බුදුන්වහන්සේට අපහාස කළා යැයි දේවගැති ජෙරොම් ෆනැන්ඩෝට විරුද්ධව නීතිය හමුවට යෑම බුද්ධ ශ්‍රාවකයින්ට නොහොබිනා නින්දිත ක්‍රියාවකි

දෙදහස් විසි එක වසරේ මැයි මස තිස් වන දින මවිසින් පළ කළ "යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනතේ හෙලුව - I" යන ලිපියෙන් උපුටා ගැනීමක්:

"අන්‍යාගමිකයින් විසින් සිදු කරනු ලබන බුද්ධ ධර්මය විකෘති කිරීමක් වෙතොත් එය වැළැක්වීමට ප්‍රතිපාදන පනතක් තුළ තිබීම සුදුසු උවත් අන්‍යාගමිකයින් විසින් ඔවුන්ගේ ධර්මයන්ට ශාස්ත්‍රානුකූල ලෙස ත්‍රිපිටකයද ඇතුළු බුදුරජානන් වහන්සේට, ධර්මයට, සංඝයාට ගැරහීමක්, අවමන් කිරීමක්, විහිළුවට ගැනීමක් ආදී නොමනා ක්‍රියා කරයි නම් එබඳු ක්‍රියාවන් දඩුවම් දීය යුතු වැරදි ලෙස ත්‍රිපිටක සංරක්ෂණ පනත තුළ සදහන් නොවිය යුතු යැයි මම හිතනවා."