යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනතේ හෙලුව - I

සමාජයේ මේ දිනවල ත්‍රිපිටක සංරක්ෂණ පනතක් ගැන කතාබහක් ඇතිව තිබෙනවා. එහි අන්තර්ගතය මේ වන තෙක් නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කෙරී නැහැ. එනමුත් නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කෙරී නැති කෙටුම්පතක් පිළිබඳ නොයෙක් අය අන්තර්ජාලයේ පක්ෂව සහ විපක්ෂව අදහස් දක්වා තිබෙන බව දකින්න පුළුවන්. මගේ ඉල්ලීම පරිදි කිහිප දෙනෙකුම ඒ පිළිබඳ මාව දැනුවත් කරා. ඒ පිළිබඳ ඔවුන්ට මාගේ කෘතඥතාව පුද කර සිටිනවා. මෙම ලිපිය ලියනුයේ මේ වන තෙක් නිල වශයෙන් ප්‍රසිද්ධ කෙරී නොමැති එම කෙටුම්පත සම්බන්ධවයි.

අදාළ පනත කෙටුම්පත් කිරීමේදී එහි අන්තර්ගතය ගිහියන් අතර ප්‍රසිද්ධ නොකිරීම, ඔවුන්ගේ යෝජනා චෝදනා නොවිමසීම පිළිබඳ පළමුවෙන්ම මගේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. භික්ෂූන් වහන්සේලාට පමණක් අදාළ පනතක් නම් එය භික්ෂූන් වහන්සේලා අතර පමණක් ප්‍රසිද්ධ කර ගත්තාට කමක් නැහැ. එබඳු පනතක ඇති උවමනාවකුත් නෑ. නමුත් මට දැකිය හැකි වූයේ ගිහියන්ගේ සමහර ක්‍රියාකාරම්වල දී ද අධිකරණ ක්‍රියාවන් හරහා ගිහියන්ට ද දඩුවම් පැමිණවිය හැකි ආකාරයේ වගන්ති අන්තර්ගත කෙටුම්පතක්. එබැවින් කෙටුම්පතක් ලෙස ගැසට් කිරීමට පෙර ගිහියන්ට ද එය දක්වා ඒ පිළිබඳ ගිහියන්ගේ යෝජනා චෝදනා ද ලබාගෙන කිහිප වරක් වත් එය සංස්කරණය කිරීමට කටයුතු කිරීම සුදුසු බව මම යෝජනා කරනවා. එහිදී ධර්මයට විනයට අනුකූල යෝජනා චෝදනා පිළිගෙන සහ ධර්මයට විනයට අනනුකූල යෝජනා චෝදනා ප්‍රතික්ෂේප කර සුදුසු සංස්කරණයන් සිදුවිය යුතුයි.

ත්‍රිපිටක සංරක්ෂණ පනතක් අවශ්‍ය ද?

බුදු දහම ලාංකිකයින්ට ලැබී ඇති මිල කළ නොහැකි වස්තුවක්. මේ අමිල වස්තුවෙන් ප්‍රයෝජන ගැනීම සහ මතු අනාගත පරපුර වෙනුවන් එය රැක දීම නුවණැත්තන් විසින් සිදුකළ යුතු කාර්යයක්. සම්මත කරගන්නා ධර්මයට විනයට අනුකූලව පවත්නා යම් නීති රාමුවක් මගින් කළ හැකි යම් ආරක්ෂාවක් වේ නම් එසේ කෙරුමේ ඇති වරදක් මම දකින්නේ නෑ.

බුද්ධ ශාසනය පවතිනුයේ ගිහි පැවිදි දෙපාර්ශවයම නිසා. බුදුරජානන් වහන්සේ පැවිද්දන්ට පනවා ඇති විනය නිසා පැවිදි පාර්ශවය අතින් බුද්ධ ශාසනයට සිදුවිය හැකි අගතිය වැළකෙනවා. ගිහියන්ට එආකාර විනය පැනවීමක් කර නැහැ.

