යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනතේ හෙලුව - II

තවමත් ගැසට් කෙරීමක් සිදුව නොමැති යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත කෙටුම්පතක් වශයෙන් බුද්ධශාසන අමාත්‍යාංශය විසින් මේ වන විට නිල වශයෙන් ප්‍රසිද්ධ කරනු ලැබ තිබෙනවා. අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ "ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධව සියලු දෙනාගේ දැන ගැනීම පිණිසයි" යන සබැඳියට අදාළ වෙබ් පිටුව වෙත ගොස් එය බාගත කර ගැනීමට පුළුවන්. ඒ පිළිබඳ ඇති නිරීක්ෂණ සහ නිර්දේශ ලිඛිතව 2021 අගෝස්තු මස 06 දින පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී බුද්ධශාසන අමාත්‍යාශ නිලධාරීන් වෙත ඉදිරිපත් කළ හැකි බව ද එම වෙබ් පිටුවේ දැක්වෙනවා.

යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත පිළිබඳ මවිසින් පෙර ලියන ලද ලිපියේ සඳහන් බොහෝ දෑ පනත් කෙටුම්පතේ නව සංස්කරණයටත් වලංගු බවයි පෙනෙන්නේ. නව සංස්කරණයේ දැකිය හැකි නව කරුණු දෙකක් පිළිබඳ සටහන් තබන්න කැමතියි.

යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයට නිල බලයෙන් පත්වන සාමාජිකයෙකු ලෙස විදුලි සංදේශ අධ්‍යක්ෂ ජනරාල්වරයාව ද ඇතුලත් කර තිබෙනවා. වර්තමානයේ එම නිලය හොබවන්නේ ඕෂධ සේනානායක නම් ලැජ්ජා නැති තුච්ඡ පුද්ගලයායි. යූටියුබ් වෙබ් අඩවිය හරහා බුදු දහම විකෘති කිරීමට අදාළාව මොහු සමඟ සාකච්ඡා කෙරුමට අවස්ථාවක් ලබා දෙන්නැයි පෙර කලෙක මවිසින් ඉල්ලා සිටියත් මේ පුද්ගලයා ඊට කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නෑ. අන්තර්ගතය නියාමනය කොමිසමට අදාළ නැතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අන් තුච්ඡ නිලධාරිනියක විසින් මා වෙත නොමඟ යැවීමක් කෙරෙන ප්‍රකාශයක් එවනු ලැබ තිබුණා. විදුලි සංදේශ පනතට අනුකූලව ස්වකීය වගකීම් ඉටුකරන්න මැලි වන, ත්‍රිපිටක ධර්මය විකෘති කිරීම ගැන තැකීමක් නොකරන, සමාජය පිරිහෙන්න ඉඩ දී පුටු රත්කරන, ජනතාව රවටන මෙවන් බත් බැළයෙකු ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයට නිල බලයෙන් පත්වීම කෙබඳු විහිළුවක් ද? මෙබඳු කාලකණ්ණින්ටත් නොවැ පනතින් දඩුවම් දිය යුත්තේ!

එපමණකුත් නොවෙයි. මෑතකදී පහලොස් හැවිරිදි දැරියක අපයෝජනයට ලක්වීමට අදාළ නඩුවේදී අසභ්‍ය වෙබ් අඩවිවලට කුමක් කරන්නේදැයි අධිකරණය විමසූ විට ඒ ගැන පනතේ හරිහැටි නැතැයි ද, පනත අධ්‍යයනය කරන්ඩ ඕනෑ යැයි ද පවසා අධිකරණය නොමඟ යැවීමට උත්සාහ ගත්තෙත් මේ ඕෂධ සේනානායක නම් ලැජ්ජා නැති තුච්ඡ පුද්ගලයාමයි. ඒ කීම නිසා මොහුගේ නියෝජිතවරිය අධිකරණයෙනුත් ගැරහුම් ලැබුවා. සාමාජයට පිලිලයක් වන මෙවන් පුද්ගලයෙකුව නිල බලයෙන් ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයට පත්කර කුමක් ලබන්නද? ඉන් ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය පිළිබඳ හිරිකිතයක් උපදවා ගන්න නම් පුළුවන්.

යෝජිත මණ්ඩලයට නිල බලයෙන් පත්වන සාමාජිකයින් ලෙස විශ්වවිද්‍යාල කිහිපයක උපකුලපතිවරුන් විසින් නම් කරනු ලබන සාමාජිකයන් කිහිප දෙනෙකු ද ඇතුලත් වන බව පනත් කෙටුම්පතේ සඳහන්ව තිබෙනවා. ඒ එක් විශ්වවිද්‍යාලයක් වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වන එන්. එල්. ඒ. කරුණාරත්නව දැක්වෙන වීඩියෝවක් පහත දැක්වෙනවා:

ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුපත සැකසූ පිස්සන් පිරිසට මේ වීඩියෝවේ දැක්වෙන ආකාරයේ පුද්ගලයින් විසින් නිල බලයෙන් ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයට සාමාජිකයින්ව පත්කරනු ලැබීම ගැන කීමට ඇත්තේ කුමක් ද?

පනත් කෙටුම්පත පිළිබඳ මගේ නිරීක්ෂණ:

ධර්මයට විනයට නොගැළපෙන කරුණු අඩංගු මේ පනත් කෙටුම්පත මහජනයාට දක්වා නිරීක්ෂණ සහ නිර්දේශ ලබා ගැනීමට තරම් සුදුසු ගුණාත්ම තත්වයක නැහැ. මේ සංස්කරණයට අනුව නම් පනතින් බුද්ධ ශාසනයට බරපතල හානියක් සිදුවිය හැකියි.

යම් පුද්ගලයෙක් අසූචි පිරුණු මල්ලක් ගෙන මෙය සුගන්ධවත් කෙරුමට නිරීක්ෂණ සහ නිර්දේශ ඉදිරිපත් කරන්න යැයි ඉල්ලීම කෙබඳු විහිළුවක් ද? මේ වන විට ප්‍රසිද්ධ කරනු ලැබ ඇති ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ නිරීක්ෂණ සහ නිර්දේශ ඉල්ලීමත් එබඳුයි.

පනත් කෙටුම්පත පිළිබඳ මගේ නිර්දේශ:

මෙය සෑදූ පිස්සන් රැළට මෙය හකුලා ගන්නා ලෙස නිර්දේශ කරමි. ධර්මයට විනයට අනුකූල පනතක් සකසන ලෙස නිර්දේශ කරමි.

සබැඳි:

  1. යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනතේ හෙලුව - I
  2. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
  3. EndChannel / Resources / Letters