අන්ධබාල සේපාල් අමරසිංහගේ තුච්ඡ අරමුණ

විශේෂ සටහන: ඉහත වීඩියෝවේ සේපාල් අමරසිංහ විසින් පවසනු ලබන ළාමක අසභ්‍ය වචන අන්තර්ගතව ඇත. සුදුසු පරිසරයක සිට උපේක්ෂා සහගතව ශ්‍රවණය කිරීම සුදුසුයි.

සේපාල් අමරසිංහ නම් මාධ්‍යවේදියා විසින් සෑහෙන කාලයක සිට යූටියුබ් වෙබ් අඩවියේ පළ කරණු ලබන වීඩියෝවලින් සුළු ප්‍රමාණයක් මම ද නරඹා තිබෙනවා. විශේෂයෙන්ම මේ පුද්ගලයා බුදු දහමට අදාළ දෑ පිළිබඳ දක්වන අදහස් කවරාකාර ද, මේ පුද්ගලයා කවර අරමුණකින් එම අදහස් දක්වනවා ද යන්න පිළිබඳ මම බොහෝ කලක සිටම විමසිලිමත්ව සිට තිබෙනවා. මට ඒ කාලයේදීම වැටහුණු දෙයක් නම් සමාජයේ භික්ෂූන් වහන්සේලාට ඇති පිළිගැනීම ගැන මේ පුද්ගලයා තුළ නොසතුටක් ඇති බව. ඊට හේතුව ලෙස මම දුටුවේ මේ පුද්ගලයාගේ ඇති දේශපාලනමය අදහස් හුදු මතවාදයමය වශයෙන් සමාජයේ පැතිරවීමට හෝ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරගැනීමට හෝ ඔය දෙකම කරගැනීමට භික්ෂූන් වහන්සේලා බාධාවක් සේ මේ පුද්ගලයා දැකීම. සමහරවිට අමතර හේතු ද පවතින්න පුළුවන්. එබැවින් සමාජයේ භික්ෂූන් වහන්සේලාට ඇති පිළිගැනීම නැතිකිරීමට මේ පුද්ගලයා විවිධාකාර අන්ධබාල කථා වීඩියෝ හරහා සමාජගත කරන බව මම දුටුවා. සමහර ඒ වීඩියෝවල භික්ෂූන් වහන්සේලාට දොස් නැඟීම් පවතිනවා, සමහර අවස්ථාවල ධර්මයට ගරු කරන බවක් දක්වමින් බුදුදහමට විකෘති අර්ථ ආරෝපණය කරමින් පිරිසිදු ධර්මය කෙරෙහි මිනිසුන් තුළ පවත්නා පැහැදීමට හානි කිරීම් පවතිනවා. පසුගිය කාලයේ සේපාල් අමරසිංහටම හිරේ වැටෙන්නට සිදුවූ දළඳා වහන්සේට අපහාස කිරීම සේපාල් අමරසිංහගේ තවත් එවන් තුච්ඡ ක්‍රියාවක්. සේපාල් අමරසිංහගේ මේ අන්ධබාල ක්‍රියාවලින් මිනිසුන් වැඩිපුර මෝඩයින් වී තමන්ගේ පිරිහීම ඉක්මනින් ළඟා කරගන්නවා මිස ඔවුන්ගේ ප්‍රඥාව දියුණු වී මෙලොවත් පරලොවත් අභිවෘද්ධියක් ඇතිකරගැනීම නම් සිදුවන්නේ නැහැ.

මේ ලිපිය ලියන්න පැය කිහිපයට පෙර සේපාල් අමරසිංහ විසින් යූටියුබ් වෙබ් අඩවියේ පළ කරනු ලැබ ඇති වීඩියෝවක සේපාල් අමරසිංහ තමන්ගේ අරමුණ ගැන තමන්ගේම වචනයෙන් පවසා තිබෙන අයුරු මම දුටුවා. ඉහත දක්වා ඇත්තේ එම වීඩියෝව. එහි කාලය 07:42 පමණ සිට 08:50 පමණ දක්වා එම අදහස් දැක්වීම අඩංගුයි.

මිනිසුන් තුළ ඇති ආගමික නැඹුරුව සේපාල අමරසිංහ නම් මේ ගොං හරකා දකින්නේ උගුළක් ලෙස. රට දියුණු කරන්නත් එය බාධාවක් ලු. ඉතින් සේපාල් අමරසිංහ නම් මේ ගොං හරකා උත්සාහ කරන්නේ මිනිසුන් ආගම් කෙරෙහි දක්වන විශේෂ සැලකිල්ල යටපත් කිරිමට. එහිදී බුදු දහම සේපාල් අමරසිංහගේ විශේෂ ඉලක්කයක් විය යුතු බව අමුතුවෙන් කිව යුතු දෙයක් යෑ? ඉතින් සේපාල් අමරසිංහට තමන්ගේ අරමුණ ඉටු කරගැනීම පිණිස කරන්ඩ වෙන්නේ සෘජුව හෝ වක්‍රව භික්ෂූන් වහන්සේලාගේ සැබෑවටම ඇති වටිනාකම සඟවා ඔවුන් නොවටිනා පිරිසක් බවට හංවඩු ගැසීම, ධර්මයත් නොවටිනා දෙයක් බවට සමාජයට ඒත්තු ගැන්වීමට කටයුතු කිරීම, බුදුරජානන් වහන්සේ උවත් ගණන් ගත යුතු නැති පුද්ගලයෙකු බව හුවා දැක්වීම. ඒ අවසානයට දැක්වූ කරුණට සේපාල් අමරසිංහ දළඳා වහන්සේට ලබ්බක් යැයි කීම හොඳින්ම ගැළපෙන උදාහරණයක්.

රටේ දියුණුවට බුදු දහම බාධාවක් ද? මෝඩ පුද්ගලයින් අනුවණකමින් එසේ සිතනවා. සති කිහිපයකට පෙර මම යම් යම් අය සමඟ පැවති සාකච්ඡාවලදී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය පිළිබඳ මීට අදාළ අදහස් දැක්වීම් කළා. මම පැවසුවේ රට ආර්ථික අර්බුදයකට වැටීමට මූල කාරණය මිනිසුන්ගේ ආධ්‍යාත්මික පිරිහීම බව සහ රට ස්ථිරසාරව ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට නම් මිනිසුන්ව පන්සිල් ගැනීමට යොමු කළ යුතු බව. තවද මම පැවසූ දෙයක් නම් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පන්සිල් රකින්න යැයි කීම සමහර මිනිසුන්ට සිනා උපදවන කීමක් විය හැකි බව. නමුත් ඇත්ත නම් එසේමයි. මිනිසුන්ට පහසුවෙන් පේන දෙයක් නම් රටේ ආර්ථික අර්බුදයට දූෂණය, වංචාව, හොරකම, මැර ක්‍රියා, අසාධාරණය, බලයට කෑදරකම ආදිය හේතු වන බව. ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පන්සල් රකින්න යැයි කීම මෝඩපහේ අදහසක් යැයි සිතා ඊට සිනාසෙන අය ඒ දක්වන ලද විෂමාචාරයන් නොවෙන්න සමාජ පද්ධතියේ සිදුවිය යුතු වෙනස්කම කුමක් විය යුතු දැයි සිතා බැලීම වටිනවා.

රටේ දියුණුව පිණිස පද්ධති වෙනසක් (සිස්ටම් චේන්ජ් - system change) සිදුවිය යුතු බව පසුගිය කාලයේ බොහෝ උස් හඩින් අපට අසන්න ලැබුණා. වර්තමානයේත් බොහෝ දෙනෙක් එසේ පවසනවා. මමත් එසේ සිතනවා. මම හොඳින් විමසා බලාම මෙසේත් කියනවා:

"රටේ ස්ථිරසාර දියුණුව පිණිස සිදුකෙරෙන පද්ධති වෙනසක පදනම විය යුත්තේ පන්සිල් රකින සමාජයක්. එසේ නොවන දියුණු කිරීම් වැල්ලේ සාදන මාළිගා බඳුයි; පහසුවෙන්ම කඩා වැටෙනවා. පන්සිල් රකින සමාජ පදනමක් මත සිට භෞතික දියුණුව සහ ආධ්‍යාත්මික දියුණුව යන ද්විආකාරයේම දියුණුව ඇතිකිරීම ඉතාම පහසුයි. අනෙක එසේ ඇතිකරගන්නා පුද්ගලික වේවා රටේ වේවා දියුණුවේ ස්ථිරසාරභාවය ඉහළයි."

සේපාල් අමරසිංහගේ අරමුණයට අනුව යමින් බුදුන්, දහම්, සඟුන් සෘජුව හෝ වක්‍රව පහත දමමින් ආගමික නැඹුරුවට අඩු වටිනාකමක් දී කටයුතු කළ යුතු ද? මේ තමන්ටත් අන් අයටත් කරන්ඩ පුළුවන් නින්දිත, තුච්ඡ, අවලං ක්‍රියාවක්. බුදුරජානන් වහන්සේ, ධර්මය සහ සංඝයා අප සලකන්නේ අපේ වාසනාවට අපට ලැබී ඇති සරණ තුනක් ලෙස. ඒ සහේතුවකව සහ බුද්ධිමත්ව මිස අහේතුකව හෝ මෝඩකමින් නොවේ. මේ ගැන වැඩි වැටහීමක් නොමැති නම් "ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො..." ලෙස ආරම්භ වන බුදුරජානන් වහන්සේගේත්, ධර්මයේත්, සංඝයාගේත් ගුණ පිළිබඳ කියැවෙන ගාථාවල අර්ථ මොනවා දැයි හොඳින් විමසා බැලීම වටිනවා.

සීලය මනාව නොරකින සහ දුසිල්වත් භික්ෂූන් ලංකාවේ බහුළ ලෙස ඉන්නවාමයි. හැබැයි එසේ වූ පමණින් උතුම් බුද්ධ රතනය, උතුම් ධම්ම රතනය, උතුම් සංඝ රතනය නොවටිනා සේ දකිනවා නම්, ඒ උතුම් බවට පිටුපා සෘජුව හෝ වක්‍රව කටයුතු කරනවා නම් එබඳු ගොං හරක්ම තමයි තමන්ගේ දියුණුවටත්, අන් අයගේ දියුණුවටත්, රටේ දියුණුවටත් හානි කරන්නේ. සේපාල් අමරසිංහ අන්න ඒ වාගේ ගොං හරකෙක්. ආගම නැතුව දියුණුව? අනේ ගොනෝ! මට මතක් වෙනවා මේ වාගේ තවත් එක ගොං හරකෙක් ගැන. ඒ හරකාගේ නම අත්තනායක එම් හේරත්. ඒ පිළිබඳ වැඩි විස්තර සඳහා පහත දක්වා ඇති අදාළ සබැඳියෙන් යොමුවන්න.

තවත් කරුණක් ගැන සඳහන් කළ යුතුයි. අන්ධබාල සේපාල් අමරසිංහ ඉහත වීඩියෝවේ අසභ්‍ය වචන භාවිතා කරන අයුරු දකින්න පුළුවන්. මෙවන් වීඩියෝ සමාජයේ ප්‍රසිද්ධ කිරීමෙන් සමාජයේ දියුණුවක් සිදුවෙනවා ද? භික්ෂුවකට වේවා, වෙනයම් අයෙකුට වේවා යම් නිග්‍රහයක් කළ යුතු නම් ඊට සුදුසු වචන මොනවා ද, නුසුදුසු වචන මොනවා දැයි සිතා බැලීම වටිනවා. අසභ්‍ය වචන දියුණුව අපේක්ෂාවෙන් කරන නිග්‍රහයකටවත් ගැළපෙන්නේ නැහැ. කෙලෙස් සහිත මිනිසුන්ගේ මුඛයෙන් අසභ්‍ය වචන ක්ෂණික කෝපය නිසා පිටවෙනවා නම් නුසුදුසු උවත් එය අසාමාන්‍ය නොවන සිදුවිය හැකි ස්වභාවයක් යැයි සිතාගන්න වත් පුළුවන්. කාලය ගෙන අසභ්‍ය කීම් ඇති වීඩියෝ සකසා සමාජයේ ප්‍රචාරය කිරීම? එයත් විය හැකි ස්වභාවයක් තමයි. ඒත් හිතා බලන්න වටිනවා එසේ කරන අයගේ කුණු ස්වභාවයේ තරම කොච්චරද කියලා. මේ පුද්ගලයාට ඕනෑ තරම් කාලය තිබුණා නේ තමන් කරන්න යන්නේ සමාජයට අනාදර්ශමත් ක්‍රියාවක් බව දැක ඒ ක්‍රියාව නොකර ඉන්න. අනුන්ට කරන්ඩ යන මොන දියුණුවක් ද තමන් පිරිහිලා? කුණුහරුප කීම මෝඩයින්ට කිරුළක්.

සිංහයෝ අසූචි තවරාගෙන අන් සතුන් සමඟ යුද්ධයට යනවා යෑ? අනිත් අතට අසූචි තවරාගෙන යුද්ධයට යන එකා සිංහයෙක් යෑ? කුණුහරුප කියමින් දිනන්ඩ උත්සාහ කරන සේපාල් අමරසිංහ ගැන කවර කථා ද?

සබැඳි:

  1. වල්පොල ගෝතම හිමි අත්තනායක එම් හේරත් නම් සර්පයා දුටුවා ද?