බුද්ධ ශ්‍රාවක යැයි පවසන හෝ හඟවන ගිහියන් විසින් සිදුකෙරෙන යම් ධර්ම විකෘතියක් වේ නම්, ධර්ම විකෘති කටයුතුවලට ඔවුන් හෝ අන්‍ය දෘෂ්ටිකයින් සෘජුව හෝ වක්‍රව සහය දේ නම් එබඳු අයහපත් ක්‍රියා වළක්වා ගැනීමට ත්‍රිපිටක සංරක්ෂණ පනතක් සහ අවශ්‍ය නම් තවත් නීති පැවතීම සුදුසුයි.

බුද්ධ ශ්‍රාවක යැයි පවසන හෝ හඟවන පැවිද්දන් විසින් සිදුකෙරෙන යම් ධර්ම විකෘතියක් වේ නම්, එබඳු ධර්ම විකෘති කටයුතුවලට එබඳු පැවිද්දන්ගේ සෘජුව හෝ වක්‍රව සහය දීමක් වේ නම් එබඳු අයහපත් ක්‍රියා වළක්වා ගැනීමට බුදුරජානන් වහන්සේ විසින් පනවා ඇති විනයට අනුව කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා ඔවුන් උදෙසා අතිරේක නීති පැනවීමක් අවශ්‍ය කරන්නේ නෑ.

තවද බුද්ධ ශ්‍රාවක යැයි නොපවසා, නොහඟවා එහෙත් බුද්ධ ධර්මය යැයි අධර්මය ප්‍රචාරය කරන අයගේ එම අයහපත් ක්‍රියා වළක්වා ගැනීමට ත්‍රිපිටක සංරක්ෂණ පනතක් සහ අවශ්‍ය නම් තවත් නීති පැවතීම සුදුසුයි.

අන්‍යාගමිකයින් විසින් සිදු කරනු ලබන බුද්ධ ධර්මය විකෘති කිරීමක් වෙතොත් එය වැළැක්වීමට ප්‍රතිපාදන පනතක් තුළ තිබීම සුදුසු උවත් අන්‍යාගමිකයින් විසින් ඔවුන්ගේ ධර්මයන්ට ශාස්ත්‍රානුකූල ලෙස ත්‍රිපිටකයද ඇතුළු බුදුරජානන් වහන්සේට, ධර්මයට, සංඝයාට ගැරහීමක්, අවමන් කිරීමක්, විහිළුවට ගැනීමක් ආදී නොමනා ක්‍රියා කරයි නම් එබඳු ක්‍රියාවන් දඩුවම් දීය යුතු වැරදි ලෙස ත්‍රිපිටක සංරක්ෂණ පනත තුළ සදහන් නොවිය යුතු යැයි මම හිතනවා.

පනත් කෙටුම්පතේ ඇති අඩුපාඩු

මට දකින්නට ලැබුණු නිල වශයෙන් ප්‍රසිද්ධ කෙරී නොමැති ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත සකස් කොට ඇත්තේ බුදු දහම පිළිබඳ නිසි අවබෝධයක් ඇති අයෙකු හෝ පිරිසක විසින් බව මට නම් පෙනෙන්නේ නෑ. ධර්මයට විනයට ගැළපෙන්නේ නැති බහුභූත අදහස් ද එහි අඩංගුයි.

එම කෙටුම්පතට අනුව බුදුරජානන් වහන්සේ ශ්‍රාවක සංඝයාට පනවා ඇති විනයෙන් විසඳිය යුතු දෑ සමහරක් ද පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා පනතකින් කර ගන්නට යෑමක් දක්නට ලැබෙනවා. උදාහරණයකට සියම් නිකායේ මල්වතු පකිස් බූරු පාර්ශවයේ පිටිදූවේ පකිස් බූරුවාට, ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමිට, හැගොඩ විපස්සි හිමිට හෝ ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දාට විරුද්ධව කටයුතු කරන්න බුදුරජානන් වහන්සේ විසින් පනවා ඇති විනය පැවතියදී ගිහියන් විසින් සම්මත කරගන්නා නීති කුමටද? බුදුරජානන් වහන්සේ පනවා ඇති විනය පැවතියදී එම විනය බැහැර ලා එයින් කරගත යුතු දෑ ගිහියන් විසින් සම්මත කරගන්නා නීති රාමුවකට යටත් කිරීමට ගෙන ඇති උත්සාහය නින්දිත ක්‍රියාවක්.

බුදුරජානන් වහන්සේ පනවා ඇති විනය පැවතියදී එම විනය බැහැර ලා එයින් කරගත යුතු දෑ ගිහියන් විසින් සම්මත කරගන්නා නීති රාමුවකට යටත් කිරීමට ගෙන ඇති නින්දිත උත්සාහයට පාදක වී ඇත්තේ මෙකල ඉන්නා පැවිදි පිරිස අතුරෙන් බොහෝ දෙනෙක් විනය බැහැර ලා කටයුතු කිරීම විය යුතුයි. ඊට පිළියම නම් භික්ෂූන් වහන්සේලා එකට එකතුව එක් එක් භික්ෂුව විනය පිළිගන්නවා ද, නොපිළිගන්නවා ද යැයි විමසා බලා නොපිළිගන්නා භික්ෂූන්ව පැවිද්දෙන් නෙරපීම. එසේ නොකර බුද්ධ විනය යටපත් කොට ගිහියන්ගේ නිතී හරහා සසුන පවත්වාගන්න ක්‍රියා කිරීම බුදුරජානන් වහන්සේගේ විනයට කරන අපහාසයක්. බුදුරජානන් වහන්සේ නමක් පනවන විනයට වඩා හොඳ විනයක් පනවන්න ගිහියන්ට ඇති හැකියාවක් නෑ.

එසේ වෙතත් බුද්ධ විනය යටපත් නොවන ලෙසට, බුද්ධ විනය ඉස්මතු වන ලෙසට ගිහියන් විසින් සම්මත කරගන්නා නීති රීති ඇත්නම් ඒවා අගය කළ යුතුයි. මනාව පැවිද්දෙන් නෙරපන ලද පුද්ගලයින්ට පැවිදි වේශයෙන් හැසිරෙන්න ඉඩ නොදීම එබන්දක්. තව බුද්ධ ශ්‍රාවක බව පවසන හෝ හඟවන පැවිද්දන්ගෙන් අන්‍ය වූ පිරිස් කෙරෙහි බලපවත්වන පෙර පවසා ඇති ආකාරයේ නීති රීති සම්මත කර ගැනීමේ දෝෂයක් නැහැ.

උක්ත පනත් කෙටුම්පතේ ඇති තවත් අන්ධබාල සදහනක් නම් පිහිටුවනු ලබන ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයට උපදෙස් ලබාදෙන උත්තරීතර අනුශාසක කමිටුවකට මහානායක පදවි දරන්නන් නම් කර තිබීම. එවන් තනතුරු දරන්න මහානායක පදවි දරන නූතන දේවදත්ත හැත්තට ඇති සුදුසුකම් මොනවාද? මහානායක පදවි දරන්නන් නූතන දේවදත්ත හැත්තක් සේ දැකිය යුත්තේ ඇයි දැයි යන්න "ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේවදත්ත පරපුරේ උපදේශක මණ්ඩලයක් පත්කර ගනියි" යන ලිපියට අනුව වටහා ගන්න පුළුවන්. මේ එක දේවදත්තයෙක් සියම් නිකායේ මල්වතු පකිස් බූරු පාර්ශවයේ පිටිදූවේ පකිස් බූරුවාව පැවිද්දෙන් නෙරපන්න තවමත් කටයුතු කරලා නැහැ. තවත් මේ දේවදත්තයෙකුගේ කෙරුවාව කෙබදු ද යන්න "රාමඤ්ඤ නිකායේ දෙව්දත් පරපුරේ තුච්ඡ පුද්ගල මකුලෑවේ විමල රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දාව අගය කරමින් ස්වකීය මෝඩකම ප්‍රදර්ශනය කිරීම" යන ලිපියෙන් දකින් පුළුවන්. ඉතින් මෙබඳු භික්ෂු වේශධාරින්ව උත්තරීතර අනුශාසක කමිටුවට පත් කිරීමෙන් කවර ඵලක් ද? මොවුන්ගෙන් කුමක් බලාපොරොත්තු වන්නද?

තවද පිහිටුවනු ලබන ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයට සාමාජිකයින් පත් කිරීමේදී ඉන් බොහෝ පිරිසක් මහානායක පදවි දරන නූතන දේවදත්ත හැත්ත විසින්ම නම් කරනු ලබන බව දැක්වෙනවා. එසේ සැකසෙන මණ්ඩලයට ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය නොව දේවදත්ත බල මණ්ඩලය යැයි කීම සුදුසුයි. ආරක්ෂාව පිණිස නරියන්ට කුකුළන් බාර දීමක් ගැන උපමා වශයෙන් මේ ක්‍රියාව ගැන හිතන්න පුළුවන්.

තවද එම මණ්ඩලයට සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලයේ සාමාජිකයින් ද ඇතුලත්. මේ අන්ධබාල හැත්ත ත්‍රිපිටකයට කුමක් කර ඇති දැයි නොදන්නා අය උපමා වශයෙන් හෙණ ගැසූ පොල් ගසක් ගැන හිතා බැලීම සුදුසුයි.

මණ්ඩලයට තවත් යම් යම් ආයතන ප්‍රධානීන්, අංශ ප්‍රධානීන් ආදී පුද්ගලයින් ද තවත් යම් යම් පිරිස් ද ඇතුලත් බව කෙටුම්පතේ දැක්වෙනවා.

පහත දැක්වෙන්නේ නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කෙරී නොමැති පනත් කෙටුම්පතෙහි මදය නොදක්වා සුදු හුණු ගෑමේ ක්‍රියාවන් දැක්වෙන වීඩියෝවක්:

ඉහත වීඩියෝවේ දැක්වෙන සිවුරු දරා ඉන්න පිරිසෙන් එක් අයෙකු නම් දේශපාලනය වෙනුවෙන් බුද්ධ ධර්මයත් විකෘති කිරීම ගැන ප්‍රසිද්ධියක් ඇති මැදගොඩ අභයතිස්ස පුස් ආචාර්ය තුමා. ඒ පිළිබඳ වැඩි විස්තර "මාන්කඩවල සුදස්සන හිමිගේ නරිවාද ලබුවිජ්ජා සම්භාෂණය" යන ලිපියෙන් දකින්න පුළුවන්. එහි දැක්වෙන සිවුරු දරා ඉන්න තවත් අයෙකු නම් පැවිද්දන්ට නුසුදුසු දේශපාලනයේ යෙදී පාර්ලිමේන්තුවට ද ගිය නැතුවට දේශපාලක සහ සබරගමු විශ්වවිද්‍යාල සේවක ඕමල්පේ සෝභිත මහතා. තවත් අයෙකු නම් මේ වීඩියෝවද සාක්ෂියක් වන බාලයන් ඇසුරු කරන කොත්මලේ කුමාරකස්සප ගල් වැද්දා. බුදුරජානන් වහන්සේ නොයෙක් අයුරින් බාලයන් ඇසුරු කිරීම ප්‍රතික්ෂේප කර තිබියදී බාලයන් ඇසුරු කරන කොත්මලේ කුමාරකස්සප හිමිට ගල් වැද්දා යැයි කීමේ කවර වරදක් ද? අනිත් කෙනා ගැන නම් මම දන්නේ නෑ. ඉතින් සටකපට දේශපාලකයොයි, විශ්වවිද්‍යාල සේවක මහත්තුරුයි, ගල් වැද්දොයි කියන පිළිවෙලට ද බුද්ධ ශාසනය කළ යුත්තේ? මෙවන් පිරිස් කියන දෑ කියන පමණින් පිළි නොගත යුතුයි.

සැකෙවින් කියුවොත් කෙටුම්පතේ දැක්වෙන උත්තරීතර අනුශාසක කමිටුවට සහ ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයට පත්කෙරන පුද්ගලයින් බොහොමයක් ධර්මයට විනයට අනුකූල ආකාරයකට නොවෙයි පත් කෙරෙන්නේ. මෙවන් කටයුතුවලට සුදුසු තැනැත්තන් කවර ආකාරයේ අය විය යුතු ද යන්න ත්‍රිපිටකයෙන්ම සොයා ගන්න පුළුවන්. සුදුස්සන්ව පත් කිරීමට යෝජනා නොකර නුසුදුස්සන්ව පත් කිරීමට යෝජනා කර තිබීමම මෙම කෙටුම්පත සකස් කළ මෝඝ පුද්ගලයාගේ හෝ මෝඝ පිරිසගේ ශාසන විලෝපීය ක්‍රියාවක් ලෙස දැකීම සුදුසුයි. මෙසේ සකස් කෙරෙන නීතිවලින් බුදු සසුනට කවර පිළිසරණක්ද?

තවද යෝජිත පනත් කෙටුම්පතේ දැක්වෙන දඩුවම් ලැබිය හැකි වැරදි ලෙස සදහන්ව ඇති සමහර ක්‍රියාවන් එසේ සැලකීමේ නුසුදුසු භාවයන් පවතිනවා.

යමෙකුට යම් දහම් කරුණක් පිළිබඳ වෙනස් අර්ථනිරූපනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම් එය වැළැක්වීම සුදුසු නැහැ. එබඳු ක්‍රියාවක් දඩුවම් ලැබිය යුතු වැරැද්දක් ලෙස පූර්වකථනය කිරීම ධර්මයට විනයට ගැළපෙන්නේ නෑ. සුදුසු වන්නේ එබඳු අර්ථනිරූපනයක වැරැද්දක් ඇත්නම් එය පෙන්වා දී නිවැරදි බවට යොමුකිරීම සහ එසේ නිවැරදි බවට පත් නොවී දිගින් දිගටම යම් කිසිවෙක් විකෘතියක් පවත්වා ගැනීමට කටයුතු කරයි නම් එබඳු අවස්ථාවන්හිදී එම පුද්ගලයාව සුදුසු දණ්ඩනයකට යටත් කිරීම.

සම්බුද්ධත්ව ජයන්ති ත්‍රිපිටක මාලාවේ ද බොහෝ නොවූවත් යම් යම් තැන්වල අඩුපාඩු පවතිනවා. එබඳු තැන් හඳුනාගෙන ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කරන අයටත් යෝජිත පනත් කෙටුම්පතට අනුව දඩුවම් විඳින්න සිද්ධ වෙනවා. එයද යෝජිත පනත් කෙටුම්පතේ ඇති අඩුපාඩුවක්.

තවද ත්‍රිපිටකය සම්පූර්ණ ලෙස, ග්‍රන්ථ තනි තනිව හෝ කිහිපයක් වශයෙන් ත්‍රිපිටක මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඉදිරිපත් කිරීම වරදක් ලෙස සැලකීම සුදුසුද? මේ කාලයේ එසේ කෙරුමට තරම් උවමනාවක් නැති බවයි මගේ වැටහීම. යම් වෙනස් කිරීමක් කර ඉදිරිපත් කරනවා නම්, නව පරිවර්තනයක් කර ඉදිරිපත් කරනවා නම් ආදී අවස්ථාවක පූර්ව අනුමැතියට යටත් කිරීම සුදුසු බවයි මගේ හැඟීම. එසේ වෙතත් දැනට සිදුවන සහ මතු සිදුවන ත්‍රිපිටක ප්‍රසිද්ධ කිරීම් පරික්ෂා කොට බලා නොමනා ක්‍රියාවන් වේ නම් ඒවා වැළැක්වීම පිණිස භාවිතා කළ හැකි නීතිමය බලයක් පැවතීම සුදුසුයි.

මගේ නිගමනය

ත්‍රිපිටක සංරක්ෂණ පනතක් පැවතීම බොහෝම අගෙයි. එමගින් රාජ්‍යය පාලනය මගින් බුද්ධ ධර්මය ආරක්ෂා වීම යම් පමණකින් ස්ථාපිත වෙනවා. හැබැයි මට දැක ගන්නට ලැබුණු නිල වශයෙන් ප්‍රසිද්ධ කෙරී නොමැති ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත නම් ධර්මයට විනයට ගැළපෙන්නේ නැති කරුණු ද අඩංගු සහ මෝඝ පුද්ගලයෙකුගේ හෝ මෝඝ පුද්ගලයින් පිරිසකගේ සකස් කිරීමක්. එහි අඩුපාඩු සකස් වී සම්මත වීම සුදුසුයි.

සබැඳිය: