ගෑණු ඔක්කොම එකයි, නම විතරයි වෙනස්?

සෑහෙන කාලයක සිට දන්නා හඳුනන ඉංජිනේරු ක්ෂේත්‍රයේ විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ මහාචාර්යවරු පිරිසක් දින කිහිපයකට ඉහතදී මා හට අහම්බයෙන් මුණගැසුනා. ඔවුන් සමඟ විනාඩි දහයක් පමණ පැවති සතුටු සාමිචි කථාවේදී කොහොමින් කොහොමින් හරි බිරින්දෑවරු ගැන කථාවක් ඇතිවුනා. මට මතක ඇති පමණින් මෙබදු කථාවක් එහිදී සිදුවුනා:

මම: වයිෆ්ලා ඉතින් ඔක්කොම එකයි. එක එක්කෙනාගේ කියන්ඩ තරම් වෙනසක් නෑ.

ඒ කීමෙදී මගේ හිතේ තිබුණේ කාන්තාවන්ගේ නුගුණ. පිරිස අතර විහිළුවට හෝ ඒ පිළිබඳ යම් එකඟත්වයක් පැවතියා.

මම (තත්පර කිහිපයකට පසු): ඒ උනාට ඉතින් වයිෆ් කියන කෑල්ලත් අයින් කරලා දාන්න පුළුවන්.

එක් මහාචාර්යවරයෙක්: කවුදෝ එහෙමත් කියලා තිබුණා. "ගෑණු ඔක්කොම එකයි, නම විතරයි වෙනස්".

මම (මද වේලාවකට පසු): ඒ උනාට ඉතින් බොහෝම කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා වෙනස් අය.

වෙනත් මහාචාර්යවරයෙක් (එකඟත්වය දක්වමින්): ඕ... එහෙම ඉන්නවා නේද?

දශක කිහිපයකට පෙර නොමේරූ අදහස් ඇති මම හිතාගෙන හිටියේ කාන්තාවන් කියන්නේ පිරිමි වගේ දඩබ්බර බවක් නැති, පිරිමින්ට වඩා තැන්පත් බවක් ඇති, සුමට ලාලිත්‍යයක් ඇති, එකිනෙකා පිළිබඳ මිත්‍රත්වයකින් කටයුතු කරන පිරිසක් ලෙස. මගේ ඒ අදහස වැරදි බව ඒ කාලයේදීම යම් කාන්තාවක් මට පැවසුවා.

පසු කාලීනව මමම කාන්තාවන්ගේ සැබෑ ස්වරූපය දුටුවා. අල්ප ප්‍රඥාවන්ත බව, ඉරිසියාකාර බව, චපල බව, කෙළෙහිගුණ නොදත් බව ආදී විවිධ නුගුණ මමම දුටුවා.

මට කාන්තාවන් පිළිබඳව පවතින්නේ කණගාටුව මුසු හැඟීමක්. වචනවලින් කිව්වොත් මෙහෙමයි:

"ගැහැණු උනත් පිරිමි උනත් අපි හැමෝම දුකට පත් මිනිස්සු. දුකට පත් අපිට ඒ දුකින් මිදෙන්න බුදුන්, දහම්, සඟුන් සරණ හැර වෙන මොන සරණක් ද? එහෙම උනත්, අයියෝ, පිරිමියෙක් නොවී කාන්තාවක් වීම කෙතරම් අභාග්‍යක්ද? මේ අයට වැටහෙන්නෙත් නෑ තමන්ම කරන දෙයින් තමන්ම කරදරේ වැටෙනවා කියලා. අවිද්‍යාවේ හොඳටම ගිළිලා. ගොඩ ඒමක් නම් නැති තරම්."