පිටිදූවේ පකිස් බූරුවා සහ චීත්ත දෙක

Submitted by Kamal Wickramanayake on

අලුත් චීත්තය:

[ කාලය 01:03 ]

ඉතින් මම ඉල්ලන්නේ මේ හාමුදුරුවොන්ට අපහාස කරන්න ඕන් නෑ. අපි ඉන්නේ පාර වැරදි නං කියන්න. අපි වැරදි නං අපිට පෙන්නන්න. එතකොට ප්‍රශ්නෙ හරිනේ. මේක වනචාරියා කියලා බණිනවා. කහකඩයා කියලා බණිනවා. දැං කලින් ආණ්ඩුවල මෙහෙම එකක් තිබුන් නෑ නේ. අපි මේකට විරුද්ධයි. මේකට විරුද්ධ විතරක් නෙවෙයි රට පුරාම අපි වැඩපිළිවෙලක් හදලා මේක ඉස්සරහට නොවෙන්න අවශ්‍ය පසුබිම හදනවා.
...
ළමයි ඉන්නවා, ගෑණු ඉන්නවා, [?] කතන්දර දාහක් කියනවා. ඉන්නවා නං එකෙක් හරි ගේන්න එපැයි ඉන්න තැනකින්.
...
දැං වෙන්නේ ඇත්තම කතාව මේ ආණ්ඩුවෙන් ෆන්ඩ් කරන, ආණ්ඩුවෙන් ආරක්ෂාව දෙන වාහන දීපු යූටියුබ් කල්ලියක් සමාජයේ වැඩකරන මිනිස්සු, හාමුදුරුවරු, බුද්ධාගමට ඔක්කොටෝම පොදුවේ මඩ ගහගෙන යනවා. ඒ මඩ ගහන්න හේතුව තමයි දැං විවේචනය සාධනීය නං එයට සෙවිය යුත්තේ පිළිතුරයි. මඩ ගැහීම නෙවෙයි. පිළිතුර නැති තැන නිර්මාණය කරනවා මඩ. ඕක තමයි අපි දකින බුද්ධියෙන් දැක්කාම අපිට තේරෙන දේ. මම කියන්නේ මේ මඩ ගහන් නැතුව ප්‍රශ්නයක් තියේ නං උත්තරයක් දුන්නහම ඉවර නේ. වැරැද්දක් තියේ නං හරිගැස්සුවාම හරි නේ.
...
විශාල අභියෝග. හාමුදුරුවරුවොන්ට වනචාරියෝ කියලා බණින්නේ. මොකක්ද ඒ පදනම? මොකක් හරි ප්‍රශ්නයක් තියේ නං මල්වත්තට ඇවිල්ලා හරි අස්ගිරියට ගිහිල්ලා හරි කියලා ඒවා බොහොම බුද්ධිමත්ව විසදාගෙන, සාකච්ඡා කරලා දෙගොල්ලෝ එකඟතාවයකට එන එකනේ කරන්න ඕනෑ. එකිනෙකාට බැණගත්තා කියලා ප්‍රශ්නෙ විසදෙන්නේ නැහැනේ? ඉතිං මොකක් ද මේ පදනම මම අහන්නේ?

 

පරණ චීත්තය:

"නාකි බල්ලෝ කවිච්චි උඩ ඉඳගෙන කෑ ගැහුවට සිංහයෝ ගුහාවල්වලින් එළියට එන්නේ නෑ!!!"

"කවිච්චියක් උඩ ඉන්න කහපාට නාකි බල්ලා"

"නාකි කවිච්චි උඩ ඉන්න රිලව්"

"අහල පහල අම්මණ්ඩිලාගේ චීත්ත ගැලෙව්වා"

 

සබැඳිය: