජගත කරන්නේ? කවරෙක්ගේ ද ශ්‍රද්ධාව වැඩී නැත්තේ?

ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ සිටින අනෙකුත් කහ උම්බෑවන්ගේත්, රාජගිරියේ මෝඩ නානාගේත්, කහ උම්බෑ වංසගත රෝගයට ගොදුරුව ඇති අන් අයගේත් රෝගී තත්වයන් ඉක්මනින් සමනය වේවා!

සංඝරත්නයට නමස්කාර වේවා!

සබැඳි:

  1. රාජගිරියේ නානා කවදාකවත් තමන්ගේ අධිගමයක් ගැන කියලා නෑ ලු, හොඳේ?
  2. රාජගිරියේ අරියඥාණ හිමි යම් අයෙකු මාර්ග ඵල ලාභියෙකු යැයි පැවසිය හැක්කේ බුදුරජානන් වහන්සේ නමකට පමණක්ය යන ධර්මයට නොගැළපෙන කරුණක් පැවසීම
  3. රාජගිරියේ අරියඥාණ හිමි බුදුන්ගේ සහ සඟුන්ගේ ආහුනෙය්‍ය ගුණය වසා දැමීම: සොයාගෙන ගොස්, පසු පසින් ගොස් දන් දීම බුදු දහමට නොගැළපෙන දෙයක් බව පැවසීම